නවතම පුවත්

පොලී අනුපාත ගැන මහබැංකුව ගත් තීරණය

අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, 11% සහ 12% ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ( 23) දින පැවති රැස්වීමේදී ය.

2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී.

කෙසේ වෙතත්, වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූල නොවන ලෙස ඇතැම් ණය උපකරණ සඳහා අදාළ වෙළඳපොළ පොලී අනුපාතික අධික ලෙස ඉහළ මට්ටමක පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළේය.

තවද, මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල වේගවත් අඩුවීමක් සිදු වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.

ඒ අනුව, අධික ලෙස ඉහළ මට්ටමක පවතින ඇතැම් ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා ඉලක්කගත නියාමන ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරි කාලය තුළදී සමස්ත රුපියල් ණය පොලී අනුපාතික සුදුසු ප්‍රමාණයකින් අඩු කිරීමට බලපත්‍රලාභී බැංකු යොමු කිරීමටත් මුදල් මණ්ඩලය තීරණය කළේය.

image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට
image-36
'ඔන්ලයින්' ණය ගන්නේ බලාගෙනයි !
image-34
මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන!
image-33
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය අද සිට!
Student school exam
සාපෙළ විභාගය 10 ශ්‍රේණියට