නවතම පුවත්

නිව්ටන්ගේ ඇපල් න්‍යාය බොරු වෙයි – ඊළගට අයින්ස්ටයින්

අසංක

අසංක

ඇපල් ගෙඩියක් හිස මතට වැටීමෙන් අයිසැක් නිව්ටන් අවබෝධ කරගත් අදහස, විශ්වයේ ගුරුත්වාකර්ෂණය පිළිබද සොයාගත් පළමු න්‍යාය බවට සියවස් ගණනක් ලොවම පිළිගත්තේය. 17 වැනි සියවසේ එලෙසින් සොයාගැනුණු ගුරුත්වාකර්ෂණ න්‍යාය, භෞතික විද්‍යාවට අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය. එය මේ දක්වාම වෙනත් බොහෝ න්‍යායන්ට පදනම සැකසීය.  එහෙත් අද වනවිට එම න්‍යාය වැරදි බවට ඔප්පු කිරීමට විද්‍යාඥයන් සූදානම් ය.

විශ්වයේ කළු කුහර පිළිබද අධ්‍යයනයේ නිරත විද්‍යාඥයන් මේ බව තහවුරු කිරීමට සූදානම් වෙයි. ‘SO-2’ නම් වන තාරකාවක් පිළිබද දීර්ඝ අධ්‍යයනයක යෙදෙන ඔවුන් පවසන්නේ එය පිහිටා ඇත්තේ A* ධනු රාශිය ආසන්නයේ බවයි. එනම් පෘථිවියට ආලෝක වර්ෂ 26000ක් ඈතින් පිහිටි ක්ෂිර පථය මධ්‍යයේයි. විශ්වීය ගුරුත්වාකර්ෂණ න්‍යාය මෙමගින් බොරු වන බව විද්‍යාඥයන් හෙළිකරගෙන තිබේ. අවම වශයෙන් කළු කුහරය හා එහි කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ද විද්‍යාඥයන්ගේ අලුත් අදහසයි.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ගේස් මෙලෙස අදහස් දක්වා තිබේ. ‘ගුරුත්වාකර්ෂණය ගැන පසුගිය කාලය පුරාම හොදම පැහැදිලි කිරීම තිබුණේ අයිසැක් නිව්ටන්ටයි. නමුත් අද වනවිට එහි නිවැරැදි බව නූල්බෝලයක පැටලිලා. ඇල්බර්ට් අයිනිස්ටයින් ඉදිරිපත් කළේ වඩාත් සම්පූර්ණ න්‍යායන්. නමුත් අද ඒම න්‍යායනුත් ගැටෙන්නට පටන් අරන් බව පේනවා.’

S0-2 මගින් විහිදෙන ආලෝක කදම්බ පිළිබද අධ්‍යයනයේදී 1915 අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය සහ ඒය සම්බන්ධ කාරාණා මනාව පැහැදිලි කර තිබේ. එමගින් තහවුරු කර ඇත්තේ ගුරුත්වාකර්ෂණය යනු කාලය සහ අවකාශයේ වක්‍රතාව බවයි. S0-2 වෙත සදක් ඇත. ඒය හිරුට වඩා 10 ගුණයක් විශාලය. ඒහි කක්ෂය කළු කුහරය වටා ඉලිප්සාකාර හැඩයෙන් යුතුවේ. ගවේෂණවලින් අනාවරණය වී ඇත්තේ ඒම තරුවෙහි ආලෝකය, කළුකුහරයේ ගුරුත්වාකර්ෂණ ඇදීමෙන් ගැලවී ගොස් ඇති බවයි. කළු කුහරයේ ස්කන්ධය සූර්යයාට වඩා මිලියන 4 වාරයක් වැඩි ය.

‘නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන්. අපගේ දැන් ගවේෂණය සිදුවන්නේ අයින්ස්ටයින්ගේ පොදු සාපේක්ෂතාවාද න්‍යාය ගැනයි. ඔහුගේ න්‍යාය මුළුමනින්ම අවදනාමට ලක්වෙලා තියෙන්නේ. කළු කුහරය තුළ ගුරුත්වාකර්ෂණය ගැන ඒකට විග්‍රහ කරන්න කොහෙත්ම බැහැ. ඒතැනදී අපිට අයින්ස්ටයින්ගේ න්‍යායෙන් ඔබ්බට ගිය ගුරුත්වාකර්ෂණය ගැන වඩාත් පුළුල් න්‍යායක් අවශ්‍යයි කළු කුහරය කියන්නේ මොකක්ද කියලා හරියටම කියන්න’ යැයි ද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි