නවතම පුවත්

අනුරාධපුර පුරාවිදයා කෞතුකාගාරය ජාත්‍යන්තර ප්‍රමිතියෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

නවතම ජාතයන්තර සංරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරනු ලැබු නව ආර්ද්‍රතාහාරක කුටි  20 කින් සමන්විත ප්‍රතිසංස්කරණය කරන ලද අනුරාධපුර පුරාවිදයා කෞතුකාගාරය ඇමරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් විවෘත කරනු ලැබීය.

දශකයක් පුරා ක්‍රියාත්මක වූ ඇමරිකා එක්සත් ජනපදිකයන් අරමුදල් සැපයීමේ ප්‍රතිසංස්කරණ වයාපතිය සම්පුර්ණ කිරීම සනිටුහන් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කරන ලැබීය. එම කෞතුකාගාරයෙහි පවතින පුරාවස්තු එකතුව සංරක්ෂණය සඳහා වැඩිදියුණු කළ සංරක්ෂණ ක්‍රම හා උපකරණද ඇතුළත් වේ.

රන් ආලේප කළ පිළිම, ලෝකඩ පිළිම, පුරාණ කාසි, ඇඳුම් පැළඳුම් සහ විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරන ලැබු මෙවලම් සහ පුරාණ අනුරාධපුර නගරයේ ආකෘතීන් ද ඇතුළත් වන මෙම එකතුව  පුරාවිදයාත්මකව වැදගත් දුර්ලභ වස්තූන්ගෙන් සමන්විත වේ. අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාවේ විශ්මය ජනක උරුමය ආරක්ෂා කිරීමට එක්සත් ජනපද රජයට උපකාර කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි” යැයි තානාපතිනී ඇලීනා මහත්මිය පැවැසුවාය. 

එක්සත් ජනපද රාජය දෙපාර්තමේන්තුවේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපතිවරුන්ගේ අරමුදල (AFCP) 2015 දී ප්‍රදර්ශන  කුටි සහ පුරාවස්තු එකතුවේ ආරක්ෂාව සදහා ඇමරිකානු ඩොලර් 150,000 ක් ලබා දෙනු ලැබීය. 

අලුත්වැඩියා කරන ලද ගොඩනැගිල්කල් සවිකර ඇති නව ආර්ද්‍රතාහාරක කුටි  20 නවතම ජාතයන්තර සංරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇත. අළුතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක පද්ධතිය සහ ගිනි අනාවරක සහ ආපදා කළමනාකරණ සැලැස්ම් පිරිවැය මෙම ප්‍රදානයට ඇතුළත් වේ.


train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි