නවතම පුවත්

අරගලයට අරමුණක් හා වැඩපිළිවෙලක් අවශ්‍යයි – “සිංහල වීර විදහන”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුල මේවනවිට මතුවී ඇති ජනතා අරගලයට පූර්ණ සහය දක්වන නමුත් , මෙම අරගලය නිශ්චිත අරමුණක් හා වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට යාම අතිශයෙන් වැදගත් බව , සිංහල වීර විදහන ජාතික සංවිධානය අවධාරණය කර සිටී .

එසේ නොවුනහොත් එම අරගලය හරහාඅ අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකිවනු ඇති බවද එම සංවිධානය ප්‍රකාශ කර සිටී ,

වංචාව දූෂණයට එරෙහිව මේවනවිට රට තුල විශාල මතයක් ගොඩනැගී ඇති බවත් පාලකයින් මෙම ජනමතයට ගරුකළ යුතු බවත් සිංහල වීර විදහන සංවිධානයේ පාලක ලේකම් තිලක් කළුලියනගේ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .

රජය දිගින් දිගටම ගත් වැරදි තීන්දු තීරණ නිසා රට අද මෙතරම් ආර්ථික අර්බුදයකට ඇදවැටී ඇති බවද ඒ මහතා පැවසීය .

පාලකයින් දැන්වත් මෙම අර්බුදයට මැදිහත්වී , එයට සාධනීය විසඳුමක් ලබාදීමට පියවර ගතයුතු බවද ඒ මහතා පැවසීය .

එසේ නොවුනහොත් මෙම අර්බුදය ලේ වැගිරීමක් දක්වා ගමන්කිරීමට ඉඩ ඇති බවද ඒ මහතා පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ , වීර විදහන සංවිධානයේ ජාතික මණ්ඩල අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර වන්නිආරච්චි මහතා මෙසේ පැවසීය ,

මේ අරගලය ආරම්භවුනේ නිර්පාක්ෂික ලෙසයි . කිසිම පක්ෂයකට ගැති නොවන පිරිසක් තමයි මෙය පටන් ගත්තේ , නමුත් මෙයට විවිධ පක්ෂවල විවිධ පිරිස් ඇඟිලි ගැසීමට පුළුවන් , ඇතුළුවන්නට පුළුවන් . ඔවුන් මෙම අරගලය හරහා පුද්ගලික වාසි ලබාගැනීමට උත්සාහ කරාවි . මේ පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි .

රටේ උගත් දක්ෂ පිරිස් රාජ්‍ය පාලනයට හවුල් වෙන්නේ නැහැ , රටේ පාලකයෝ වටේ ඉන්නේ උගත්තු නෙවේ . පාලකයින් වටේ ඉන්නේ , තමන්ගේ වාසිය ගැන පමණක් හිතන අවස්තාවාදීන් පිරිසක් .

මේ වෙලාවේ මැතිවරණයකට යාම සුදුසු නැහැ , එය රටේ වත්මන් ආර්ථික තත්ත්වයටද ගැලපෙන්නේ නැහැ. දේශපාලකයින් එක්වී අර්බුදයට වහා විසඳුමක් ලබාදීමට පියවර ගත යුතුයි .

, ලංකා එක්සත් වෙළඳ සංගමයේ නීති උපදේශක හා සිංහල වීර විදහන සාමාජික ලක්ෂ්මන් ප්‍රේමසිරි මහතා මෙහිදී මෙසේ පැවසීය ,

ජනාධිපතිවරයා මෑතකාලයේ ගත් තීරණ නිවැරදි නැහැ . ඔහු වටා සිටින උපදේශකයින් නිවැරදි උපදෙස් ලබානොදෙන බවක්ද පෙනෙනවා . මේ රජය ඉල්ලා අස්විය යුතුයි . එම අදහසට අපි එකඟයි . කෙසේ වෙතත් නව රජයක් හෝ ජනතාව මුහුණ දෙන ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදිය යුතුයි .

අපේ අපනයන ආදායමෙන් කොටසක් රටට එන්නේ නැහැ . ඊට පියවර ගන්න , හොර පාරෙන් රටට ඩොලර් එන එකත් නවත්තන්න ඕනේ . මහා බැංකුව ඊට පියවර ගතයුතුයි .

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?