නවතම පුවත්

අලගෙඩි අස්සේ හෙරොයින් කිලෝ 105ක් සඟවා තිබිලා (photos)

අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් සොයාගත් අල කන්ටේනරය තුළ හෙරොයින් මත්කුඩු කිලෝ 105ක් සොයාගෙන තිබේ.

එම සැකකරුවන් 6 දෙනාගෙන් ප්‍රශ්න කෙරෙන අතර වෙන්නප්පුව ප්‍රදේශය වෙත මත්කුඩු සහිත අල රැගෙන යමුන් තිබූ වාහනය ද පහත දැක්වේ.

අල ගෙඩි අස්සේ රටින් ආපු හෙරොයින් ගෙඩි මෙන්න

පාකිස්තානයේ සිට ගෙන්වූ අල කන්ටේනරය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තුළ තිබී මේවනවිට හමුවී ඇති හෙරොයින් මත්කුඩු ප්‍රමාණය කිලෝ 75කි.

රේගුවෙන් අද දිනයේ මෙම කන්ටේනරය නිදහස් කළ වාප්පු ලිපිකරු ද පොලිස් භාරයට ගෙන ඇත.

පාකිස්තානෙන් ගෙනා අල කන්ටේනරයක් ඇතුළෙන් මත්කුඩු මතුවෙයි – දැනට කිලෝ 60ක් එළියට

පාකිස්තානයේ සිට අල කන්ටේනරයක සගවා මෙරටට රැගෙන පැමිණි හෙරොයින් විශාල ප්‍රමාණයක් මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකින් සොයාගෙන තිබේ.

එම කන්ටේනරය මීගමුව කොච්චිකඩේ නගර සභා ක්‍රීඩාංගණයේ තබා දැඩි පරීක්ෂාවට ලක් කරමින් සිටී.

අඩි හතළිහක් දිග එහි තිබී දැනටමත් හෙරොයින් කිලෝ 60 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. ඒ තුළ තුල කිලෝ සීයකට අධික ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.

කොළඹ වරායෙන් මෙම අල කන්ටේනරය නිදහස් කරගෙන ඇත්තේ ද අද දිනය තුළ ය.

මෙම අල කන්ටේනරය වෙන්නප්පුව ප්‍රදේශයට රැගෙන යමින් තිබී ඇත.

පාකිස්තාන ජාතිකයකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?