නවතම පුවත්

ට්විටර් සම නිර්මාතෘගේ ගිණුම ‘හැක්’ කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ට්විටර් සමාගමේ  ප්‍රධාන විධායක සහ සම නිර්මාතෘ වන ජැක් ඩෝර්සි ගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත.

ඒ සම්බන්ධයෙන් ට්විටර් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ගිණුම කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවයි එසේම ඒ පිළිබ‍ඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

අදාල පුද්ගලයා ජැක් ඩෝර්සිගේ ජංගම දුරකතන අංකය හරහා ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති අතර ගිණුමට මේ වන විට එය යථා තත්වයට පත් කර තිබෙනවා මෙයට හේතූව ලෙස සැලකෙන්නේ අදාල ජංගම දුරකථන ජාලයේ ගැටළුවක් නිසා බවයි.

මෙම සිදුවීම ට්විටර් සමාගමෙන් බාහිරව සිදුවී ඇති බව දක්නට ඇතත් ලෝකයේ බලවත් නායකයින් රැසකට සේවා සපයන ට්විටර් සමාගම ඉන්  අපහසුතාවට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්