නවතම පුවත්

තුර්කියෙන් ඇමරිකානු හමුදාවටත් දරුණු ප්‍රහාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තුර්කිය විසින් සිරියාවේ කුර්දි සටන්කරුවන්ට එරෙහිව ආරම්භ කර ඇති මෙහෙයුම හේතුවෙන් මේ වන විට ඊසාන දිග සිරියාවේ දෙපාර්ශවය අතර දැඩි ගැටුම් ඇවිලී යමින් තිබෙනවා. මෙම සටන් හේතුවෙන් දෙලක්ෂයකට අධික සිවිල් වැසියන් පිරිසක් අවතැන්ව ජිවිත ආරක්ෂාව පතා සිය ගම්බිම් අත්හැර පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

තුර්කිය විසින් සිදුකරනු ලබන මෙම ආක්‍රමණය හේතුවෙන් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව ඇමරිකාව අනතුරු අඟවා සිටිනවා ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් ස්පෙසර් සඳහන් කරන්නේ තුර්කි හමුදාව සහ ඔවුන්ගේ සහය ලබන සිරියානු කැරලිකරුවන් විසින් සිදුකරනු ලබන මෙම මෙහෙයුම් නිසා ඔවුන්ට ඉදිරියේදී දරුණු විපාක අත්විදීමට සිදුවෙනු ඇති බවයි.

මේ අතර තුර්කියට එරෙහිව නව සම්බාධක පැනවීමටද අමෙරිකාව මේ වන විට සුදානම්ව සිටින බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වාර්තා කරයි. මේ දක්වා ඇතිව තිබෙන ගැටුම් වලදී කුර්දි සටන්කරුවන් 370 කට අධික පිරිසක් මරා දැමීමට සමත් වූ බව තුර්කි හමුදා සඳහන් කර සිටිනවා.

ඉස්ලාමිය අන්තවාදීන් හෙවත් ISIS සංවිධානය විසින් සිරියාවෙන් සම්පුර්ණයෙන් තුරන් කිරීමට ඇමරිකානු සහය ලැබූ කුර්දි සටන්කරුවන් මිට මාස කිහිපයකට පෙර සමත් වුවා.

ඉන් පසුව තුර්කිය විසින් සිරියානු කැරලිකරුවන්ට සහය දක්වමින් සිරියාවේ රැදී සිටින කුර්දි සටන්කරුවන්ට එරෙහිව මෙම ආක්‍රමණය මිට දින කිහිපයකට පෙර ආරම්භ කරනු ලැබුවා. ඒ සිරියාවේ රැදී සිටින ඇමරිකානු භට පිරිස් ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙන වටපිටාවකදී වීම විශේෂත්වයක්. කෙසේ වුවත් මේ වන විටත් දහසකට ආසන්න අමෙරිකානු මැරීන් සහ විශේෂ බලඝණයේ සෙබළුන් සිරියාවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඇතිවී තිබෙන සටන් වලින් දෙපාර්ශවයටම දැඩි හානි සිදුව තිබෙනවා. ඊයේ (11) දිනයේදී තුර්කි ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු ප්‍රහාර රැසක් තුර්කි සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි Ras al Ain නගරයට එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. එම ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී එම ප්‍රදේශයේ භටයින් රැඳී සිටි බවයි පෙන්ටගනය නිවේදනය කර සිටියේ.

” අපගේ හමුදාවන් එම ප්‍රදේශයේ සිටින බව දැන දැනම තුර්කිය එම ප්‍රදේශයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අපි තුර්කි බලධාරීන්ට දැනුවත් කළා. ඔවුන් ප්‍රකාශ කර සිටියේ එය අත් වැරදීමකින් සිදුවූ බවයි. එම ප්‍රහාරයෙන් කිසිදු ඇමරිකානු සෙබලෙක්ට තුවාල සිදුවී නැහැ” යැයි පෙන්ටගනය නිවේදනය කර සිටියා.

කෙසේ වුවත් අද (12) දිනය වන විට සිරියාවේ Ras al Ain නගරයේ බලය අත්පත් කර ගැනීමට තුර්කි හමුදාව සහ ඔවුන්ගේ සහය ලැබෙන සිරියානු කැරලිකරුවන් සමත්වූ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ. මෙම නගරය අත්පත් කර ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ සටන්වලින් කුර්දි සටන්කරුවන් 74 දෙනෙක් සහ සිවිල් වැසියන් 30 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇමරිකානු භට පිරිස් සිරියාවෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කුර්දි සටන්කරුවන් සිය නොසතුට පළකර සිටියි. ඔවුන් සඳහන් කරන්නේ තමන් ISIS සංවිධානය සමග සටන් වැදුනේ ඇමරිකානු හමුදාවන්ට සහයක් වශයෙන් බවයි. මේ වන විට තමන්ට එරෙහිව සටනක් ඇතිවී තිබෙන අවස්ථාවේදී ඇමරිකාව තමන් තනිකර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අතර කුර්දි සටන්කරුවන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ISIS ත්‍රස්තවාදීන් රඳවා සිටි සිරි මැදිරි සංකීර්ණයකට ද තුර්කි හමුදාවේ කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ප්‍රහාරයත් සමග දරුණු ගණයේ ISIS සටන්කාමින් රැසක් ඉන් පැනයාමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ අතර සිරියාවේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලින් සිදුකරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තුර්කි ජනාධිපති  Recep Tayyip Erdogan තීරණය කිරීමත් සමග ලොව බොහෝ රටවල් වලින් ඔහුට එරෙහිව විරෝධතා එල්ලවෙමින් තිබෙන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් ප‌ෙන්වා ‌ද‌ෙනවා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි