නවතම පුවත්

යාලෙ යන යන පාරට සජිත්ට රු.310 ක් මිස්වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සත්‍යජිත් ලියනගේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිටනම් ප්‍රසිද්ධ වී සිටින්නේ එජාපය නිල වශයෙන් ප්‍රකාශ නොකළත් බලහත්කාරයෙන් හෝ ජනාධිපති අපේක්ෂකත්වය ගන්නා තරමටය.
සජිත් ප්‍රේමදාස මහතා පවසන විධියට ඔහුගේ විනෝදාංශය වනජීවි ඡයාරූප ගැනීමය. පසුගියදා සජිත් චම්පික රණවක ඇමැතිවරයාගෙත් චම්පික සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගෙත් ඡායාරූප මාරුවෙන් මාරුවට ගත්තේය. මේ ඡයාරූප ගැනීමේ ආසාව නිසාම සජිත් ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානය තුළ නිතර සැරිසරන බව බොහෝ දෙනෙක් කියති. නමුත් මේ කතාව ඒ පිළිබදව නොවේ.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා යාලට යන්නේ ඡයාරූප ගැනීමට හෝ වනජීවින් නැරඹීමටනම් එය හුදී ජනයාගේද අසාවක්ය. ඇතමෙක් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ යාලට යන කතාව ගැනද සැක සංකා මතුකර කතා ගොතා තිබිණි. ඊට ලුණු ඇඹුල් දමා තිබිණි. ඇත්තටම සජිත් ඇමැතිතුමාට එවැනි චෝදනාවක් කිසිවකුටත් නගන්නට බැරිය. නමුත් යාලට යන වතාවක් පසා සජිත් ප්‍රේමදාස මහතාට අමතකවන දෙයක් ගැන යාල වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට මතකය.
පසුගිය දිනෙක කටගමුවෙන් යාලට ඇතුලුවීමට ගිය එජාපයේම දේශපාලඥයෙක් යාලට ඇතුලුවීමේදී මුදල් දී ටිකට් පත් නැතිනම් අවසර පත් ගත්තේය. අපේ සජිත් ඇමතිතුමාත් නිතර එනවා නේද යැයි දේශපාලඥයා නිලධාරියෙකුගෙන් ඇසුවේය. එනවා හැබැයි සර්ලා වගේ ටිකට් ගන්නෙ නෑ නේ. ආ ඒ මොකද ? අනේ නෑ සර් මම සර් ඇහුව නිසා කිව්වෙ. සජිත් ඇමතිතුමා හරි හොදයි.
හැබැයි මෙතනින් ටිකට් ගන්නවා නම් ඇමැතිතුමාට රු.60යි ජීප් එකට 250 ගෙවලා ගියත් 310යි. අනෙක් අයට නැතත් ඒ ගාන හරි දීලා ගියානම් ඒකත් රජයටනේ සර්. හැබැයි සජිත් ඇමැතිතුමාට රු 310 මිස්වෙනවා. යැයි නිලධාරියා කිවේය. දේශපාලඥයා සිනාසෙමින් තමන්ගේ සංචාරය ආරම්භ කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි