ඉන්දියාව යලි කොවිෂීල්ඩ් එන්නත අපනයනය කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව යළිත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අපනයනය කිරීම ආරම්භ කර තිබෙ

මේ මාසයේ සිට අදාළ අපනයන කටයුතු ආරම්භ කෙරෙන අතර මුල් වටයේදී නේපාලය ,බංගලාදේශය සහ මියන්මාරය වෙත එන්නත් මිලියනය බැගින් අපනයනය කිරීමට නියමිත බව සදහන්වේ .

ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කොවිඩ් මර්දන සටන තුළ පළමුවෙන්ම යොදාගත් එන්නතකි .

එය , ලොව පුරා රටවල් 78 කට අපනයනය කෙරැණු අතර ඉන්දියාවේ මතුවූ දරැණු කොරෝනා රැල්ල හේතුවෙන් එම සියලු අපනයනයන් නවතා දැමුනි

කෙසේවෙතත්, මේ වනවිට ඉන්දියාවේ කොරෝනා රැල්ල සැලකිය යුතු ලෙස පාලනයවීමත්, සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමත් හේතුවෙන් කොවිෂීල්ඩ් එන්නත අපනයනයට යළි අවසර හිමිව ඇති බව සදහන්වේ .

ඉන්දියාවේ කොවිඩ් පාලනය සදහා යොදා ගනු ලබන ප්‍රධානතම එන්නත් දෙකෙන් එකක් වන කොවිෂීල්ඩ් එන්නත ඩෙල්⁣ටා ප්‍රභේදයට පවා සැලකිය යුතු ලෙස ප්‍රතිචාර දක්වන බව තහවුරැ වූ එන්නතකි

මේ අතර ඉන්දියාව මේ මාසයේ මැද භාගය වන විට එන්නත් මාත්‍රා කෝටි සියයක් පමණ ලබාදීමේ ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව එරට රජය ප්‍රකාශ කර ඇත