නවතම පුවත්

‘ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ වුණත් පැටිකිරිය බලන්න ඕනේ’-රන්ජන් විභාගෙට ගිහින් කිව්ව දේ

අසංක

අසංක

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩී.බී. විජේතුංග මහතාට පසුව ජනාධිපතිවරයකු වූ අහිංසකම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවැති උසස් පෙළ විභාගයට මුහුණ දීම සදහා විභාග මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

හෙතෙම පෙන්වා දෙන්නේ මෑත කාලීන දේශපාලනය දෙස බැලීමේදී ජනාධිපතිවරුන් ලෙස පත්වූ සෑම දෙනකුම පාහේ මැරකම්, වංචා දූෂණවලට ලක්වූවන් බවයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ දා සිට මෙතෙක් කිසිදු පුද්ගලයකු ඝාතනයට අනුබල නොදුන් බවත් හොරමැරකම්වලට සම්බන්ධ නොවන බවත් ඔහු අහිංසකයකු බවත් හෙතෙම කියාසිටියි.

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ‘ගැසූ ගේම මේ පාර පොහොට්ටුව ගසන්නට ඉඩ ඇතැයි’ ද හෙතෙම කියාසිටියේ ‘ගෝඨාභය පෙන්න පෙන්න ඉදලා අන්තිමේදී වෙන කෙනකුට දෙන්නත් ඉඩතියෙනවා. ශිරන්තිට දෙයිද දන්නෙත් නෑ’ යනුවෙනි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ පෙර වැරදි පිළිබද සොයා බලා ඡන්දය දෙන ලෙසත් පෙම්වතියගේ වුවත් පැටිකිරිය සොයා බැලිය යුතු බැවින් වැරදි අඩුම පුද්ගලයා තෝරාගැනීමටත්, අතීතය මතක තබාගෙන ඡන්දය දීමටත් ජනතාව මතක තබාගත යුතු බව ද රන්ජන් රාමනායක මහතා එහිදී වැඩිදුරටත් කියාසිටියේ ය.

විභාගයෙන් පසුව අමාත්‍යවරයා සිසු දරුවන් ගුරුවරුන් සමග සෙල්ෆි ඡායාරෑප කිහිපයකට ද පෙනී සිටියේ ය.

රන්ජන් අද දින උසස්පෙළ විභාගයට මුහුණදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අවස්ථාව…

Publiée par Ranjan Ramanayake sur Vendredi 16 août 2019

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී