නවතම පුවත්

කාඩිනල් හිමි ඉල්ලු ස්වාධින කොමිසම දෙන්න රනිල් සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) ගාල්ලේ දී පැවසීය.

එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දැනට ජනාධිපති විසින් පත් කර ඇති කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාවල ඇතුළත් තොරතුරු මෙන්ම, අනෙකුත් සියලු තොරතුරු අනාවරණය කරගනිමින් සත්‍යය සොයා ගැනීමට එවැනි ස්වාධීන ජනාධිපති කොමිසමක් මගින් හැකි වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

දැනට පත් කර තිබෙන ජනාධිපති කමිටුවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවන් ඉදිරියේ දී නිකුත් වීමට නියමිත බැවින් එම වාර්තාවන් ද පදනම් කර ගනිමින් තවදුරටත් කරුණු සොයා බලා මාස 6 – 7 ක් ඇතුළත ජනතාවට සත්‍යය අනාවරණය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, අනාගතයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට එවැනි කොමිසමක් ඉවහල් වන බව ද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භ වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06දා) එක් වෙමිනි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී