නවතම පුවත්

යාපනය ආඥාපති මේ.ජෙනරාල් රුවන් වනිගසූරිය වැඩ භාරගනී

අසංක

අසංක

මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය යාපනය ආඥාපති ලෙස ‌ඊයේ (15) වැඩ භාරගත්තේය.

හමුදා ප්‍රකාශකවරයා ලෙස දිගු කලක් මාධ්‍යට සමීපව කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය යාපනය ආඥාපතිධූරය හිමිවනවිට 59 වැනි සේනාංකාධිපති ලෙස සේවය කරමින් සිටියේය.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යාපනය ආඥාපතිධූරයෙන් විශ්‍රාමයාමත් සමග පුරප්පාඩුවූ යාපනය ආඥාපතිධූරයට මෙසේ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය පත්කොට තිබේ.

යාපනය පලාලි හමුද්‍ර මුලස්ථානයේදී ආගමික වතාවත්වලින් අනතුරුව නිල ලේඛනයන්ට අත්සන් තබා වැඩ භාරගත් මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය වෙනුවෙන් 10 කාලතුවක්කු රෙජිමේන්තු භටයෝ සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පැවැත්වුහ.

සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කලක් භාරදුර වගකීම් දැරු මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුදා මානුෂීය මෙහෙයුම සමයේද සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකළ දක්ෂ හමුදා නිලධාරියෙකි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී