නවතම පුවත්

අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට

අසංක

අසංක

සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව වසරක් තුළ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්‍යක්ෂ චමත් පලිහපිටිය ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයට පැවසුවේය.

ඒ අනුව අභ්‍යවකාශ සංචාරයේ අවස්ථාව සාමාන්‍ය පෘතුවි වැසියන්ට ලබාදෙන පළමු සමාගම ලෙස ඔවුන්ගේ සමාගම ඉතිහාසයට එකතු වනු ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අධ්‍යක්ෂ චමත් පලිහපිටිය සඳහන් කරන්නේ ලබන වසරේ සිට අභ්‍යවකාශ සංචාරය නව වාණිජමය වශයෙන් ලාබ උපයන ව්‍යාපාර අවස්ථාවක් ලෙස පුළුල් වනු ඇති බවයි.

ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් මේ වනවිටත් සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු පැවසීය.මේ වනවිටත් එම සංචාරය සඳහා එක්වන 600කගේ පිරිසක් ඔවුන්ගේ සමාගමට ඩොලර් මිලියන 80ක මුදල් ප්‍රමාණයක් බැර කර තිබේ. එක් අයකුට මෙම සංචාරයට ඩොලර් 250,000 මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 2021 වනවිට මෙම ව්‍යාපෘතිය ඔස්සේ විශාල ලාබයක් ඉපයීමට ඔවුන් අපේක්ෂා කරන බවත් චමත් පලිහපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි