නවතම පුවත්

අලිමංකඩ දී දිවි පිදු හසලක ගාමිණි කුලරත්න විරුවා දිවිපුදා වසර 28යි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදීන් ඒ වන විට අරඹා තිබූ දෙවන ඊලාම් යුද්ධයේ තීරණාත්මක දිනයක් වූයේ 1991 ජූලි 31 දාය. එදින, 5000 ක් වූ ඔවුන්ගේ සටන්කාමීන් පිරිස වටකර සිටියේ ලංකාවේ වැදගත්ම මර්මස්ථානයක් වූ අලිමංකඩ කඳවුරයි. පටු බිම් තීරුවක පිහිටා ඇති අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට ගොඩබිම් මාර්ගයෙන් A9 මාර්ගය ඔස්සේ පිවිසෙන පිවිසුම් දොරටුව ලෙසද සදහන්ය. මෙම කදවුරේ ඒ වන විට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 600 ක පමණ පිරිසක් සිටි අතර ගාමිණි කුලරත්නද එහි සිටි සොල්දාදුවෙක්. ඔහු සිංහ රෙජිමේන්තුවේ, 6 වන බළසේනාවේ ලාන්ස් කෝප‍්‍රල්වරයකු වූ අතර ඔහු ඇතුළු පිරිසට පැවරී තිබූ රාජකාරිය, මෙම කඳවුර අත්පත් කර ගැනීමට කම්පන තරංගයක් ආකාරයෙන් නොනවත්වා පහර දෙන ත‍්‍රස්තවාදීන්ට, කඳවුර අත්පත් කර ගැනීමට නොදී රැුක ගැනීමයි.

මෙසේ අලිමංකඩ කඳවුර අත්පත් කර ගැනීමට ත‍්‍රස්තවාදීන් විසින් 1991 ජූලි මස 10 වැනිදා ආරම්භකරන ලද අලිමංකඩ සටන හමාර වූයේ 1991 අගෝස්තු 04 වන දාය. ඒ වකවානුවේදී ත‍්‍රස්තවාදීන්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූයේ මෙම අලිමංකඩ සටනේදීය. මෙම සටනේදී හමුදාවේ දිවි පිදූ රණවිරුවන් අතර ඉහළ පෙළේ නිලයන් දැරූ හමුදා නිලධාරීන්ද වූහ.

ත‍්‍රස්තවාදීන් දැඩි ප‍්‍රහාර අලිමංකඩ කඳවුරට එල්ල කරමින් සිටි අතර එක්වරම දැකගන්නට ලැබුණේ කිසිදා නොදුටු ආකාරයේ බුල්ඩෝසරයකි. එම බුල්ඩෝසරය යුද්ද ටැංකියක් මෙන් නවීකරණය කර තිබූ අතර එහි මුදුනේ මැෂින් තුවක්කුවකින්ද සන්නද්ධ කර තිබූ අතර එය වෙඩි ස`දහා ප‍්‍රතිරෝධී ලෙස ඝනකම් ලෝහතහඩුවලින්ද ආවරණය කර තිබුණි. දකුණු පස ප‍්‍රවේශය වෙත මෙම වාහනය ගමන් කරමින් තිබූ අවස්ථාවේ, මෙය දුටු ලාන්ස් කෝප‍්‍රල් ගාමිණී කුලරත්නට යම් හෙයකින් මෙය කඳවුර තුළට කඩා වැදුණොත් තවදුරටත් තමන් ඇතුළු සහෝදර සොල්දාදුවන් පිරිසට කඳවුර රැුක ගැනීමට නොහැකි වන බවත් එයින් සිදුවන ව්‍යසනය ඉතා බියකරු බවත් ක්ෂණයකින් වැටහිණි.

මේ ආකාරයෙන් සන්නද්ධ කරන ලද බුල්ඩෝසරය කඳවුර වෙත ඇදෙමින් තිබූ අවස්ථාවේ නොනවත්වා මෝටාර් අවි ප‍්‍රහාරයක්ද එල්ල කරන්නට වූ අතර දසත ඇසෙන්නට හා දැකගන්නට වූයේ තුවාල ලැබූ සොල්දාදුවන්ගේ වේදනාබරිත කෑගැසීම් හා මියයමින් සිටි හා මියගිය සොල්දාදුවන් පිරිසයි. කෙසේ වෙතත් ජීවත්ව සිටින්නන්ගේ සම්පූර්ණ අවධානය යොමුව තිබුණේ මෙම සිදුවීමට වඩා තමන්ගේ කඳවුර දෙසට එමින් සිටින අද්භූත බුල්ඩෝසර් රථය පිළිබදවයි.

සියලූ දෙනා තුෂ්නිම්භූතව කිසිවක් කර කියා ගත නොහැකිව අවධානය යොමුකරගෙන සිටි අවස්ථාවේ, මෙය නතර නොකළහොත් සිදුවන විනාශය පිළිබ`දව තම පූර්ණ ශක්තිය නොපමාව යෙදීමට සිතූ ලාන්ස් කෝප‍්‍රල් ගාමිණී අත් බෝම්බ දෙකක් දෑතට ගෙන තමන් දෙසට එන බුල්ඩෝසරයේ ඉදිරියට ගොස් එහි ඉහළට නැගීමට තිබූ ඉනිමඟ ඔස්සේ නැඟ තමන් රැුගෙන ආ බෝම්බ දෙක එය තුළට දමා ගැසුවේය.

රුදුරු ත‍්‍රස්තවාදීන්ද නොනවත්වා ලාන්ස් කෝප‍්‍රල් ගාමිණී වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කරන්නට වූ අතර ඒ අතරවාරයේ ගාමිණී විසින් දමා ගැසූ බෝම්බ දෙක විශාල ශබ්දයක්ද සමගින් බුල්ඩෝසරය තුළ පුපුරා ගිය අතර ගාමිණී කුලරත්න නම් විරුවාද නිසලව බිම ඇද වැටුණේ තව වසර නවයක් යන තුරාවටම ත‍්‍රස්තයන්ට අලිමංකඩ නම් අතිශයින්ම වැදගත් කඳවුර අත්පත් කරගැනීමට නොදීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය තම සහෝදර සෙබළ මුලටද ලබාදෙමිනි.

මේ සිදුවීමත් සමග නොපසුබට වීර්යයකින් ඉදිරියට ඇදෙමින් සිටි ත‍්‍රස්තයන්ගේ ධෛර්යය ක‍්‍රමයෙන් සි`දී යන්නට පටන් ගත් අතර මෙයින් සවිබල ගැන්වුන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ශක්තිය හමුවේ ත‍්‍රස්තයන්ට තවත් දින කිහිපයක්ම සටන් කිරීමෙන් අනතුරුව පසුබැසීමට සිදුවිය. මෙවන් ජීවිත පරිත්‍යාගයෙන් අලිමංකඩ කඳවුර ලාන්ස් කෝප‍්‍රල් ගාමිණී කුලරත්න ඇතුළු විරුවන් විසින් රැුක නොගත්තා නම් ඉන් පසුව සෙබළුන් මානසිකව බිදවැටෙන තත්ත්වය උඩ නිරායාසයෙන්ම ත‍්‍රස්තයන්ට එයින් පසු සෙසු කඳවුරුද එකින් එක අත්පත් කර ගනිමින් ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය බිදදැමීමට එතරම් වෙහෙසක් ඇති නොවනු ඇත.

මේ වීරෝදාර ක‍්‍රියාව පිළිබ`දව රටේ අස්සක් මුල්ලක් නෑර පතළ වීමට ගත වූයේ දිනයක් හෝ දෙකක් පමණි. ලාන්ස් කෝප‍්‍රල් ගාමිණී කුලරත්න වීරයකු ලෙස ලක්වැසි සියලූ දෙනා ‘‘හසලක වීරයා” ලෙස සලකන්නට වූ අතර ඔහුව නිලයෙන්ද උසස් කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව වහා පියවර ගත්තේය. ඒ අනුව ඔහු කෝප‍්‍රල් නිලයට උසස් කළහ. එපමණක් නොව එම වසරේ 1991 ඔක්තෝබර් 10 වනදා එතෙක් ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකුට වීරත්වය වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන ”පරම වීර විභූෂණ” සම්මානයෙන්ද හසලක වීරයාව පුදනු ලැබූ අතර එය හිමිකරගත් පළමු වැන්නාද කෝප‍්‍රල් ගාමිණී කුලරත්නම වේ.

ඔහුගේ මරණින් පසුව ඔහු අගයා බොහෝ තැන්වල බොහෝ දේ සිදුවිය. ගාමිණී රණවිරුවා රට වෙනුවෙන් දිවි කැපකොට වසර 10 ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ රුව සහිත මුද්දරයක් ද නිකුත් වුයේ හසලක ගාමිණී රට දැය වෙනුවෙන් කැපවුණු වීරයකු බව කියාපෑමටය. එසේම ඔහු උපන් ගමේ ඔහුගේ පිළිරුවක්ද ඉදිවූයේ ඔහුගේ ඒ උතුම් කි‍්‍රයාව අගයනු සඳහාමය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්