නවතම පුවත්

නාවික සෙබළුන් වරදක් කර නෑ – නාවික හමුදාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය මස 29 වන දින පුල්මුඩේ ප්‍රදේශයේ සිදු කරන ලද නාවික මෙහෙයුමක් අතර තුර දී පළා යෑමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් නැවත්වීමට අණ ලබා දී තිබුණි.එහිදී අණ නොතකා පළා යෑමට උත්සහ කිරීමේ දී නාවික හමුදාව විසින් නීත්‍යානූකූල ලෙස අවවාදාත්මක වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

‍නාවික හමුදාවට ධීවර පනත හා අනෙක් නීති මඟින් ලැබී ඇති නීතිමය රාමුව තුළ පමණක් කටයුතු කර තිබුණු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවා ඒ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ධීවර පනත අනුව නාවික හමුදාවට යම් සැකකටයුතු ධිවර නෞකාවක් පරීක්ෂා කිරීමට හා එය අත්අඩංගුවට ගැනීමට බරතල ලබා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික ධීවරයින් සිව් දෙනා සතුව වලංගු ධීවර බලපත්‍රයක් හෝ යාත්‍රාවේ ලියාපදිංචි ලේඛනයක් තිබී නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර ඔවුන් සතුව ධීවර කර්මාන්තයේ දී අවශ්‍ය වෙන කිසිදු ධීවර ආම්පන්නයක් හෝ හැඳුම්පත් නොතිබුණ බවත් නාවික හමුදාව තරයේ ප්‍රකාශ කරයි. සැකකරුවන් සතුව තිබී රුපියල් 50000 ක මුදලක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.

පසුව ඔවුන්ගෙන් කරුණු විමසීමේ දී කරුණු පැහැදිලි කර ගැනීමට අසිරු වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිස් ස්ථානයට ඉදිරිපත් කල බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එක් පුද්ගලයෙකුට තුවාල සිදුවු බවට වාර්තා වු අතර, නාවික හමුදාවෙන් මුලික ප්‍රතිකාර ලබාදී මොවුන් පොලීසියට බාර දී තිබුණි.

කෙසේ වෙතත් පසුව මෙම පුද්ගලයින් විසින් නාවික හමුදාව පහර දීමක් සිදු කල බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇතැයි ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා එම චෝදනාව නාවික හමුදාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම පැමිණිල්ල විභාගය කිරිමට නාවික නිලධාරීන් ත්‍රිකුණාමලය පොලීසිය වෙත ඉදිරිපත් වෙන ලෙස දැනුම් දී ඇති අතර, එහිදී නාවික සෙබළුන් කට උත්තර ලබා දීමට යාත්‍රාවේ සිටි නිලධාරින් යොමු කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය අධිකරණය විසින් එම නිලධාරීන් ලබන මස 16 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා අධිකරණයේ නියෝගවලට නාවික හමුදාව ගරු කරන අතර, එම තීන්දු අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නාවික හමුදාව සතු නොවන බවද පැවසීය.

කෙසේ ‍ වුවත් නාවික හමුදාව පසුගිය කාලය පුරාම රටේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයින් විශාල ලෙස අත්අඩංගුවට ගත් බවත් ඔවුන් විශාල ලෙස නීතිවිරෝධි ක්‍රියාවන්වල නියුතු වුවන් වන බවත් පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා යුද්ධය අවසන් වී තිබියදීත් දේශයේ සුරක්ෂිතතාවය උදෙසා කටයුතු කළ බවත් පැවසීය‍.

එවැනි අවස්ථාවක නාවික හමුදාවට ඇතැමුන් මෙලෙස අභූත චෝදනා කිරීම ගැන කණගාටුවට පත් වෙන බවත් පැවසු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, මෙවැනි නීති විරෝධි කටයුතු කරන පුද්ගලයින් සිටි නම් ඉදිරියේ දීත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි