නවතම පුවත්

අරගලයේ ඉල්ලීම් මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලය. එය නම්කර ඇත්තේ “ගලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්. 

එම යෝජනාවලියට යෝජනා 08 ක් ඇතුලත්. එහි ප්‍රධානතම යෝජනාව වන්නේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීමයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් බිහි කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය උපරිම 15 කට සීමා කිරීම, මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සමාලෝචනය කර ඒවා කප්පාදු කිරීම ඔවුන්ගේ දෙවැනි යෝජනාව වනවා.

අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම තුන්වන යෝජනාවයි. විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කරන 21 වන සංශෝධනය මාස 02 ක් තුළ ගෙන ආ යුතු බවටත්, උපරිමය මාස 06 ක් තුළ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමත් ඒ අතරට අයත්. ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට අදාළ යෝජනා ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. වත්කම් විමර්ශණය හා ප්‍රකාශණය නමින් ද තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

රාජපක්ෂ පවුල් හා සියලුම මහජන නියෝජිතයින්ගේ මෙන්ම සමීප ඥාතීන්ගේ වත්කම්, බැරකම් පිළිබඳ විගණනයක් සිදු කිරීම හා රටින් බැහැර වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කිරීමද ඒ අතරට අයත්.

නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම, ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම හා අන්තර්වාර පාලනයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද ඔවුන්ගේ යෝජනා අතර වනවා.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී