නවතම පුවත්

හමුදාපති කවුද ?

අසංක

අසංක

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය ඊයේ 18 මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වීමත් සමග මෙතෙක් යුද හමුදාපතිවරයා කවුරුන්දැයි සේනාධිනායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත්කොට නැති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.


ඒ අනුව අද උදෑසන දක්වා ගෙවී ගිය පැය 12කට අසන්න කාලය සදහාද නිශ්චිතව හමුදාපතිවරයා කවුරුන්දැයි ප‍්‍රකාශ යට පත් නොවීම නිසා නෛතිකව මහෙෂ් සේනානායක මහතාම යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
මෙවන් අවස්ථාවක වැඩ බලන හමුදාපතිවරයෙකු ලෙස යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා පත් කිරීමේ හැකියාව තිබුණද ජනාධිපතිවරයා විසින් එවැනි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයකි. ඒ අනුව අද දිනය තුළ හෝ මෙම ගැටලූව විසදෙනු ඇතැයි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විමසිලිමත්වී සිටියි.
නියමිත පරිදි අදාල පත්කිරීම් සදහා කාලය යෙදී තිබුණේ පසුගිය සිකුරාදා දිනයටය. නමුත් හමුදාපතිධූරය සම්බන්ධයෙන් පවතින අලූ යට ගිනි නිසා මෙම තත්ත්වය මගහැර ඇතැයි තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි.
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකට තවත් සේවා දිගුවක් ලැබෙනු ඇතැයි එක් පාර්ශවයකුත්, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධූරයට පත්වනු ඇතැයි තවත් පාර්ශවයකුත්, ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියා ලෙස සත්‍යප‍්‍රිය ලියනගේට මීළග හමුදාපතිධූරය හිමිවිය යුතුයැයි තවත් පාර්ෂවයකුත් මත ඉදිරිපත් කිරීම හේතුවෙන් යුද හමුදාපතිධූරය සම්බන්ධයෙන් සීතල සටනක් නිර්මාණය විය.
මේජර ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේට පෙර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවෙන් විශ‍්‍රාම යාමට නියමිතව සිටි අතර සේනාධිනායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මාස 6ක සේවා දිගුවක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේගේ සේවා කාලය ඊට පෙර නිමාවීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් වත්මන් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක තමන්ට තවත් සේවා දිගුවක් ලබා දෙන්නැයි පුද්ගලිකව ඉල්ලීමක් නොකර සිටීමට වගබලාගෙන ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී