නවතම පුවත්

අගමැති මෝදි ඉරිදා ලංකාවට එන්නෙ තෑගි අරන්ද?

අසංක

අසංක


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද ඉන්දීය ජනතාව ශ්‍රි ලංකාව සමග සිටින බවට ලොවට පණිවුඩයක් රැගෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනිද්දා මෙරට සංචාරයකට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද උදෑසන පැවැසීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙහි (BIDTI) රාජ්‍යතාන්ත්‍රිකභාවය හා ලෝක සබඳතා පිළිබඳ 21 වන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් හෙතම මේ බව සදහන් කළේය.

කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට තර්ජනයක් වන එදිරිවාදී ජිහාඞ් මතවාදය හුදෙකලා කළ යුතු අතර එය මුලිනුපුටා දැමිය යුතු බවත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවත් ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අවධාරණය කළේය.
නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස නැවත වතාවක් තේරී පත්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරයා පැවැත්වු පළමු ප‍්‍රසිද්ධ දේශනය මෙය වේ.

2015 මාර්තු මාසයේ දී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වුයේ ඉන්දයීය අග්‍රාමාත්‍යවරයෙකු වසර 28කට පසුව ප්‍රථම වරට මෙරට කරන ලද සංචාරය සනිටුහන් කරමිනි.
2017 මැයි මාසයේ පවත්වන ලද ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමටද අග්‍රමාත්‍ය මෝදි මහතා මෙරටට පැමිණියේය.

පසුගිය ඉන්දීය මහ මැතිවරණයේ මුලික අදියර ක්‍රියාත්මකවෙමින් තිබියදී නරේන්දු මෝදි මහතා නැවත අගමැති ධූරයට පත්වීම අවිනිශ්චිත තැනක තිබිණි. ඊට හේතු ගණනාවකි. පකිස්ථානයේ අන්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිපත්තියකට ඉන්දියාව යොමුවුවද එහි අවසන් ප්‍රතිඵලය ඉන්දීය ජෙට් යානා කඩා වැටී ඉන්දීය ගුවන් නියමුවකු නිරුපද්‍රිතව පකිස්ථානු හමුදා ග්‍රහණයට අසුවීමෙන් කෙළවර විය.
නමුත් අසල්වැසි ශ්‍රි ලංකාවේ 4-21 සිදුවු පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලය උඩු යටුකුරු කළා වැනිය. මුස්ලිම් ත්‍රස්තවාදය එරෙහි ප්‍රතිපත්තියට කලාපීය නැඹුරුවක් ඇති කිරීමට තරම් ආන්දෝලනයක් ඒ තුළින් සිදුවිය. තවත් පැත්තකින් මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඉන්දියාවට නැවත සිහිකැදවුයේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි.

ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීම ගැන කල්තබා මෙරට බුද්ධි අංශ දැනුවත් කරනු ලැබුවේ ඉන්දියානු රෝ ඔත්තු සේවයයි. ඒ තුළින් පැහැදිලිවන්නේ සහරාන්ලාගේ ක්‍රියාකලාපය ගැන ඉන්දියාව කොතරම් අධ්‍යයනයකින් පසුවුවාද යන්නයි. ඉන්දියාව කලින් දැනුවත් කළද ශ්‍රි ලංකාවට ඊට එරෙහි වීමට තරම් ක්‍රමවේදයක් නොවීය. ඒ බවත් ඉන්දියාව දැන සිටියාද නොදන සිටියාද දන්නේ නැත.
කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අගමැති මෝදිගේ ජයග්‍රහණය විශිෂ්ට ජයක් බවට පෙරැළුණි. මුස්ලිම් බලපෑමකින් තොරවම ජයග්‍රහණය තහවුරුවුයේ මුස්ලිම් නියෝජනය මැතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොවු බව තහවුරු කරමිනි.

අගමැති මෝදි පාස්කු ප්‍රහාරයෙන් පසුවද පෙන්වා දී තිබුණේ ජිහාඩ් මතවාදය හුදෙකලා කිරීමට තමන් ශ්‍රි ලංකාවට සහය ලබා දෙන බවයි. ඇත්තටම අගමැති නරේන්ද්‍ර මෝදි ඉරිදා ලංකාවට පැමිණෙන්නේනම් ඒ තරම්ම ආරක්ෂක තහවුරුවක් ශ්‍රි ලංකාව තුළ ඇති බව ඔහු ලෝකයට පණිවුඩයක් ගෙන යන බව සැබෑය.
ඒ තරමටම ඉන්දියාවට අපේ රටේ ආරක්ෂාව ගැන තහවුරුවක් ඇත්තේ ලංකාවේ ආරක්ෂාව පිළිබද යතුරක් දැන් අගමැති මෝදිගේ සාක්කුවේද තිබෙන නිසා වන්නට පුළුවන. ඒ නිසා අගමැති මෝදි ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ආරක්ෂක යතුරක් සාක්කුවේ දාගෙනය. ජිහාඩ් නසන පණිවුඩය පමණක් ඔහු ගෙනවිත් දී ගියහොත් ජාතීන් අතර සමගිය ගැන ඔහු දී යන පණිවුඩයත් ඒ අතර වැදගත්ය. නැතිනම් සිදුවන්නේ හැමදාමත් මෙන් ලංකාව අනුන්ගේ බිලී පිතිවල ඇම වීමය.

මේ නිසා අගමැති නරේන්ද්‍ර මෝදි සාදරයෙන් පිළිගන්නා ගමන් නිරවුල් ප්‍රතිපත්ති පමණක් රටට දා ගැනීමට අප පරෙස්සම් විය යුතුය. ඊට හේතුව ඇමෙරිකාව නිතරම ඉන්දියාව හරහා ශ්‍රි ලංකාවේ දේශපාලනය හා යථාර්ථයට එබිකම් කිරීමය.
මේ විධියට බැලුවොත් නම් අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණිය යුත්තේ ප්‍රතිඋපකාරයකට තෑගි මල්ලක් අරන්ය. හැබැයි ඒ තෑගි මල්ලේ සෙල්ලම් පිස්තෝල, අවි ආයුධ හෝ කැලෑ කපන, කාන්තාවො ආරක්ෂා කරන පිහි නොතිබිය යුතුය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්