නවතම පුවත්

මාලි වාර්තා පිට වාර්තා තියා ශ්‍රීලංකාව අවසන් තරගය ජයගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 125/8 ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණි.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 වරම් හිමිකර ගැනීමට ළහිරු මධුශංක සමත්විය. විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

වාර්තා පිට වාර්තා තැබූ මාලිංග

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.

 මුන්රෝ දවාගැනීමත් සමග මාලිංග විස්සයි20 කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිටවීය.

එසේම විස්සයි20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙය වන අතර ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නාද මාලිංග වෙයි.

මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු හතරකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හතරක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටවීය.

ඒ අනුව විස්සයි20 පිටියේදී හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි