නවතම පුවත්

ආර්ථික අර්බුදය නිරාකරණයට සවුදියෙන් සහය පතයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වැඩ බලන සෞදි අරාබි තානාපති ගරු අබ්දුල්ලා ඔර්කෝබී මැතිතුමා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා අතර අතර හමුවක් අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම හමුව අතරතුර තානාපති තුමා සහ අමාත්‍යවරයා අතර රටට වැදගත් කරුණු රාශියක් සාකච්ඡා විය. රටවල් දෙකට බලපාන කාලගුණ විපර්යාසයන් වගේම පරිසර පද්ධතිය තුළ ඇති ජෛව විවිධත්වයන් පිළිබඳ සාකච්ඡා විය. මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා සවුදි අරාබි රජයේ සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීය. විශේෂයෙන්ම බොරතෙල් අඛන්ඩව සැපයීම පිළිබඳව රජයන් අතර අන්‍යෝන්‍ය එකගතාවයන් පිළිබඳවද සාකච්ඡා විය. ඉදිරියේදී සවුදි අරාබි රජයේ නායකයන් සමග සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම වසරේ හජ් වන්දනා ගමන පිළිබඳව ද අදහස් හුවමාරු විය. මෙම අවස්ථාවට නසීර් අහමඩ් අමාත්‍යවරයාගේ උපදේශක, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ටී. ඉසෙඩ්. ඒ. සම්සුදීන් මහතාද එක්වි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී