නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව මහින්ද රාජපක්ෂ මහතා දැන් නම් කරා ඒ මෙසේ පවසමින්

“මම තේරුවත් නැතත් ඔහු කවුද කියලා ඔබ තීරණය කරලා ඉවරයි, මගේ සහෝදරකමින් ඔහු ඔබේ සහෝදරයා කරනවා…ඒ ගෝඨාභයයි…!”

– මහින්ද රාජපක්ෂ –

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කළ කතාව
ආයුබෝවන්,

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. කිතුණු, හින්දු, ඉස්ලාම් පූජක තුමන්ලාගෙන්ද අවසරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලූ සියලූම මහජන නියෝජිතවරු‚, දේශපාලන පක්ෂ නායකවරුනි, වෘත්තිකයනි, රණවිරුවනි, කලාකරුවනි, මාධ්‍යවේදියනි, ජාතික සංවිධාන නියෝජිතයිනි, වෘත්තීය සමිති නියෝජිතයිනි, මව් බිමේ සෑම ගම්මානයක්ම නියෝජනය කරමින් මෙහි රැස්ව සිටින පිරිස මෙන්ම මෙරට හා පිටරට සිටින සියලූම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයනි, හිතවතුනි.
මිත්‍රවරුනි,
අද මේ රටට ආදරය කරන ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටපු දවසක්. අද මේ රට වැටී තිඛෙන තත්වයෙන් ගලවා ගන්න, මේ රට නැවත විනයගරුක, නීතිගරුක රටක් බවට පත්කිරීමට අපි භාරගන්නා දිනයයි.
එසේ සියලූම පුරවැසියන්ට ජාති ආගම් පක්ෂ භේද වලින් තොරව එකට සිට වැඩ කළ හැකි පක්ෂයක් අපි බිහි කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පක්ෂය නිර්මාණය කිරීමටත් ගොඩ නැගීමටත් මුල් වූ බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ සියලූම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය සමස්ථ ජනතාව වෙනුවෙන් පුද කරනවා.
ඒ වාගේම 2015 ජනවාරි 08 වෙනිදා ගෙදර ගිය මොහොතේ ඉඳන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එදා ඉඳන් තංගල්ලට ඇවිත් අපිත් එක්ක ඉන්න බවට සපථ කළා. අපිට මහා ධෛරයයක් දුන්නා. ඒ ජනතාව වාගේම පක්ෂ ගණනාවක නායකයෝ ආණ්ඩුවේ සියලූම මර්ධනයන්ට මුහුණ දිදී අපිත් එක්ක සිටියා. මර්ධනයන්ට මුහුණ දුන්නා විතරක් නොවෙයි යූ.එන්.පී ආණ්ඩුව දුන්න මැති ඇමතිකම් තානාන්තර වලට පයින් ගහල ජනතාව වෙනුවෙන් කැපවෙන්නත් ඒ අයට ධෛර්යය තිබුණා. ඒ කැපකිරීම කල ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලූ පක්ෂ නායකයින්ට මාගේ ආචාරය අද පුද කරනවා.
මේ දවස අපට නිකම්ම උදාවුණ දවසක් නෙවෙයි. මේ දවස අපි බොහොම මහන්සිවෙලා, කැපවෙලා, සටන් වැදිලා උදා කරගත්ත දවසක්. මේ වෙනුවෙන් අපේ ගෞරවනීය මහා සංඝරත්නය හිරබත් කෑවා. ඉතිහාසයේ කවදාවත් නොඇසූ නින්දා අපහාසවලට ලක් වුණා. මේ රටේ රණවිරුවෝ දඟ ගෙවල්වල දුක් වින්දා. තමුන්නාන්සේලා උද්ඝෝෂණ කරළා, මහා ජන ගං`ගා ඇවිත් කොළඹ වට කරළා. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාරවලට මුහුණ දුන්නා. ඒ සියල්ල මේ රට වෙනුවෙන් කළ උදාර කැපකිරීම්.
මේ දවස උදාවෙන එක වළක්වාගන්නයි මේ ආණ්ඩුව පසුගිය කාලේම උත්සාහ කළේ. මේ මුළු රටේම ජනතාව අතරින් එක පවුලේ තුන් දෙනෙක් තෝරාගෙන ඒ අයට දේශපාලනයට එන්න බැරි වෙන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කලා. බොරු නඩු පවරලා, විශේෂ උසාවි පිහිටවලා, ඒත් බැරිවුණාම ඡන්ද පවා කල්දැම්මේ ජනතාව ප්‍රාර්ථනා කරන මේ දවස එන එක වළක්වන්න. එහෙම කරලා ඔවුන් අපේ පෞද්ගලික නිදහස උදුරා ගත්තා. නමුත් අපි කවුරුවත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දුන්නේ නෑ. අපි අප්‍රමාණ නින්දා අපහාස වින්ද, හිරබත් කෑවා. නමුත් අපි රට නින්දාවට පත් කරන්න ඉඩ දුන්නේ නෑ.ඉඩ දෙන්නෙත් නැහැ.

මිත්‍රවරුනි,
අපිව ජාතිවාදීන්, ආගම්වාදීන්ගේ ගොඩට දාලා ලෝකෙන් කොන් කරන්න හැදුවා. මොන තරම් දරුණු ඛේදවාචක හමුවේවත් කිසිම ජාතියකට අපි නින්දා කළේ නෑ, අපහාස කළේ නෑ. නමුත් මේ ආණ්ඩුව මේ රටේ සියලු ආගම්වලට ගැරහුවා. පිං පෙට්ටියටත් සීල් තිබ්බා. අස්ගිරියේ නායක හාමුදුරුවන්ගේ ඉදන් කාදිනල් තුමා දක්වා ආගමික නායකයින්ට ගැරහුවා. කිසිම ආගමකට, ධර්මයකට මේ ආණ්ඩුව සැලකුවේ නෑ. ඒවාට ගරු කළෙත් නෑ.
මිත්‍රවරුනි,
මේ වෛරක්කාර දේශපාලනයට යා හැකි දුර දැන් තින්දුවෙලා ඉවරයි. බොහොම දෙනෙක් හිතනවා අපිට කළ දේට අපි වෛර කරයි කියලා. නෑ. වෛර කරලා දිනා ගන්න දෙයක් මට නෑ.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාට සාහසිකයෙක් වෙඩි තිබ්බා. නමුත් එතුමා අන්තිම මොහොතෙත් කිව්වේ මට වෙඩි තියපු ඒ මෝඩ මනුස්සයාට සමාව දෙන්න කියලයි. අපි වටා එක්රොක් වෙලා තියෙන ජාතික බලවේගය හික්මවලා තියෙන්නේ ඒ දර්ශනයෙන්. මට මතකයි 1977 බලයට ආව යූඑන්පීය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා වසර හතකට. වසර 17ක් තිස්සේ හදිසි නීතිය, ඇඳිරි නීතිය, ප්‍රා, කහ බළල්ලු, ටයර් සෑ නාඳුනන තුවක්කුකාරයො මැද්දෙයි අපි වැඩ කළේ.
ඒ වගේ තත්ත්වයක් යටතේ දේශපාලනය කරලා හැදුන වැඩුන අපිට මේවා දරාගන්න පුළුවන්. වෛරය ඉදිරියට ගෙනියන්න අපි කවුරුවත් දේශපාලනයට එන්නේ නෑ. අපි බලය ගන්නේ අපේ වෛරක්කාරයෝ දිහා බලන්න නෙවෙයි. අපි බලන්නේ අපිට ආදරය කරන රටට ආදරය කරන මිනිස්සු දිහා.
මිත්‍රවරුනි,
අපි හැමදාම සටන් කළේ අධිරාජ්‍ය ගැති වූ යූ.එන්.පි.යට එරෙහිව. මට මතකයි බණ්ඩාරනායක මහත්තයා, මගේ පියා ඩී. ඒ. රාජපක්ෂ ඇතුළු නායකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා එදා ප්‍රකාශයට පත් කළ ලියැවිල්ල. ඒ ලියවිල්ලේ තිබුණේ විජාතික බලවේගවලට එරෙහිව වැඩ කරන්න එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග ඒකරාශි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රටේ විජාතික බලවේගවලට එරෙහි ප්‍රගතිශීලී ජනතාව ඒකරාශී කළ ප්‍රධාන තැන. ඒ නිසා තමයි එදා බණ්ඩාරනායක මහත්තයා ත්‍රිකුණාමලයේ තිබුණ බි්‍රතාන්‍ය හමුදා කදවුරු ඉවත් කළේ. බි්‍රතාන්‍යයත් එක්ක තිබුණ ආරක්ෂක ගිවිසුම අවලංගු කළේ.
බණ්ඩානායක මැතිනිය 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනැත් මේ රටට පූර්ණ නිදහස ගෙනාවා. ඒ නිසා තමයි මේ රටේ ජාතික බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ පක්ෂය හැටියට සැලකුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවපු දා ඉඳන් කළේ යූ.එන්.පි.යට එරෙහිව සටන් කරන එක.
ඒත් 2015 ජනාවාරි 9 වැනිදායින් පස්සේ ඉතිහාසයේ පළවැනි වතාවට මේ ජාතික බලවේග අන්ත අසරණ වුණා. යූ.ඇන්.පී විරෝධී ජාතික බලවේග ඒකරාශි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිරිකොතේ හෙවණැල්ල වැටුණාම රටට ආදරය කරන ජාතික බලවේගවලට එතැන ඉන්න බැරිවුණා. 2015 අගෝස්තු මාසයේ ඡන්දෙන් පස්සේ යූ.එන්.පී ආණ්ඩුව හැදුවේ යූ.ඇන්.පී විරෝධී අපේ ඡන්දවලින්. යූ.ඇන්.පිය ගෙනෙන පනත් යූ.එන්.පි.යට විරුද්ධව දුන්න අපේ ඡන්දවලින් සම්මත වුණා.
මිත්‍රවරුනි,
මේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණනකොට, මත්තල වී ගබඩා කරනකොට, මේ රටේ ජනතාවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මතක් වුණා. ආණ්ඩුව ජිනීවාවලට ගිහින් රටේ විරුවන්ට එරෙහිව, ගිවිසුම් අත්සන් කරනකොට ජනතාවට, අපිව මතක් වුණා. තෙල් පෝලිමේ ඉන්නකොට, කඳු නාය යනකොට, බුලත් විටටත් බදු ගහනකොට, මහ දවාලේ ඇවිත් පාතාලේ මිනී මරණකොට, අපි ලබාදුන් නිදහස මතක් වුණා. කොළඹ කුණු කදු ගොඩගැහිලා ගඳ ගහන කොට අපිවම මතක් වුණා. මේ ආණ්ඩුව පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්ද කල් දමනකොට වෙලාවටත් කලින් ඡන්දේ තියලා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් ගෙදර ගිය අපිව ජනතාවට මතක් වුණා. කොළඹ කොච්චිකඬේ ඉදන් මඩකලපුවේ සියොන් දේවස්ථානය දක්වා බෝම්බ පිපිරෙනකොට අපි ගැන සියලු ජනවර්ගවලට මතක් වුණා. ඒවායින් අසරණ වුණ ජනතාවට යූ.එන්.පී.යත් එක්ක එකතු වුණ ශ්‍රී ලංකා එකේ ඉන්න බෑ. ඒ ජනතාවට යන්න තැනක් නෑ. ඒ ජනතාව වෙනුවෙන් තමයි අපි පොහොට්ටුව හැදුවේ.
මිත්‍රවරුනි,
දැන් ආණ්ඩුවෙ කාලේ ඉවර වේගෙන යනවා. කාලය විසින් අපව නිර්දෝෂ කරලා ඉවරයි. ඒ වගේම අපිව රටට නිර්දේශ කරලත් ඉවරයි.
අපිට භාර ගන්න වෙන්නේ 2005 ටත් එහාට ගිය විනාශ වුණ රටක්. මේ රටේ පළමුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් රටක් ගොඩනගන්න බෑ. ජාතික ආරක්ෂාව බිඳ වැටුණ හැම රටක්ම අවුල් වුණා. 21 වැනිදා බෝම්බ ප්‍රහාරය වාගේම, ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ඉ`ගැන්වෙන පාඩම ඒකයි.
මිත්‍රවරුනි,
අපේ දරුවන්ව ඉස්කෝලෙ යවල අම්මලා ගේට්ටු මුර කරන්න යන්න වෙන කාලේ හමාර කරන්න ඕනෑ. දරුවෙක් මළොත් ලක්ෂයක් වන්දි දෙනව, ඉස්කෝලෙ යවන්න කියලා කියන වගකීම් විරහිත ප්‍රකාශ ඇහුන කාලේ අපි සමාප්ත කරන්න ඕන. වෙසක් පෝයට සිල් සමාදම් වෙන්න පන්සලට යන්න බය නැති රටක් අපි හදන්න ඕනෑ. තොරණක් ගහන්න, පෙරහැර බලන්න යන්න, දන්සලක් දෙන්න නිදහස තියෙන රටක් අපි ආයෙත් හදන්න ඕන. කතෝලික ක්‍රිස්තියානි ජනතාවට බය නැතිව දේවස්ථානෙ යාච්ඤා මෙහෙයට යන්න පුළුවන් රටක් හදන්න ඕන. හින්දු භක්තිකයාට කෝවිලට යන්න පුලූවන් රටක් අපිට ඕන. හැම මුස්ලිම්වරයාම ත්‍රස්තවාදියෙක් කියලා හිතන්න වෙන්නෙ නැති රටක් අපිට ඕනෑ.
කොටින්ම ත්‍රස්තවාදීන් ගැන සෝදිසියෙන් ඉන්න කියලා ජනතාවට කියන්නෙ නැති, තුන්තිස් පැයේම ජාතික ආරක්ෂාව ගැන සෝදිසියෙන් ඉන්න මිනිහෙක් අපේ රටට ඕනෑ. අනාගතයේ එන අනතුර නවත්වා ගන්න පුළුවන් වෙන්නෙත් එයාටයි.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළාට පස්සේ අපට වෙනවා රට ආයෙත් ගොඩනගන්න. ඒකට විනය, නීතිය අත්‍යවශ්‍යයි. ලෝකයේ ඇවිදින කවුරුත් අද කියන්නේ විනය, නීතිය නැතිව රට හදන්න බැරි බවයි. මන්නාරමෙන් තෙල් මතුවුණත් අහසින් රත්තරං වැස්ස වැටුණත් විනයක්, නීතියක් නැත්නම් ඒ රටට ඒවායින් වැඩක් ගන්න බෑ.
ඒ නීතිය මහ බැංකුව කොල්ල කාපු, ඒකට උදව් කරපු අයට සිංගප්පූරුවෙ සැප විඳින්නන්, ෆෙස් බුක් එකේ පෝස්ට් එකක් දැම්ම නම් එයා තුන්හාර මාසයක් හිරේ තියෙන එකක් වෙන්න බෑ. දිනපතා ආයුධ කල්ලි මහා දවාලේ මිනී මරලා යනවා නම් ඒ රටේ නීතියක් නෑ. තමන්ගේ පන්තියට, පක්ෂයට කියලා නීතිය නවන්නේ නැතිව කාටත් නීතිය සාධාරණව යොදවන්න හිතන ධෛර්යය තියෙන කෙනෙක් රටට ඕනෑ.
මිත්‍රවරුනි,
විනයක් ඇතිව හැදුන වැඩුන කෙනකුට විතරයි රට විනයානුකූල මාවතකට ගන්න පුළුවන් වෙන්නේ.
මේ රටේ ආණ්ඩු පිහිටෙව්වට පස්සේ කිසිම රජයක් කරන්න හීනෙකින්වත් හිතුවෙ නැති දැවැන්ත කාර්යයන් රාශියක් අපි කරගෙන ආවා. ලංකාවේ තිබුණ ලෝකෙ දරුණුම ත්‍රස්තවාදය පරාද කරන්න පුළුවන් කියලා 2005 කවුරුවත් හිතුවේ නෑ. තමන්ගෙ දරුවෙක්ට නිදහසේ යාපනේ ඉඳන් කෝච්චියෙන් කොළඹ එන්න ලැඛෙයි කියලා දෙමළ ජනතාවට හිතුවෙ නෑ. වසර 28 ක් අනාථ නිවාසවල හිටපු මුස්ලිම් ජනතාව ආයෙත් ගමට යන්න ලැඛෙයි කියලා හිතුවෙ නෑ. දිනපතා පාන්දර කුණු ඉවත් කරලා කොළඹ ලෝකෙ පිරිසිදුම නගරයක් හදන්න පුළුවන් වෙයි කියලා කවුරුවත් හිතුවෙ නෑ. ලංකාවේ මේ ඓතිහාසික පරිවර්තනය කරන්න දායක වුණ කෙනකුට තමයි මේ රට හදන්න පුළුවන් කියන එක හිතන්න ධෛර්යය තියෙන්නේ. කොටින්ම මේ මහ පොළොවේ තියෙන සම්පත් විතරක් නෙවෙයි, මහා සාගරයේ තියෙන සම්පත් ගොඩගන්න සාගර ආර්ථීකයක් හදන්න ඕනැයි කියලා හිතපු කෙනෙක් තමයි අපි ජනාධිපතිවරණයට ගෙනෙන්නේ. න්‍යායන් ටොන් ගණනකට වඩා රාත්තල් ගණනින් හෝ වැඩ කිරීමේ සුදුසුකමයි වටින්නේ. මම කරනවා කියලා කියන කෙනෙක් නෙවෙයි කරලා පෙන්නපු මිනිහෙක් අපි ගෙනෙන්නේ. මිත්‍රවරුනි, මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය, සාමය ගෙනෙන්න වෙලා. අවුරුදු 30 ක් තිස්සේ උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැළලිලා තිබුණා. යු.එන්.පී ආණ්ඩුව යාපනේ පුස්තකාලෙට ගිනි තියලා සංවර්ධන සභා ඡන්දෙ කොල්ල කෑවාට පස්සෙ ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය නැති වුණා. ඒ සිද්ධියෙන් දශක ගණනාවකට පස්සේ පළවෙනි වතාවට අපියි උතුරේ පළාත් සභා ඡන්දෙ තියන්න ඉඩ හදල දුන්නේ. ඒ ඡන්දෙන් පස්සෙ තමයි ටී. එන්. එA එකට උතුරට ගිහින් නිදහසේ ඡන්දෙ කරන්න ලැබුණේ. දැන් උතුරේ පළාත් සභා විසුරුවලා මාස ගණනාවක් ගත වෙලා. උතුරේ ජනතාවට මහඇමැතිකම්, ඇමැතිකම් පළාත් සභා මන්ත්‍රීවරු දැන් නෑ. උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන ඉවරයි. අපි උතුරේ ජනතාවට අහිමි වුණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යළි ලබා දෙන්න ඕනෑ. උතුරේ පළාත් පාලන ඡන්දය තියන්න ඉඩ හදා දෙන්න ඕනෑ. උතුරු පළාතේ මහ ඇමැතිත් කියනවා එයාට උතුරට වැඩ කරන්න ඉඩක් ලැබුණෙ නැතිලු. එහෙම නම් අපේ කාලේ කරගෙන ගිය උතුර නැගෙනහිර නගා සිටුවීමේ වැඩපිළිවෙළ ආයෙත් කි්‍රයාත්මක කරන්න ඕනැ. උතුරේ ලක්ෂ ගණනක් අවතැන් වුණ ජනතාව යළි පදිංචි කළ ඔවුන්ව නිදහස් කර ගන්න දායක වුණ කෙනෙක් තමයි ඒ ජනතාවගේ නියම ප්‍රශ්න දන්නේ. ඒ විතරක් නෙවෙයි, වසර දහය, පහළොව අනාථ කඳවුරුවල හිටපු මුස්ලිම් ජනතාවට ආයෙත් නිදහසේ ගමට යන්න අවස්ථාව දීපු කෙනෙක් තමයි අපේ අපේක්ෂකයා විය යුත්තේ. දෙමළ මුස්ලිම් ජනතාවට අවංකව ගනුදෙනු කරන්න පුළුවන් ඒ අයව රවටන්නේ නැති කෙනෙක් තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා. තරහා කාරයන්ගෙන් පළිගන්න නීතිය නවන කෙනෙක් ඔබින්නේ නෑ. ඒ වෙනුවෙන් විශේෂ අධිකරණ පිහිටුවලා නීතියේ ආධීපත්‍යයේ හෑල්ලූවට ලක්කරන කෙනෙක් රටට ඔබින්නේ නෑ. අපිට ඕන නීතියේ අධිපත්‍ය රකින කෙනෙක්. ඒ වගේම මේ රටේ කඩා වැටුණු කෘෂිකර්මාන්තය නංවන්න හිතන කෙනෙක්. කෘෂිකර්මාන්තයේ වැදගත්කම දන්න කෙනෙක් තමයි අපට ඕනෙ. මිත්‍රවරුනි, එදා උපාධිධාරීන්ට රැකියා දීම ආණ්ඩුවේ යුතුකමක් හැටියට අපි සැලකුවේ. 1948 ඉදන් 2005 වෙනතෙක් රාජ්‍ය සේවයේ හිටියේ ලක්ෂ හතයි. 2015 වෙනකොට අපි ලක්ෂ හත, ලක්ෂ පහළොව දක්වා වැඩි කළා. ඒත් අද උපාධිධාරී තරුණයෝ සතියකට තුන් වතාවක් රස්සා දියව් කියලා පෙළපාලි ගිහින් කඳුළු ගෑස් කනවා. එදා රැවටුණ තරුණ පිරිස දේශපාලනය කියන වචනයටත් වෛර කරනවා. අන්තිම බාල බොළඳ විදිහට මේ රටේ තරුණයින්ව රැවැට්ටුවා. ෆ්‍රී වයි ෆයි දෙනවා කිව්වා. නමුත් ෆෝන් කාඩ් එකටත් සියයට පනහක බද්දක් පැනෙව්වා. ෆෙස්බුක් තහනම් කරන්නේ හරියට ගංජා විකුණන එක තහනම් කරනවා වාගේ. තරුණ තරු‚යන්ට පුංචි කාර් සිහිනයක්් දුන්නා. දැන් ඒ සිහිනය ගැන රටට කියපු තරුණ තරු‚යන්ට කාර් එකක තියා පාරේ බැහැල යන්නත් ලැජ්ජයි. ඊට කලින් බ්‍රේස්ලට් දෙනවා කිවුවා, චුවින්ගම් දෙනවා කිවුවා දැන් මේ රටේ තරුණයින්ට අගමැතිතුමා වගේ ඇග හදාහන්න ජිම් එක ගානේ දෙනවලූ.
එදා ටයර් සෑ තිබුණු හන්දිවල මේ ජිම් ඉඳිකළා නම් ජනතා විමුක්ති පෙරමුණ සතුටුවේවි. මේ ආණ්ඩුව තරුණයන් අත තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උදුරාගෙන වෛරය අතට දුන්නා. ඒ නිසා අපිට ඕන මේ තරුණයින් රවට්ටන්නේ නැති නායකයෙක්. 2020 නෙවෙයි 2030 දිහා බලන කෙනෙක්. එයා මේ රටේ දුප්පත්කම, හොරකම, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරාම කම්මුතු කරන කෙනෙක් වෙන්න ඕන.
තරුණයන්ට ඕනෑ ස්ථීරසාර රටක්, නොනවතින ජාතික වැඩපිළිවෙළක්. මේ රටේ බාල, මහලු, තරුණ කවුරුත් ඉල්ලුවේ ඒ වගේ රටට ආදරේ ජනතාවට ආදරේ කෙනෙක්.
මගේ තේරීම නොවෙයි මට වැදගත් වන්නේ රටේ තේරීමයි, මට වැදගත් වන්නේ. මේ රටේ අනාගත තරුණ පරපුරේ දර්ශනය එක්ක යන්න හැකි තරුණයින්ගේ තේරීමයි.
මේ රටේ ජනතාව මේ සියලු දේ ගැන හිතා බලලා අලුත් කෙනෙක් ගැන සෙව්වා. ජනතාවට ඕනෑ කළේ තමන්ගෙ ජීවිත ආරක්ෂා කරන, රටේ නීතිය, විනය රකින, ව්‍යාජ සංහිඳියාව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය රකින ජාතීන් අතරේ සැබෑ සුහදතාවය ගොඩ නගන, ප්‍රෝඩාවල් කරන්නේ නැති විනයකට අනුව ජීවිතය ගත කරන ජනතා පරමාධිපත්‍යයට ආචාර කරන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීව කයිවාරු නැති, ඒත් වීර්යයෙන් වැඩ කරන අවංක කෙනෙක්. දරුවවන්ට ආදරය කරන, හොඳ පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක්. ඔහුගේ භාර්යාව ආර්යා මානසිකත්වයේ නොසිටින කෙනෙක් වෙන්න ඕනේ. මේ නිර්නායක හැදුවේ මම නොවෙයි. මේ රටේ ජනතාව.
මේ රටේ ඉතිහාසය විසින් ඉල්ලා සිටින අනාගතය ගොඩනගන මිනිහෙක් ගැන මම හිතුවා. මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. මම තේරුවත් නැතත් ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි.

මිත්‍රවරුනි,
ව්‍යවස්ථාවෙන් ඔහුව නතර කරන්න හැදුවා, හිරේ විලංගුවේ යවන්න හැදුවා. නමුත් මේ රටේ මහා සංඝරත්නයයි, ආගමික නායකයො, රටට ආදරේ ජනතාව, ඔහුව රැක ගත්තා. ඔහුව ඔබේ සහෝදරයා හැටියට ඔහුව බාර කරනවා.
එA ගෝඨාභයයි, ගෝඨාභය, මම මේ දේ කියන්න ඕනෑ. ගෝඨා කවදාවත් මාව රටේ ජනාධිපති කරන්න කියලා කාගෙන්වත් ඉල්ලුවේ නෑ. මගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ජනතාවගේ ඉල්ලලා අ~ා වැටුණෙත් නෑ. ඔබ එන්නේ මේ ජනතාවගේ දෑත් ශක්තිමත් කරන්න. ඒ නිසා මට පළමුවත් වටින්නේ මගේ රට. දෙවනුවත්, තෙවනුවත් වටින්නේ මගේ රට. ගෝඨා, එය ඔබටත් එය එසේ විය යුතුයි.
මේ විජයග්‍රණයේ ඇරඹුමයි.
ඔබ සැමට තෙරුවන් සරණයිæ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි