නවතම පුවත්

අත්අඩංගුවට ගත් ශිවාජිලිංගම් එළියට

අසංක

අසංක

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්. කේ. ශිවාජලිංගම් මහතා සහ තවත් පුද්ගලයෙක් අද (16) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ උපවාසයක් අතරතුර මියගිය එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයෙක් වන තිලීපන්ගේ ගුණ සමරීමක් වලක්වාලමින් නිකුත් කර තිබුණු අධිකරණ නියෝගයට පිටින් යමින් තිලීපන් ගුණ සැමරීම සම්බන්ධයෙනි.

ශිවාජලිංගම් මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ අධිකරණ නියෝගය තමන්ට නොලැබුණු බවය. එම නියෝගය ශිවාජලිංගම් මහතාට ලබාදීමට නොහැකි වූ බව එහිදී පොලීසියද පිළිගෙන තිබේ. තමා වාර්ෂිකව තිලීපන් ගුණාඅනුස්මරණය සිදුකර ඇති බවත් ඊට මෙවැනි බාධාවන් එල්ලවී නැති බවත් ශිවාජලිංගම් මහතාගේ පාර්ශවයෙන් අධිකරණයට කරුණු දැක්වීමක් කර ඇත.

ශිවාජලිංගම් මහතාට සහ සෙසු සැකකරුට අධිකරණයෙන් ඇප ලැබී ඇත්තේ එම කරුණු දැක්වීමට අනුවය. ලබන 25 වෙනිදා නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශිවාජලිංගම් මහතාට යාපනය අධිකරණය නියෝග කර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි