නවතම පුවත්

අනතුර නිසා දිමුත්ට ක්‍රිකට් ආයතනෙයනුත් දඩයක්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළ බවට වන චෝදනාව වෙනුවෙනි.

මෙලෙස පනවන ලද දඩ මුදල අමෙරිකානු ඩොලර් 7500ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1.3කි.

සිය නිවස වෙත යමින් සිටියදී දිමුත් විසින් අනතුරක් සිදුකර තිබූ අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන පැය 2ක් වැනි සුළු කාලයකදී ඇප මත මුදා හැරිණි.

මෙම අනතුර පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඔහු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ දිමුත්ගේ ක්‍රීඩක චර්යා ධර්ම ගිවිසුමට අනුව සිදු කළ පරීක්ෂණයකට පසු මෙලෙස ඔහුට මෙම දඩ මුදල නියම කළ බවයි.

දිමුත්ට පැනවූ දඩ මුදල එක් ටෙස්ට් තරගයක් වෙනුවෙන් ලබාදෙන තරග ගාස්තුවට සමාන බව සඳහන් ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි