නවතම පුවත්

අතුරු අයවැයෙන් ජනතාවට සහන රැසක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවශ්‍ය වුවොත් අපහසුතාවයන්ට පත්ව ඇති පුද්ගලයින්ට නොමිලේ ආහාර ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන්කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රටේ සෑම පුද්ගලයෙකුටම තුන් වේල ආහාර ලබාදීමේ වැඩසටහනක් ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කළ බවයි.

එමෙන්ම මේ තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින ජනතාවට සහන සැලසීමට රජය පමණක් නොව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම පෞද්ගලික අංශයන් ද එක්විය යුතු බව කියා සිටියා.

මේ වෙනුවෙන් ඉදිරි කාලයේ අපේ ආර්ථික සැලැස්ම සහ මාර්ග සිතියම පදනම් කරගනිමින් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකරන්නේ ඒ හේතුවෙන් බවද කියා සිටියා. අපේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ පදනම මේ අයවැය මගින් සකස් කිරීම බලාපොරොත්තුව බවද අගමැතිවරයා සඳහන් කළා.

” අතුරු අයවැය මගින් රජයේ අනවශ්‍ය වියදම් කපා දමනවා. අනෙක් වියදම් සීමා කරනවා. ඒ වගේම අර්බුදයට ලක් වී ඇති ක්ෂේත්‍ර ගණනාවක් යළි නගා සිටුවීම කෙරෙහි අපේ අවධානය යොමුකරනවා. අපනයන ආර්ථිකය සංචාරක ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු වෙනවා.

ඒ වගේම අපේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති දුර්වල ප්‍රජාව වෙනුවෙන් මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතු බව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වා දුන්නා. ඔවුන් ඊට එකඟත්වය පළ කළා. අප අතුරු අයවැය සකස් කරන්නේ ඒ කරුණු පදනම් කර ගෙනයි” අගමැතිවරයා සඳහන් කර සිටියා.

මෙහිදී ප්‍රධාන කරුණු 06ක් සම්බන්ධයෙන් ද අගමැතිවරයා සඳහන් කර සිටියා.

2 සහනාධාර සීමාව ඉහළ නැංවීම .

ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකිතරම් ඉහිල් කරන්න පියවර ගන්නවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබාදීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

3 ගොවි ණය සියයට සියයක්ම කපාහැරීම.

කුඩා ඉඩම් වල වී වගාව කරන ගොවි පවුල් අති දුෂ්කර තත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති වී ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා.

4 ජනතාවට තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා ලබාදීම .

ස්වර්ණභූමි මහවැලි ආදී ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නක්කරවම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩ පිළිවෙලට විරුද්ධව වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු වන්නේ නැති නිසා ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා.

5 නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායි පදනමකින් පදිංචිකරුවන්ට ලබාදීම .

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත්වෙන පවුල් ඉන්නවා. නිවසේ අයිතිය වෙනුවෙන් දීර්ඝකාලීන පොලී ගෙවන අයත් ඉන්නවා. අපි සහනදායි පදනමක් යටතේ මේ සියලු නිවාස වල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමට පියවර ගන්නවා.

6 චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම.

මා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවේ න් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක් ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් එකසිය අටක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබාදීමට අප කටයුතු කරනවා. මගේ බලාපොරොත්තුව ඒ නිවාස 1888 ම නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි