නවතම පුවත්

යුරෝපයේ විශාලතම සරණාගත දිවයින හිස් කරයි

අසංක

අසංක

යුරෝපයේ විශාලතම සරණාගත කදවුර වන ග‍්‍රීසියට අයත් ලෙස්බෝස් සරණාගතයන් ඉවත් කිරීමට ග‍්‍රීක රජය පියවර ගෙන තිබේ.


ඊට හේතුවී ඇත්තේ එම දූපතේ සිටිය යුතු ජන සංඛ්‍යාවට වඩා සිව් ගුණයක්සරණාගතයන් එහි ජීවත්වීමයි.


ලෙස්බෝස් යනු ග‍්‍රීසියට අයත් තෙවැනි විශාලතම දුපතයි.


මෙහි පිහිටුවා ඇති මෝරියා සරණාගත කදවුර තුළ සිටිනුයේ ආසියාව, මැදපෙරදිග හෝ අප‍්‍රිකාවෙන් නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් සංක‍්‍රමණය වූ පුද්ගලයන් ය.


මෙම සරණාගත කදවුර සකසා තිබුණේ පුද්ගලයන් 3000කට පමණක් සිටිය හැකි තාවකාලික, අවම පහසුකම් සහිතව වන නමුත් මේ වනවිටඒහි 11000කට අධික පිරිසක් රැදී සිටීම හේතුවෙන් මතුවූ ගැටලූ රැසක් නිසා ග‍්‍රීසිය මෙම පියවර ගෙන තිබේ.


ඔවුන් වෙනත් ස්ථානය පිහිටුවූ කදවුරකට ගෙන යන අතර ඊයේ වනවිට 635ක් ඉන් ඉවත් කර තිබුණි.
ඉන් ඉවත් වෙමින් සිටි සරණාගතයන් මාධ්‍ය වෙත පවසා තිබුණේිමේ අපායෙන් කෝහේට ගියත් කමක් නෑ.’ යනුවෙනි.


මෙම සරණාගත කදවුර තුළ පුද්ගලයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් තරමටම සුලභ වන අතර ඒහි අවම පහසුකම් හෝ නොමැතිව සිටින ජනතාව සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම ග‍්‍රීසියට චෝදනා ඒල්ල කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්