නවතම පුවත්

අමෙරිකානු-ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම් සැබැවින්ම ආරක්ෂිත ද?

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට නියමිතව ඇති ආරක්ෂක ගිවිසුම් කිහිපයක් සම්භන්ධව මේ වනවිට රට තුල බරපතල කතාබහක් මතුව ඇත. විපක්‍ෂයෙන් මෙන්ම ආණ්ඩුවේම ඇතැම් පාර්ශව වෙතින්ද එම ගිවිසුම්වලට එරෙහිව දැඩි විවේචන මතුවීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් මෙරට විදේශ අමාත්‍යාංශය මෙන්ම ඇමෙරිකානු රජයද ප්‍රකාශ කර සිටින්නේ , මෙම ගිවිසුම් සම්භන්ධ අවසන් තීන්දු තීරණයන්ට තවමත් දෙරටම එළඹ නොමැති බවකි. තවමත් මෙය සාකච්ජා මට්ටමේ පවතින බවයි පවුන් ප්‍රකාශ කර සිටින්නේ.

විවිධ දේශපාලන කොටස් මෙම ගිවිසුම් පිළිබඳව අදහස් හා මත පලකරමින්සිටිනුයේ තම තමන්ගේ දේශපාලන දර්ශනයන් හා කෝණයන් ගෙනි. එම නිසාම මෙම ගිව්සුම් වල අන්තර්ගතය හා ඒවායේ බලපෑම පිළිබඳව සාමාන්‍ය ජනතාවට පැහැදිලි අවබෝධයක් නැත.

ඒ අනුව මෙම ගිවිසුම් වලට විවේචන එල්ල කරන පාර්ශවයෙන් මෙන්ම , එම ගිවිසුම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයෙන්ද සමබරව කරුණු විමසා බැලීමට අප පියවර ගතිමු.

‘‘හමුදාවල අධිකාරිය’’ හෙවත් SOFA ගිවිසුම , මෙසේ රට තුල අවධානයට ලක්ව ඇති එක් ගිවිසුමකි. එම ගිවිසුමේ මූලාරම්භය 1995 වසර තරම් ඈත අතීතයකට දිව යන බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය සඳහන් කර සිටී. “සෝෆා” ගිවිසුම යනු 1995 දී දෙරට අතර අත්සන් තබා ඇති ගිවිසුමකම දිගුවක් වන බවත් මේ හරහා රටවල් දෙක අතර ආරක්ෂක සබඳතා ශක්තිමත්වන බවත් වැන්හෝන් මහත්මිය මාධ්‍ය වෙත පැහැදිලි කළාය..

කෙසේ වෙතත් මෙම නව සංශෝධන හරහා , ඇමෙරිකානු ආරක්ෂක අංශ වෙත වැඩිපුර වරප්‍රසාද කිහිපයක් හිමිවන බව ඇය පිළිගත්තාය .

” ඔව් . මෙම” සෝෆා ” හරහා ඇමෙරිකානු හමුදාවන්ට යම් වරප්‍රසාද හිමිවනවා. වෘත්තීය බලපත්‍ර වල පිළිගැනීම , ඇමෙරිකානු හමුදා සෙබළුන්ට මෙරටට පැමිණීමට ඇති හැකියාව ආදී ක්ෂේත්‍ර කිහිපයකින් එම වරප්‍රසාද හිමිවනවා ” යැයි ඇය සඳහන් කර සිටියාය

මෙම ගිවිසුමට එරෙහි කොටස් වල ප්‍රධාන සටන් පාඨයන් ගොඩ නැගී ඇත්තේද , ඇමෙරිකානු හමුදාවන්ට ලැබීමට නියමිත මෙම වරප්‍රසාද මුල් කරගෙනය SOFA ගිවිසුමේ මෙම අමතර වරප්‍රසාද මගින් ඇමරිකානු හමුදා භටයින්ට ශ්‍රී ලංකාව තුළ තානාපති මුක්තිය ලැබෙන බවත් එසේම , ඇමරිකානු හමුදා සෙබළුන්ට ශ්‍රී ලංකාව තුල නිල ඇඳුම සහිතව ආයුධ සන්නද්ධව ගමන් කළ හැකි වනු ඇති බවත් විපක්ෂය පෙන්වාදෙ .

තවදුරටත් මෙම ගිවිසුම හරහා අමෙරිකානු හමුදා සෙබළුන් මේ රට තුළට ගෙන එන හෝ පිට කරන භාණ්ඩ පරික්ෂා කිරීමට හෝ ඒවාට බදු පැනවීම්ක් සිදු කළ නොහැකි වන බවත් . ඔවුන් ශ්‍රී ලංකාවේ යම් අපරාධයක් සිදු කළහොත් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ඔවුනට දඬුවම් කළ නොහැකි වන බවත් විපක්ෂය අවධාරණය කර සිටී .

නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ මෙම ගිවිසුම හරහා මෙරට ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොවන බවකි.

මේ හරහා ඇමෙරිකානු හමුදා කඳවුරක් මෙරට පිහිටුවීමට අවස්ථා සැලසෙන්නේ නැහැ ,එසේම ශ්‍රී ලංකාවට ඇමෙරිකානු සෙබළුන් ඇතුළුවීම පාලනය කිරීමට , අවශ්‍ය පරිදි සීමා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකියාව තියෙනවා ‘ යයිද

‘’අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම’’ හෙවත් ACSA ගිවිසුම සම්භාන්ධාවද මෙවැනිම මතුව ඇත. විපක්ෂය චෝදනා කර සිටින්නේ මෙම ගිවිසුම හරහා ඇමරිකාවේ ඕනෑම හමුදා ඒකකයකට ශ්‍රී ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපලවල් සාමාන්‍ය අවස්ථාවක දී මෙන්ම යුදමය අවස්ථාවකදී ද භාවිතා කිරීමට ඉඩ සැලසේන බවයි.

මේ වනවිට ත්‍රීකුණාමලය වරාය ආශ්‍රිතව නවතා ඇති ‘’ජෝන් සී ස්ටෙනිස්’’ යුද නෞකාව ඇමරිකාවේ බලවත්ම හමුදා අනුඛණ්ඩයක් වන ‘’ හත්වන ඉන්දු පැසිෆික් කොමාන්ඩ්” අනුකාණ්ඩයට අයත් වේ . එම නැව එම හමුදාවට අයත් විශාලතම නෞකාව වන අතර එහි හමුදා භටයින් 6500කට නවාතැන් ගත හැකි අතර ප්‍රහාරක ගුවන් යානා 100ක් රැදවිය හැක. මෙම ස්ටේනිස් නෞකාව මෙරටට මෙලෙස පමිනීමම ශ්‍රී ලංකාව තුළ බලවත් ඇමෙරිකානු හමුදාමය මැදිහත්වීමක පෙරනිමිති ලෙස විපක්ෂය අනතුරු අඟවා සිටී. එය ජපානයේ හෝ දකුණු කොරියාවේ ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටුවීමට වඩා බරපතල මැදිහත්වීමක් බවට පත්වනු ඇති බවද ඔවුන් සඳහන් කර සිටි.

ඇමෙරිකාව නම් මෙම ACSA ගිවිසුම සම්භාන්ධාවද ප්‍රකාශ කර සිටින්නේ සෝෆා ගිවිසුම හා සමාන අදහසකි .ACSA ගිවිසුම හරහාද ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් නොවන බවත් හමුදාමය මැදිහත් වීමක් ඒ හරහා සිදු නොවන බවත් ඇමෙරිකාව පවසයි . විශේෂයෙන්ම ACSA ගිවිසුම ආරක්ෂක ගිවිසුමක ලෙස හැඳින්විය නොහැකි බවත් , එය අදාළ වන්නේ සේවා හා සැපයුම් අංශයට බවත් , ඇමෙරිකාව පවසයි .

නමුත් එහිදී විපක්ෂයේ තර්කය වන්නේ මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් පිහිටුවීමේ තත්වයකට වඩා බර බරපතල තත්වයක් නිර්මාණය වන බවය , එනම් සමස්ථ ශ්‍රී ලංකාවම ඉන්දියානු සාගරයේ ඇමෙරිකානු හමුදාමය මෙහෙයුම් සඳහා භාණ්ඩ සහ සේවා සපයන සැපයුම් කේන්ද්‍රයක් බවට පත්වන බවය.

මෙම ගිවිසුම් තවමත් අත්සන් තබා නොමැති අවසන් කෙටුම්පත දකින තුරු ඒවා පිලිබඳ අවසන් නිගමනයකට ඒම අපහසුය. නමුත් ලබන සතියේ මෙම ගිවිසුම් පිලිබඳ මෙරට රජය සමග සාකච්ජා කිරීම සඳහා ඇමෙරිකානු රජයේ ඉහල බලධාරියකු මෙරටට පැමිණීමට නියමිතය. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආර්. ක්ලාර්ක් කූපර් මහතාය. ඔහු මෙරට බලධාරීන් සමග පවත්වන සාකච්ජා හරහා අදාළ ගිවිසුම් පිලිබඳ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතව ඇත. එහිදී ජනතාවටද මෙම ගිවිසුම් පිලිබඳ වැඩි දුර තොරතුරු රැසක් දැනගැනීමේ අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව මෙම ගිවිසුම් පිළිබඳව එල්ලවන චෝදනාවන් වල සත්‍ය අසත්‍යතාවය මැන බැලීමටද අපට අවස්තාවක් ලැබෙනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි