නවතම පුවත්

ගෝඨාභයට නඩු දැමු තේනුවර අයියාට තේනුවර මල්ලි කියපු ශතවර්ෂ 25 අපූරු කතාව

අසංක

අසංක

එළැඹෙන ජනාධිපතිවරණ උණුසුම තවත් ඉහළ යාමට හේතුවී ඇත්තේ ඒ වටා මැවෙන කතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන්නට නියෝගයක් ඉල්ලා දැමු පෙත්සම විභාගවීමට නියමිතව ඇත්තේ හෙට සිටය. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරය.

පෙත්සම ඉදිරිපත් කළ තම වැඩිමහල් සොහොයුරා සම්බන්ධයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර අද දිනයේ සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල කැළඹීමට හේතුවී තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ඉන්ද්‍රනාථ තේනුවර මහතා මෙරට ඡායාරූප කලාව වෙනුවෙන් වසර 42ක් තිස්සේ කළ නවමු හා අනුපමය සේවය නිසා විවිධ වෘත්තිකයන් හා ගෝල පරම්පරාව මෙම ප්‍රකාශය හා බද්ධවෙමින් මතවාද ප්‍රකාශ කිරීමට පෙළඹීම නිසාය.


ඉන්ද්‍රනාථ තේනුවර මහතා සිය ෆේස්බුක් ගිණුමේ අද (01) දින තබා තිබු සටහන මෙසේය.
අයියා අඳින එක ඉරක් අඳින්නට,
මට තව අවුරුදු 25ක්වත්
සතත අභ්යාසයේ යෙදෙන්නට සිදු වෙයි.
නමුත් අයියා මෙන් මේ වහුතු, මජර, කුජීත දේශපාලන ගුබ්බෑයමක
ඉත්තකු වන්නටනම්
මට තව ශත වර්ෂ 25කින්වත් බැරි ම ය…!!??

මෙම අදහස සමාජජාල ගත කිරීමත් සමග ඔහුට ලැබුණු ප්‍රතිචාර සදහා ඉන්ද්‍රනාථ තේනුවර මහතා විසින්ම ඒ මත තබා තිබු පිළිතුරු කිහිපයක් මෙසේය.

• යූඇන්පිය වෙනුවෙන් නොවී වෙන ඕන දේශපාලන මතවාදයක් වෙනුවෙන් ඔය වැඩේ කලානම්, අයියා අදත් මට වීරයෙක්.
• එහෙනම් අයියාට තිබුනා පැහැදිලිව ම මහබැංකු කේස් එක වෙනුවෙනුත් නඩු මගට බහින්න.
අන්න
• අගමැත් පත් කළ අවස්ථාවේ පෙනී සිටියා.
ඒක හරි.
හැබැයි ඒ අගමැති ම මහබැංකු අධිපති පත් කරපු වෙලෙත්, ඒකා ඒක තනිකර හූරාකාපු වෙලෙත් පෙනී හිටියෙ නැහැනෙ මේ අද වෙනතෙක්..!
• ඊයේ වන තෙක් අයියා මට වීරයෙක්.
• හැහ්.. අපි ඒක වලඳන්නෙනම් එකට..!!
ඒ සහෝදරකම මේ මජර දේශපාලනේට අපි ගාවාගෙන ම නෑනෙ..!

• අයියාගේ දේශපාලන මතවාද ගැන අපට කිසි ම තර්කයක් නැහැ.
එහෙමනම් අයියාට තිබුණා රටේ බොහෝ සේ කතා වුනු වංචා දූෂණ ගැන නීතිමය පියවරවලට යන්න.
ඇයි එහෙනම් ඒවා මුකුත් නොකර, මේකට විතරක්..??
• ගැත්තෙක් වෙලා කියලනම් මම හිතන්නෙත් නැහැ.
• අයියානං රිවස් එකට හිතන්න තරම් මෝඩයෙක් නෙමෙයි.
• බැරි ම තැන තමයි අයියේ මේ ටික ලිව්වෙ..
• මේකලා කෑලි විතරක් අරංනෙ ලියන්නෙ..!
• මේ වෙලාවෙත් නෙමෙයි.
අනෙක එයාත් නෙමෙයි ඒක කළ යුත්තෙත්.
• මටත් ආඩම්බරයි තමයි. හැබැයි ඒක දාන්නෙ යූඇන්පියේ අර කඩුත්තු, ජෝකරයා ජයග්රහණය කරනවන්නනෙ..!

මෙම අදහස් දරණ උපුල් ඉන්ද්‍රනාථ තේනුවර මහතා මුලින් ම කැමරාවක් අයිති කොට ගෙන ඡායාරෑපකරණය ආරම්භ කළේ 1977 වසරේ දී ය. ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේ දී ඔහු වඩා දක්ෂ වූයේ රචනා කරණයට ය. වරක් ජනරජ දින සාහිත්‍ය තරගයේ දී ද, තවත් වරක් සමස්ත ලංකා සාහිත්‍ය තරගයක දී ද රචනා අංශයෙන් අම්පාර දිස්ත්‍රක්කයේ දක්ෂතම රචකයා වීම තේනුවරයන් දැක්වූ අනුපමේය දස්කම් වලට නිදසුන්ය.

තර්ස්ටන් විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ම 1979 වසරේ ඔක්තෝබර් 04 දින ඔහු ගුරුවරයකු ලෙස කොළඹ කොටහේනේ ශාන්ත ලුසියා මහා විද්‍යාලයට පත්වීමක් ලබයි.

ඊට පෙර ලේක් හවුසියේ යොවුන් ජනතා පුවත්පතේ නිදහස් චිත්‍ර සහ අක්ෂර නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කර ඇත. ඈඩවර්ටයිසින් ආයතනයක ප්‍රධාන සැලසුම් ශිල්පියකු ලෙස ද, ජාතික තලයේ පුවත්පත් ගණනාවක රූ රටා සංස්කාරක සහ ප්‍රධාන ඡායාරූප ශිල්පී ලෙස ද, සිල්ක්ස්ක්‍රීන් මුද්‍රණ ක්ෂේත්‍රයේ විප්ලවකාරයකු ලෙස ද, පරිගණකාශ්‍රිත ප්‍රතිරූප සංස්කරණ ශිල්පයේ සිවිල් වැසියකු ලෙස ද ආදී රැකියාවන් ගණනාවක් ම පසු කොට කොට තිබෙන ඉන්ද්‍රනාත තේනුවර අද නවකයන් පුහුණූ මධ්‍යස්ථානයක්ද පවත්වාගෙනයයි.


2014 වර්ෂයේදී ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වු ඒ මහතා ඡායාරූප කලාව ආලෝකයෙන් ඇදීම ලෙස පවසයි.
ගෘහස්ත විදුලි පන්දම්වලන් ලොකයේ පළමු සහ එකම වතාවට පින්තාරුකරණ ඡායාරූප කලාවක් හදුන්වා දෙන්නේ ඉන්ද්‍රනාථ තේනුවර මහතාය.


අලුතින් යමක් කරනවාට වඩා අලුත් විකල්පයක් හොයා ගන්න මම පුරුදුවෙනවා. කන්න නැතිකාලේ තාත්තා අපට වට්ටක්කා තම්බලා කන්න දීලා තියෙනවා. පැන්සල ඉවර වෙනකොට පැන්සලට කඩදාසියක් ඔතලා පැන්සල දිගු කරන් ලියන්න කියලා දීලා තියෙනවා. විකල්ප ක්‍රම භාවිතා කරනවා කියන්නෙ ඒකයි. පටල පටි පසුව ඒ.පී.ඒස් තාක්ෂණයටත් 197 5 සිට ඩිජිටල් තාක්ෂණයටත් දියුණු වුණා නමුත් ඩිජිටල් පැමිණි පසු ඡායාරූප කලාව යම් තාක් දුරකට සීමා වු බව ඉන්ද්‍රනාථ තේනුවරගේ අදහස්ය.
මෙම සටහනට යම් මොහොතක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ප්‍රතිඋත්තර බදින්නේ නම් අප එයද ද කළම්බො එක්ස්ප්‍රස් පාඨකයන් වෙනුවෙන් ගෙන ඒමට සුදානම්ය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී