නවතම පුවත්

අන්තිම මොහොතේ ඉන්දියාවට පැන්න සහරාන් කල්ලියේ සාරා ගැන මව කොමිසමට කී දේ

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත කල්ලියේ සෙසු අය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කළ සයින්දමරුදු  නිවසින් හමුවු රන් ආභරණ හදුනාගැනීමේදී තම දියණිය පුලස්තිනි නොහොත් සාරාගේ රන් ආභරණ නොතිබුණු බව ඇගේ මව වන රාසරත්නම් කවිතා මහත්මිය පවසයි.

පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලෙන ජනපති කොමිසමේදී ඇය මේ බව ප්‍රකාශ කර සිටියා ය.

අබ්දුල් ‍රාසික් විසින් තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නම් පුද්ගලයාට විවාහ කර දුන් බව ඇය එහිදී කීය.

තම වැඩිමහල් දියණිය වන පුලස්තිනී මහේන්ද්‍රන් 1996 වසරේ මඩකලපුව තේතාතිව් නම් ගමෙහි උපත ලබා තේතාතිව් මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ බවත් සාමාන්‍ය පෙළ විභාගය A8යි B 1 ක සාමාර්ථයක් ලබා උසස් පෙළ සඳහා ජීව විද්‍යාංශය තෝරාගෙන කල්මුණේ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වූ බව සාක්ෂිකාරිය කීවාය.

ඒ වන විට තමන් අබුඩාබිහි රැකියාවක නිරත වූ බවත් 2015 වසරේ ජූලි 29 වනදා තම දියණිය වන පුලස්තිනි උපකාරක පන්තියට ගොස් නැවත් නිවසට නොපැමිණි බවට තමන්ට දැනගන්නට ලැබුණු බව ඇය පැවසුවාය.

ඉන් කලබලයට පත්ව තම මවට මේ පිළිබඳව කලවංචිකුලම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකරන ලෙස දන්වූ බවත් අනතුරුව අබ්දුල් රාසික් නම් පුද්ගලයෙක් තම සහෝදරයාට දුරකතනයෙන් අමතා යමක් ප්‍රකාශ කර තිබූ බව ඇය කොමිසමට කීය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසුවේ අබ්දුල් රාසික් නැමැත්තා සහෝදරයාට කුමක් ප්‍රකාශ කර තිබුණේද යන්නයි.

ඔවුන් භාරයේ පුලස්තිනී සිටින බවත් පුලස්තිනී ඉස්ලාම් ආගමට පරිවර්තනය කර ඇති බවත් අබ්දුල් රාසික් පවසා ඇති බව සාක්ෂිකාරිය පැවසුවාය.

2019.02.19 වැනි දින සිය දියණිය තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී දින කිහිපයකට යළි ඇමතුම් නොගන්නා ලෙස පැවසූ බව ඇය කීය.

එදා සිට අද වන තුරු සිය දියණියගේ කටහඩ හෝ රූපය පවා තමන් නොදුටු බව සාරාගේ මව හඬමින් කොමිසම හමුවේ පැවසුවාය.

තමන් පසුගිය වසරේ අප්‍රේල් 7 වනදා යළි මෙරටට පැමිණ නාරම්මල පොලිසියට දියණිය සොයාදීම ලෙස පැමිණිලි කළ බවත් පසු දින තම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පවසමින් රොෂාන් නම් නිලදාරියකු පැමිණි බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

තමන් විසින් දියණියව සෑම තැනකම සොයා යන බව දැන්ගෙන අබ්දුල් රාසික්ගෙන් ලැබුනු තොරතුරක්ද මත ඔහු තමන් හමුවීමට පැමිණ තිබූ බවත් එලෙස පැමිණි පුද්ගලයා තමන්ට සහරාන්ගේ ඡායාරුපයක් පෙන්වා ” සහරාන්ගේ බිරිද සමඟ තමයි සාරා ඉන්නේ ” යැයි පැවසූවද තමන් ඒ වනවිට සහරාන්ව දැක නොතිබූ බව සාරාගෙ මව කොමිසමට පැවසුවාය.

කෙසේවෙතත් අප්‍රේල් 21 ප්‍රහාරයට මාධ්‍ය හරහා තම දියණියගේ ඡායාරුපයක් ප්‍රහාරටයට සම්බන්ධයෙන් අතඩංගුවට ගැනීමට සොයන පිරිස අතර තිබෙනු දැක දියණිය සිට ඇත්තේ ඔවුන් සමඟ බව සාක්ෂිකාරිය පැවසුවාය.

අනතුරුව මේ වසරේ ජනවාරි මස 10 වැනිදා තමන් අම්පාර පොලිසියට කැදවා 2019.4.26 සෛන්දමර්දු නිවසේ තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් පසු හමුවූ රත්‍රං ආභරණවල ඡායාරූප පෙන්වනු ලැබුවත් ඒ අතර තමන් විසින් දියණිය වෙත ලබාදුන් රන් ආභරණ නොතිබුණු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසුවේ එම සිද්ධියෙන් පසු ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකළේද යන්නයි.

එසේ සිදුකළත් සෛන්දමර්දු නිවසේ මියගිය අය සමඟ තමන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොසැසඳුන බවට තමන් දැනගත් බව සාක්ෂිකාරිය පැවසුවාය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනයවලට අදාළව ප්‍රකාශ ලබාදීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී සහරාන්ගේ බිරිඳ මුණගැසුනු බවත් සාරා සෛයින්දමර්දු නිවසට සාරා තමන් සමඟ පැමිණ සිටි බව සහරාන්ගේ බිරිද තමන්ට පැවසූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි