නවතම පුවත්

අද ලෝක දුම්වැටි නිවාරණ දිනය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරනය කිරීම සඳහා මේ වනවිට සමාජ මාධ්‍ය ජාල බහුලව භාවිතා කෙරෙන බවත් , එය වැලැක්වීම සදහා දුම්කොළ සහ මද්‍යසාර අධිකාරි පනත ශක්තිමත් කල යුතුව ඇති බවත් දුම්කොළ හා මධ්‍යසාර තොරතුරු ආයතනය (adic ) අවධාරණය කර සිටී

අදට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙම ආයතනය මේ බව සඳහන් කර ඇත.

දුම්කොළ සමාගම්වලින් වැටුප් ලබන පිරිස් සමාජ මාධ්‍ය හරහා ඒවා ප්‍රවර්ධනය කරමින් සිටින බවත් ඒ හරහා දුම්කොළ හා මත්ද්‍රව්‍ය ළමුන් සහ තරුණයන් අතර ආකර්ෂණීය භාණ්ඩයක් බවට පත්කිරීමට උත්සාහ දරන බවත් මෙම නිවේදනයේ දැක්වේ.
සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රිය සම්භාෂණ සහ ඉසව් (Events) ප්‍රචාරය කිරීම හරහාද දුම්වැටි ප‍්‍රවර්ධනයට උත්සාහ කරන බව නිවේදනයේ දැක්වේ..

ආයතනයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ .

“දුම්කොළ කර්මාන්තයේ නොමග යැවීම්වලින් තරුණයන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ව දුම්කොළ භාවිතයෙන් සහ දුම්වැටි භාවිතයෙන් වලක්වා ගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව යි.

දුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරයි. දුම්කොළ සමාගමට දෛනිකව අහිමි වෙන පාරිභෝගියන්ගේ අඩුව පිරිමසා ගැනීම සඳහා දුම්කොළ සමාගමේ ප‍්‍රමුඛ ඉලක්කය බවට පත් කරගන්නේ ළමුන් සහ තරුණයන් ය.

වාර්ෂිකව සමස්ත මානව ප‍්‍රජාවගෙන් මිලියන 08ක් (අසූ ලක්ෂයක්) දුම්වැටි නිසා අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මින් ලක්ෂ නමයක් ම ජීවිත අහිමි වන්නේ දුම්වැටි භාවිත කරන්නන් අසළ සිටීම නිසා යි. වර්තමාන ලෝකයේ මානව සමාජයට මෙතරම් බිහිසුණු මාරාන්තික තත්වයක් ඇති කිරීමට සිවිල් යුද්ධ හෝ අන් කිසිදු හේතුවක් දායක නොවුණු බව පැහැදලි ය. එබැවින් දුම්කොළ ආශ‍්‍රිත සියළු ආකාරයේ නිෂ්පාදනයන් භාවිතය සංවර්ධනය වෙමින් පවතින රටවලට ලාභදායී නොවන බවත් සිදුවන්නේ ධනවත් රටවල්වලට මුදල් ඇදී යාම පමණක් බවත් පැහැදිලි ය

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදුකරන Global Youth Tobacco Survey – GYTS සමිීක්ෂණය සහ දේශිය වශයෙන් සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතී. දුම්වැටි භාවිත කරන පිරිස ද ඉන් ඉවත්වීමේ ස්වයං උත්සහයක යෙදී සිටීම සුබදායී තත්වයකි. තරුණ පිරිස් අතර අවබෝධය දියුණුවීම හේතුවෙන් දුම්කොළ සමාගම්වල කූඨ උපක‍්‍රමයන්ට හසුවීම සීඝ්‍රයෙන් අඩුවන අතර දුම්කොළ සමාගම්වල ආක‍්‍රමණශීලී උපායමාර්ගවලට එරෙහිව විශාල පිබිදීමක් තරුණ ප‍්‍රජාව අතර දක්නට ලැබේ.

මෙම තත්වය තවදුරටත් වර්ධනය කරමින් තරුණයන් සහ ළමුන් දුම්වැටි භාවිතයට හසුකර ගැනීම අවම කිරීම සඳහා මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පහත යෝජනා ඉදිරිපත් කර සිටියි.

1. තනි සිගරට් අලෙවිය තහනම් කිරීම.

2. අධ්‍යාපන ආයතනයක සිට මිටර් 100ක් ඇතුළත දුම්වැටි අලෙවිිය තහනම් කිරීම.

3. සිගරට් සඳහා නිශ්චිත අවම මිලක් නියම කිරීම තුළින් සිගරට් අඩු මිලට විකිණීම නැවැත්වීම.

4. සම්මත අසැරුම්කරණය (Plain Packaging) හඳුන්වා දීම.

5. පාසල් පද්ධතිය තුළින් දුම්කොළ සමාගම්වලින් සිදුකරන විවිධ උපක‍්‍රම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිිවෙලක් දියත් කිරීම.

6. අන්තර්ජාලය හරහා සිදුකරන ප‍්‍රචාරණයන් වැලැක්වීම සදහා දුම්කොළ සහ මද්‍යසාර අධිකාරි පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සහ දැනටමත් එම පනත උල්ලංගණය වන අවස්ථාවල දී ඒ පිළිබඳ නීතිය ක‍්‍රියාත්මක කරවීම කාර්යක්ෂම කිරීම.

තවදුරටත් බහුජාතික දුම්කොළ සමාගම්වලට අප රටේ දරුවන් සහ තරුණයන් ඔවුන්ගේ පාරිභෝගිකයන් බවට පත් කරගනිමින්‚ අපේ සම්පත් රෝගීන් බවට පත් කරමින්‚ එම සමාගම්වල ආදායම් වැඩි කිරිමට ඉඩ නොදී සිගරට් භාවිතයට හුරුවීමෙන් ලැබෙන අවාසිදායක තත්වයෙන් අප රටේ දරුවන් සහ තරුණයන් ආරක්ෂා කරගැනීමට වහා අප ක‍්‍රියාත්මක විය යුතුය. බහුජාතික දුම්කොළ සමාගම්වල කූඨ උපක‍්‍රම හෙළිකරමින් ඔවුන්ගේ නිෂ්පාදන භාවිත කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා අපගේ ළමුන් සහ තරුණයන් සවිබල ගැන්විය යුතුය.

තරුණ පිරිස් තවදුරටත් දුම්වැටි භාවිතයට යොමුකරන ඒජන්තවරුන් ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව රටට හෙළි කිරීම සියළු දෙනා සතු වගකීමකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්