නවතම පුවත්

සිරියානු කදවුරුවලින් IS ත්‍රස්තයන්ගේ කතුන් හා ළමුන් 800ක් පැන ගිහින්

අසංක

අසංක

කුර්දි පාලනයට එරෙහිව සිදුවූ තුර්කි ෂෙල් වෙඩි ප‍්‍රහාර හේතුවෙන් ඊසානදිග සිරියාවේ අයිඑස්අයිඑස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ කාන්තාවන් හා ළමුන් රදවා සිටි ඉසාහි කදවුරකින් 800කට අධික පිරිසක් පලාගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එසේ පලාගිය අය අතුරින් 249ක් පමණ කාන්තාවන් වන අතර 700 දෙනකු පමණ ළමුන්ය. කුර්දි හමුදාවන්ට ඒරෙහි තුර්කි ප‍්‍රහාරයෙන් ඇතිකළ අවුල්සහගත තත්ත්වය මධ්‍යයේ අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් යළි වෙනත් ස්ථානයක සංවිධානය වී ශක්තිමත් වීමට හේතුවූ බවට සැක මතුවී තිබේ. මෙය සිදුවී ඇත්තේ අයිඑස්අයිඑස් ත‍්‍රස්තයන් රදවා සිටි සිර කදවුරකට ද තුර්කි හමුදා එල්ල කළ ප‍්‍රහාරයත් සමගය. එම ප‍්‍රහාරය අතරතුර දී ද අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් රැුසක් පලාගොස් තිබේ.

සිරියාව තුළ තුර්කි හමුදා හා කුර්දි සටන්කරුවන් අතර මෙලෙස දැඩි ලෙස ගැටුම් ඇවිලී ඇත්තේ සිරියාවේ රැුදී සිටින තම භටපිරිස් ඉවත් කරගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝග කර තිබෙන පසුගිබමකයි. ඒහෙත් දහසකට ආසන්න අමෙරිකානු සෙබළු තවමත් සිරියාවේ රැුඳී සිටිති. තුර්කි ප‍්‍රහාර හේතුවෙන් අමෙරිකානු සෙබළුන්ට ද හානි වී ඇතැයි ඒරට වාර්තා පවසයි.


ගැටුම් හේතුවෙන් තුර්කි හා කුර්දි දෙපාර්ශ්වයටම හානි සිදුවී ඇති අතර දෙලක්ෂයකට අධික සිරියානු සිවිල් වැසියන් ජිවිත ආරක්ෂාව පතා සිය ගම්බිම් අත්හැර පලා ගොස් ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි