නවතම පුවත්

අද හමුවූ ‌කොරෝනා ‌රෝගීන් 20න් 10ක්ම පුත්තලමෙන්

අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදිත බවට අද හදුනාගත් රෝගීන් 20 දෙනාගෙන් 10 දෙනකුම දැනට මුද්‍රා තබා හුදෙකලා කර ඇති පුත්තලම කඩයමන්කුලම ගම්මානයේ පිරිසක් බව අනාවරණය වෙයි.

ඔවුන් නිරෝධයානය සදහා පුත්තලම සහිරා විද්‍යාලය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිට ඇති අතර රෝග ලක්ෂණ මතුවූ 20 දෙනෙක් ඊයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ සාම්පල පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ 10 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවය.

අද දවස තුළ මෙම වෛරසය ආසාදිත සෙසු 10 දෙනාගෙන් සිව්දෙනෙක් බේරුවල මුද්‍රා තබා හුදෙකලා කර ඇති ගම්මානයේ වැසියන් බවත් දෙදෙනෙක් අටලුගම මුද්‍රා තබා ඇති ගම්මානයේ දෙදෙනෙක් බවත් අනාවරණය වේ.

මුද්‍රා තබා තිබූ අකුරණ ප්‍රදේශයේ තිදෙනකු ද ‌මීට ඇතුළත් ය. තවත් අයකු ‌කොළඹින් වාර්තා වි ඇත.

ඒ අනුව අද දිනයේ සොයාගත් රෝගීන් වැළදුණු 20 දෙනාගෙන 16 දෙනෙක්ම කල්තියා හදුනාගෙන හුදකෙලා කරන ලද ගම්මාන 3ක වැසියන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි