නවතම පුවත්

සජිත් විශ්වාසයිද ? චම්පික හර්ෂගෙන් විමසයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණ අපේක්ෂයන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුධය උඩුදුවා තිබේ. ඊට හේතුවී ඇත්තේ තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තීන්දු කිරීමට නොහැකිව පවතින බල අරගලයයි.

අගමැති රනිල් වික්‍රමසිං, කථානායක කරු ජයසුරිය, ඇමැතිවරුන්වන සජිත් ප්‍රේමදාස, චම්පික රණවක සහ නවින් දිසානායක මෙවර ජනාධිපතිවරණ සටනට බලාපොරොත්තු දල්වා සිටින පිරිස අතරේ ඉදිරියෙන්ම සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් කළ යුතු යැයි එජාපයේ මන්ත්‍රිවරුන් රැසක් මේ වනවිට පක්ෂ නායකත්වයට බලපෑම් කරමිනි සිටිති.

ඒ අනුව එජාප මන්ත්‍රිවරන් කිහිප දෙනෙක් මෙම මතයට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත්විය හැකි නාම යෝජනා නම් සලකා බලමින් ඔවුන්ව සජිත්ගේ නම වෙනුවෙන් යෝජනා ස්ථිරත්වයකට පැමිණීමේ අපේක්ෂාවන් හැකියාව හමුවී සාකච්ඡා පැවැත්වීමට අදහස් කර තිබේ.

එජාප මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සති අන්තයේ ඇමැති පාඨලී චම්පික රණවක හමුවීමට ගියේය.  ඒ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් චම්පිකගේ කැමැත්ත ලබා ගැනීමටය.

ඒ වනවිටත් චම්පික රණවක පසුගියදා කළ ඉන්න හිතෙන රටකට කතාබහක නියැලී සිටියේය. චම්පික අදාල ව්‍යාපෘතිය ඔස්සේ සමාජ කටකැස්මක් ඇතිකරමින් සිටින්නේද ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනය. කෙසේ වෙතත් හර්ෂ සහ චම්පිකගේ හමුවීම එතරම් සුහද කතාබහකින් පිරී ගියේ නැත.

එජාපයේ මන්ත්‍රිවරුන් බොහෝ දෙනා සජිත්ට කැමැත්ත පළ කර තිබෙනවා. ගමේ මිනිස්සු ඉල්ලන්නෙ සජිත්ව. ඉතිං අපි එකතුවෙලා සජිත්ව දාමු. යැයි හර්ෂ චම්පිකට යෝජනා කළේය.

සජිත්ව විශ්වාසයි ද ? චම්පික එකඑල්ලේම හර්ෂගෙන් ඇසුවේය.

හර්ෂ කල්පනා කරන්නට වුයේය.

එහෙම නැතිව මා එක්ක මොකටද කතා කරන්න එන්නෙ යැයි පාඨලී චම්පික රණවක හර්ෂ ද සිල්වාගෙන් ඇසුවේය.

හර්ෂ හිස් අතින් හැරී ගිය පසු සජිත්ට පාඨලී කැමති කරවා ගැනීමට අජිත් පී පෙරේරා ද පාඨලී චම්පික හමුවීමට දිනයක් ඉල්ලුවේය.

හමුවෙන්න අවශ්‍යය නැහැ. 5 වැනිදාට ගිවිසුම් අත්සන් කරනවා නේ. එදාටම කතා කරන්න පුළුවන් යැයි අජිත්ට හමුවීමේ වේලාවක් නොදුන් චම්පික සිය දිනපොත මෙහෙයවන්නාට කීවේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී