නවතම පුවත්

මේ “එකෝමත් එක රටක සුරංගනා කතා කියන සමයයි”

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙම ලියුම්කරු හා ඔහුගේ පරම්පරාවේ විසූ බොහෝ දරුවන් සිය කුඩා කල ආසාවෙන් කියැවූ රුසියානු සුරංගනා කතාමාලාවක් වූයේ “ලස්සන වසිලිස්සා” ය. එකී කතා මාලාව කෙතරම් මනරම්ව රුසියානු බසින් සිංහල බසට දැදිගම වී රිඩ්‍රිගු මහතා පරිවර්තනය කර තිබුනාද යත් වසිලිස්සාගේ සුන්දරත්වය දැක ගැනීමට අප පරම්පරාවේ සාමාජිකයින් තවමත් සිහින දකිති. මෙකල වුවද අප නිවෙස් හි අගහිගයක් වූ කල දුප්පත් ඉවාන්ගේ අරුමපුදුම මේස රෙද්ද පිළිබදව අපි සිහි කරමු. එසේම නපුරු ගැහැනියක දුටු විට බිරියෝසා ගස් අඹරවමින් කොස්සේ නැගී ක්ෂ්ණයෙන් ප්‍රාධූර්භූත වන බාබායිගා යකින්න සිහිපත් කිරීමටද අපි අමතක නොකරමු. ලස්සන වසිලිස්සා යනු ප්‍රබන්ධයකි, එහි වටා ගෙතී තිබූ චරිත සියල්ලක්ම ප්‍රබන්ධ මිස පියැවි ලොවේ විසූ වන් නවේ. එනමුදු ඒ සියල්ලක් චරිත අප සිත් තුළ තවමත් කළු සුදු වශයෙන් ජීවත් වෙති. කිසිදා නොදුටුවද නොගැටුනද අප සිත් සන්තානයෙන් ලස්සන වසිලිස්සාව යතාර්ථය වෙත කැන්දා නො එන්නේ යතා ලොකය තුල වෙසෙන වසිලිස්සා, පොත විසින්  චිත්ත රූප මවන තරම් ලස්සන නොවන බැවිනි. කොටින්ම ඇත්ත තිත්ත බැවිනි.

මෙකල අතිශය උණුසුම්ව ගිගුම් දෙන දේශපාලන වේදිකා මත සිටින වුන් දෙසන කතා වෙත අවධානය යොමු කරන විට හැගී යන්නේ ඔවුන්ගේ චිතත රූප මැවීමේ හැකියාව සමග රුසියානු සුරංගනා කතා කරුවන් හට කිට්ටු විය නොහැකි බවයි. එතරම් මනරම්ව ඔවුහු ජනතාව හමුවේ සුරංගනා කතා කියති සොදුරු චිත්ත රූප මවති. එකී කතා ඇසූ අහිංසක ජනයා මෙකී සුදු රෙදි හොරුන් ගෙන් රගදෙන වේදිකා අද්දර කොල, නිල්, රතු තොප්පි දමාගෙන දෑත් අහසට ඔසවා උන්ගේ දුක කියනු වෙනුවට දියවන්නාවේ සුදුරෙදි සොරුන්ගේ ශ්‍රී මුඛයෙන් පිටවන වචනයක් වචනයක් පාසා තාලයට රගති, හුරේ දමති, ඔල්වරසන් දෙති. රට දෙකට කඩනවා යැයි පැවසුවද හුරේ දමති, රට රකිනවා කීවද හුරේ දමති, බොත්තම ඔබනවා කීවද උඩ පනිති, “අනේ සර් ඔබ ඒකාධිපතියෙක් වෙලා හරි මේ රට හදන්න කියා ද උඩ පනිති”. කොටින්ම මේ අහිංසකයින් කරනුයේ තමන් රිසි දේශපාලකයා හට හුරේ දමා ස්වයං වින්දනයක යේදීම මිස අන් කවරක් නොවේ.

මෙකී දේශපාලන පොරොන්දු හමුවේ ලාංකීය ජනයා හුරේ දැම්මද උඩ පැන්නද ඡන්දයෙන් පසු ඔවුන් අපේක්ෂා කළ අපේක්ෂකයා බලයට පැමිණි සතුට විනා ඡනදදායකයා හට ඉන් ලැබෙන පයිසයක් තරම් දෙයක් නැතැයි ඔවුහු හොදින් දනිති. නමුත් සෑම ඡන්දයක් ඉදිරියේම මේ දක්වා ඔවුහු තමන් රිසි අපේක්ෂකයා දුන් පොරොන්දු ඉදිරියේ උඩ පැන්නහ ඉදිරියේද මෙලෙසම උඩ පනිනු ඇත. එය කුදු අවාසනාවන්ත තත්වයක් වුවද මෙකී තත්වය කෙරෙන් අහිංසක දුප්පත් ඡන්දදායකයහට දොස් පැවසීම අර්ථ විරහිතය. මක් නිසාද යත් දශක හතක් පුරාවට ලාංකීය දේශපාලනයේ ඡන්දදායකයාගේ හැඩය දේශපාලකයන් විසින් ගොඩ නගා ඇත්තේ ඉහත කී පරිදිය. ඔවුන් තමන් රිසි දේශපාලන වේදිකාවෙන් අපේක්ෂා කරනුයේ යතාර්ථයක් බවට පත්විය හැකි දේශපාලන ප්‍රතිපත්ථි මාලාවකට වඩා හෝරා කිහිපයක් පමණක් මතකයේ රදා පවතින තාවකාලිකව විදිය හැකි රසවත් සුරංගනා කතා පන්නයේ කිසිදා සිදු නොවන කෙප්ප ඇසීමටය. එය ඡන්දදායකාගේ අවාසනාවද ජාතියේ අවාසනාවද යන්න කිසිවෙක් නොදන්නා හැඩය.

දියවන්නාවේ සුදු රෙදි හොරුන් දේශපාලන වේදිකාවේ ටකරං වහලය දෙදරන තරම් නාදයෙන් තමන් බලයට පත් වූ පසු ජනතාව වෙත සිදු කරන ප්‍රථිලාබ පිළිබදව දෙනු ලබන පොරොන්දු මාලාව ලස්සන වසිලිස්සාට වඩා බොහෝ අලංකාර වුවද ඡන්දයෙන් පසු බලවත් ඡන්දදායකයා හට අත්වන ඉරණම බාබායිගා යකින්නටත් වඩා බෙහෙවින් කළු හා කැත බව මේ අහිංසකයින් හොදින් දනිති. නමුදු හුරේ දමති. කොටින්ම කිවහොත් මෙකල සමස්ත රාජයයම දේශපාලන වර්ණ කිහිපයකට බෙදී අවසන්ය, ලංගම බස් රථයේ පාපුවරුවේ තෙරපී කොළඹට රැකියාව සදහා පැමිණෙන අතර ඔවුහු ගැටෙති, හන්දියේ කඩේ මුදලාලිගෙන් ණය පොතට ගෙනා නාඩු හාල් සේරුවේ ගල් අහුලමින් සිය අසල්වැසියා සමග ගැටෙති, කොටින්ම  නිවසේ එලිපත්තේ රැකියා විරහිතව සිටින තරුණයින් අපහසුවෙන් මිලට ගත් රුපියල් සියයේ ඩේටා පත අවසන් වන තුරා “සකර්බර්ග් ගේ” මුහුණුපොතේ තම ආත්මයම ශෙයාර් කරමින් තමන් රිසි අපේක්ෂකයා වෙනුවෙන් ගැටෙති.  පළමුව තමන් ඉතිහාසය පුරාවට අතිශය සාපරධී අයුරින් දේශපාලනිකව රැවටී සිටින බැවි මේ අහිංසකයින් වටහා ගත යුතුය. සිය පැල්පතට ලබා දුන් තහඩු කැබැල්ලෙන් හෝ තමන්හට අමාත්‍යන්ශයෙන් ලැබුනු දේශපාලනික “පියුං” තන්තුරේ බල මහිමයෙන් හෝ දේශපාලනික බොරු පොරොන්දු වෙත ජීවයක් ලබා නොදීමට ලාංකීය ජනතාව වග බලාගත යුතුය. කොටින්ම සුරංගනා කතාවක් වුවද තමන් හට රසාස්වාදයක් විනා තමන් රැවටීමට යොදාගන්නේ නම් එය එකහෙලා ප්‍රතික්ෂේප කිරීමට තරම් අප ජනතාවගේ කොන්ද පණ තිබිය යුතුය. එසේ නොවන්නට ලාංකීය ඡන්දදායකයා දේශපාලන වහල් භාවයෙන් මුදවා ගැනීමට කිසිවකු හට නොහැකි වනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා මෙල්බන් සිට ලියයි

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?