නවතම පුවත්

අමෙරිකාවේ බැංකු ගිණුම්වලට රිංගා මුදල් අදින ජාවාරමක අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එහි මුදල් මෙරට ගිණුම්වලට බැර කිරීමෙන් පසු යළිත් අමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුදගලයකු වෙත එම මුදල් යැවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 86ක මුදලක් මෙම සැකකරුගේ ගිණුමට බැරවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ත්‍රිකුණාමලය, පාවනාසකුලම් කින්යා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“පසුගිය 2020 මුල් කාර්තුවේ මුල් මාසවලදී ඇමෙරිකාවේ සිට මෙරට පුද්ගලික බැංකුවක් වෙත රුපියල් මිලියන 1,440 මුදලක් විවිධ පුද්ගලයින් වෙත එවා තිබෙනවා. ඒ එවා තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික සම්බවයක් සහිත පුද්ගලයකු විසින්. ඔවුන් ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුළු වී එම ගිණුම්වලින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරු කරනවා. එම මුදල් ලබා ගන්න ශ්‍රී ලංකාවේ පුද්ගලයින්, ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙස ඔවුන්ට එම මුදල් නැවත යවනවා. ශ්‍රී ලංකාවේ ගිණුම් හිමි පුද්ගලයාටද විශාල ප්‍රමාණයක් ලැබෙනවා.“

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?