නවතම පුවත්

‘තෙවරක් තලාක්‘ කියා දික්කසාද කරන මුස්ලිම් නීතිය ඉන්දියාව අහෝසි කරයි

අසංක

අසංක

ඉන්දීය දේශපාලන හා සංස්කෘතික ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත්වෙමින් අද එරට මුස්ලිම් විවාහ පනත ‌හෙවත් ත්‍රිත්ව තලාක් අහෝසි කිරීමේ පනත රාජ්‍ය සභාවේදී වැඩි ඡන්දයෙන් තහවුරු කර තිබේ.

පනතට පක්ෂව ඡන්ද 99ක් ලැබී තිබූ අතර විපක්ෂය ඡන්ද 84ක් ලැබී තිබුණි.

උත්තර මණ්ඩලයේ මේ පිළිබඳ පැවැති විවාදය පැය 4 හමාරක කාලයක් මහත් උණුසුම් ලෙස පැවැත්වීමෙන් පසුව ඡන්දයෙන් මෙලෙස සම්මත වී තිබුණි.

ඊයේ දිනයේ මෙම පනත ලෝක් සභාවේදී සම්මත වී තිබුණේ පක්ෂ ගණනාවක විරෝධය මධ්‍යයේයි.

අද දිනයේදී රාජ්‍ය සභාවේදී මෙලෙසම විරෝධය පැවතිය ද මන්ත්‍රීවරුන් සහභාගි නොවීම, ඡන්දය දීමෙන් වැළකීම ආදි කරුණු අද පනත සම්මත කරගැනීමට වඩාත් පහසුවක් වී තිබුණි.

තෙවරක් තලාක් යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කිරීමට පිරිමින්ට හැකියාව පවතින මුස්ලිම් විවාහ නීතිය තවදුරටත් අපරාධමය වරදක් ලෙසින් සඳහන් කරමින් මෙම පනත සැකසී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම පනත සම්මත කරගැනීම මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ඓතිහාසික ජයග්‍රහණයක් බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් මෙම පනත සම්මත කරගැනීමේදී ප්‍රධාන ලෙසම විරෝධය එල්ල කරමින් පනත සම්මත කරගැනීම වැළැක්වීමට හැකි සෑම උත්සහයක්ම ගත් මෙහෙබූබා මුෆ්ටිස්ගේ පීඩීපී පක්ෂය මුළුමනින්ම ඡන්දය වර්ජනය කළේය.

උණුසුම් වාද විවාද, විරෝධතා, ඡන්ද වර්ජන සියල්ල මධ්‍යයේ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි ස්මිත්‍රි ඉරානිගේ නායකත්වයෙන් පනත සම්මත කරගැනීමට මෝදි රජය සමත් විය.

මෙම පනත ලෝක් සභාවේ ද විපක්ෂයේ බලය පවතින රාජ්‍ය සභාවේ ද යන දෙකෙහිම සම්මත කරගැනීමට හැකිවීම ඉතිහාසගත වන කරුණක් බව රාජ්‍ය සභාවේ දී අද ප්‍රකාශ කර තිබේ.

පනත සභාගත කළ නීතිය පිළිබද අමාත්‍ය රවිශංකර් පසාද් පනත සම්මත වීමෙන් අනතුරුව පැවසුවේ මුස්ලිම් කතුන්ට ලෝක් සභා හා රාජ්‍ය සභා දෙකෙහිම මන්ත්‍රීවරුන් විසින් අද සාධාරණය ඉෂ්ට කළ බවයි. එමෙන්ම මෙය ඉන්දියාවේ පරිවර්තනයක ඇරඹුම බව ද ඔහු අවධාරණය කළේය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ මෙම පනත සම්මත වූයේ තෙවරක් තලාක් කීම නිසා දික්කසාදය හිමිවූ වින්දිත මුස්ලිම් කාන්තාවන් දෙදෙනකු විසින් පැවරූ නඩුවක ‘එය අත්තනෝමතික හා පිළිගත නොහැකි ආගමික සංකල්පයක් බවට’ පවසමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් වසර 2කට පසුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්