නවතම පුවත්

ගුරුකන්දේ හිමි අපවත්වීමෙන් නඩු විසිවෙයි පන්සල අවදානමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් අපවත්වීමත් සමග ඒ හිමියන් විසින් ගොනු කොට තිබූ සියළුම නඩු අවසන් කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා ඊයේ (07දා) දින නියෝග කරනු ලැබීය. පසුගිය මැයි මස 06දා මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා විසින් මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිඛෙන්නේ නම් එය රටේ පවත්නා නීති රීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසට

නියෝග කළ අතර අදාළ නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවත් පන්සල තුළ ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේදී පෙත්සමක් ගොනුකරන ලදි. ඒ අනුව ජුලි 10 වනදා වවුනියාව මහාධිකරණයේදී නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර් කන්නන් මහතා විසින් මුලතිව් මහේසත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව

තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූරණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවයි. මහාධිකරණයෙන් නඩු අවසන් වීමත් සමග ගුරුකන්ද විහාරයට බලපෑමක් එල්ලවිය හැකි බවත් අදාළ කෝවිලේ ඇතම් පාර්ශවයන් විසින් විවිධ ඉදිකිරීම් සිදු කොට පනසල් භූමියේ පූජනීය ස්ථාන විනාශ කිරීම් හා පූජා කටයුතු වලට බාධා සිදු විය හැකි බවද ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්