නවතම පුවත්

ශවේන්ද්‍රට නිල රාජකාරියටවත් වීසා දෙන්නේ නෑ – UN හා ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවයි

අසංක

අසංක


නව යුද හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමත් සමග ජාත්‍යන්තරය කැළඹූ මෙන්ම බොහෝ පාර්ශ්ව ක්ෂණිකව ප‍්‍රතිචාර දැක්වූ මාතෘකාවක් බව පෙනෙන්නට තිබේ.

ඒ අතුරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, අමෙරිකාව, සිවිල් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් මෙන්ම මෙරට ඇතැම් දේශපාලන පක්ෂ ද ඊට විරෝධය දක්වා තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිස් විෂෙල් බැචලට් පවසා තිබුණේ මෙම පත්කිරීම දැනගැනීමෙන් තමන් අතිශය කලබලයට පත්වූ බවයි.

සාමසාධක කාර්යයෙහි ශ‍්‍රී ලංකාවේ දායකත්වය තවදුරටත් දායක වීම කෙරෙහිද මෙම පත්කිරීම අහතිකර ලෙස බලපානු ඇති බව මහකොමසාරිස්වරිය චෝදනා කර තිබුණි.

සත්‍ය සහ යුක්තිය පිළිබද ජාත්‍යන්ත ව්‍යාපෘතිය නිවේදනයක් නිකුත් කර තිබුණේ යුද අපරාධ චෝදනා එල්ලවූවකු යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීම රටට හානිකර වූ සංහිදියා පියවරක අවසානය ලකුණු කරන්නක් බවය. එහි විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසා තිබුණේ මේ පිළිබද ශ‍්‍රී ලංකාවේ මිතුරු රටවල් මූලධාර්මික පියවරක් ගනු ඇති බවත්ය. එමෙන්ම නිල කාර්යයකට හෝ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයාට විදේශගතවීමට වීසා බලපත‍්‍රයක් නොදෙනු ඇතැයි ද ඇය අනතුරු අගවා තිබුණි.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනය කර තිබුණේ නව යුද හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධනයෙන් යළි සිතාබලා තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.


මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීම පිළිබද අමෙරිකාව දැඩි සැළකිල්ලෙන් පසුවන බවය. ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජගත් සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කරන ලද මානව හිමිකම් උල්ලංගන චෝදනා බරපතළ හා විශ්වසනීය බව එහි දැක්විණ. සංහිදියාව හා සමාජ සමගිය අවශ්‍ය වී ඇති අවස්ථාවක මෙම පත්කිරීම රටේ ජාත්‍යන්තර කීර්ති නාමය, යුක්තිය හා වගකීම ප‍්‍රවර්ධනය සදහා වන කැපවීම හෑල්ලූවට ලක්කරන්නක් බව ද අමෙරිකාව චෝදනා කර තිබේ.

නව යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම දෙමළ ජනයාට එල්ල කරන ලද පා පහරක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්දිරන් මහතා පැවැසීය.ජනාධිපතිවරයා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් එම පක්ෂය කළකිරීමට පත්වූ බව ද දෙමළ ජාතික සන්ධානය නිවේදනය කළේය. අවසන් ගැටුම සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී ඇති ජාත්‍යන්තර චෝදනා ඉස්මතු කරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව සදහන් කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?