නවතම පුවත්

අල ගෙඩි අස්සේ එන කුඩු ජාවාරම ගැන නාකොටික් රංගජීව කියයි

අසංක

අසංක

අර්තාපල් තුළ සඟවා මත්කුඩු මෙරටට ගෙන එන ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා සිය ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන පහත උපුටා දක්වා ඇත.

“කුඩු හා අල
****************
2010 දෙසැම්බර් නවය මට අමතක නොවන දවසක් .ඒ මගේ චුටි පුතාගේ පළමු උපන් දිනය විය. ඒවගේම අමතක නොවන සුවිශේෂී කුඩු ජාවාරමක් මා විසින් අත් අඩංගුවට ගත් දිනයක්ද විය. ලංකාවට හෙරොයින් එන ප්‍රදාන මාර්ග වුයේ මුහුදු මාර්ගයෙන් හලාවත ,මහ වැව,තෝප්පුව,උඩප්පුව,මන්නාරම් හරහා බෝට්ටු වලින් සහා ගුවන් තොටුපොළ මගින් විය. එහෙත් ඒ මාර්ග අවහිර කළත් රට තුල විශාල හෙරොයින් ප්‍රමාණයක් සංසරණය වීම පොලිසීයට ලොකු ගැටලු කාරි තත්ත්වයක් වීය. පොලිස්පති තුමා ගේ conference වලට ගොස් පැමිණෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංසයේ උසස් නිලධාරීන් මුහුණු ඇඹුල් කරගෙන එන්නේ මේ පවතින තත්ත්වය නිසා හොදටම බැනුම් අසාගෙන බව අපි හොදින් දනිමු. එදාට අපි ගෙදර ගොස් හමාරයි .කොච්චර කුඩු ඇල්ලුවත් හුස්මක් කටක් ගන්න වෙලාවක් නොදෙයි. මේ තත්ත්වය තුල ලංකාවට මෙච්චර කුඩු එන මාර්ගයක් සොයා ගැනිමට නිෂ්චිත තොරතුරු නැතිව යන එන මං නැතිව සිටි මොහොතක විය.

මගේ ඔත්තුකරු ගෙන් call එක
============================
2010 දෙසැම්බර් 03 වන උදේ වරුවේ එවකට අධ්‍යක්ෂ බැද්දෙවෙල සර් ගෙන් කණ පැලෙන්න බැනුම් අසාගෙන එළියට බැස්සේ ටීම් එකත් අරන් කුඩු ජාවාරම් කාරයෙක් අල්ලා ගෙන එමටය . කොච්චර කුඩු ඇල්ලුවත් අපිට නිදහස් දුන්නේ නැහැ එතුමා. නිතරම වැඩම වැඩම අවශ්‍ය ය.
මා ටීම් එකත් අරගෙන යන්න වාහනයට නගින විට මගේ ඔත්තුකරුවෙක් ජංගම දුරකථනයට අමතා සැකකටයුතු සිදුවිමක් දැනුම් දුන්නේය …සර් පක්කෙක් අද (පාකිස්තාන ජාතිකයෙක් ) වරාය ලගදි හමුවෙලා මගෙන් ඇහුවා අල කන්ටෙනර් එකක් තියෙනවා ක්ලියර් කරන්න පුලුවන් ද කියලා .මම විස්තර ඇහුවාම ඒ අල කන්ටෙනර් එක නරක් වීමට පටන් අරගෙන ඇති බවත් කූලර් පෙටිටියක නොවේ හා මුදා ගැනිමට ලොකු මුදල් වියදම් කිරිමට සුදානම් බවත් දැනුම් දුන්නා . කුණූ වු අල කන්ටෙනර් එකක් එලියට ගන්න හදන එක සැකයක් මා තුල ඇතිවීය. නැවත ඔහුන් පැමිණෙන බව පවසා ගොස් ඇත . මම මේ ගැන කල්පනා කලේ ඇයි ලක්ෂ ගානක් වියදම් කරන්න හදන්නේ කුනු අල වලට . මීට පෙර කන්ටෙනර් වලින් කුඩු ගෙනත් හසුවි නොමැත .මම නැවතත් ඔත්තුකරු ගෙන් ඇහුවෙ කන්ටෙනර් එකේ නම්බර් එක දන්නවා යන්න ය. උත්තරය negative . එහෙත් මේක ලංකාවට ගෙන්වන ලද shipping line එකේ නම සදහන් කර ඇත ඒ කොස්ගස් හන්දියේ ය. මේ ඔක්කොම anylist කරලා මම යන්න ආව වැටලිම නතර කර අදාළ සමාගමේ කළමනාකරු හමුවි පරණ අල කන්ටෙනර් එකක් ගැන ඇසුවාම ඔහුට මතක් වි එහෙම එකක් තියෙනවා වරායේ හිරවෙලා බවට අනාවරණය කළේය . ඔහු තරුණ මුස්ලිම් ජාතිකයෙක් විය. ඔහුගේ පුද්ගලික කාමරයට මා කැදවා පරිඝණකයෙන් තොරතුරු ලබා දුන්නේ අනෙක් සේවකයන්ට වත් නොදැනිමය.
අදාළ කන්ටෙනර් එක ලංකාවට ආව දිනය මසක් ඉක්මවා තිබුණි .අල හොදටම නරක් වෙලා.පක්කෙක් කාර්‍යාලයට පැමිණ මේ ගැන විමසා ඇත. එතන සිංහල ජාතිකයෙක් ද සිට ඇත. පකිස්තානයේ පුද්ගලයෙක් එවා ඇත්තේ ලංකාවේ කදාන පැත්තේ පුද්ගලයෙක් ගේ නමටය.දූරකතනය වැඩ කරන්නේ නැත. පකිස්තානුවාගේ ඊමේල් එකක් ඇත. මම කදාන බලා පිටත් වුනේ මේක රහසිගතව තබා ගන්නා ලෙස දැනුම් දිමෙන් පසුවය. මගේ ටීම් එකේ නිලධාරීන් විවිධ මත දරන ලදි .”සර් ඔකේ හොර සිගරට් ඇත්තෙ ” .මේවා ඇහෙන කොට වැඩේ අතහැරලා දාන්න හිතුනා .සිගරට් අල්ලා ඇති වැඩක් නැහැ . එහෙත් ඊමේල් එකේ නම ඇත්තේ කටුනායක අනන්ද්” විය. මෙහෙම වාසගම ක් ලංකාවේ නැත.මෙකත් සැකයකි.මම කදාන ලිපිනයට ගොස් ඊමේල් එකේ සදහන් නම පිලිබදව විමර්ශනයක් කළේ ය.ඒ ගෙදර ඉන්නේ විශ්‍රාමික ගුවන් භටයෙකු වු අතර ඔහු අල බිස්නස් කරන්නේ නැහැ . කටුනායක ආනන්ද කෙනෙක් නැත.මේක අවුලක් ය. මම නැවත පැමිණ මුස්ලිම් මිතුරා ගෙන් උදව් පැතුවේය. සත්‍ය ඔහුට දැනුම් දුන්නේ ය. ඔහු නැවත අදාළ ඊමේල් එකක් පකිස්තාන් පුද්ගලයා යැව්වා මෙහි සදහන් ලංකාවේ හිමිකරු සොයා ගැනිමට නොහැකි බැවින් වෙනත් අයෙකු නම් කර ඊමේල් එකක් එවන ලෙසය. පසුව මා අධ්‍යක්ෂ තුමාට සියලුම තොරතුරු දුන්නේ ය. මේ තොරතුරු රේගුවට දැනුම් දිය හැකිය. ඔහුන් එය විවෘත කර මොනවා හරි තිබුනොත් ” ආ අපිටත් මේ තොරතුරු ඇවිත් තිබුනේ මනුස්සයා එනකම් තමා හිටියේ ” කියලා වංගුවක් ගහලා කේස් එක මංකොල්ල කා එය අපිට අහිමි කරයි.එහෙම සිදුවිම් කිහිපයක් රේගුවෙන් අපිට කර ඇත. අනෙක කරුණු වන්නේ පුද්ගලයා ඔහුන්ට වැදගත් නැත. රිවෝඩ් එකයි වැදගත් .ඒකට ජාවාරම් කාරයන් අවශ්‍ය නැත.බඩු තිබුන නම් ඒ ඇතිය . අධ්‍යක්ෂ තුමා කිව්වේ කොහොම හරි ලංකාවේ එකා ගන්න නැත්නම් ඔක පරික්සා කරලා වැඩක් නැහැ යනුවෙන් ය. මගේ හිතේ දුවන්නේම මෙකේ මොනවා තිබේ ? තොරතුරු බොරුවක්ද්? එහෙම වුනොත් කාර්‍යංසයේ ඉදලා හමාරය.

ලංකාවේ අයිතිකාරයා
——————————————–
මගෙ මුස්ලිම් මිතුරා දින දෙකකින් පසුව මට කිව්වේ ලංකාවේ ඇඩ්‍රස් එකක් පාකිස්තායෙන් එවා තිබෙන බවය. මා ඒ ඇඩ්‍රස් එක servillance ආරම්භ කරන ලදි. ඒ නැව් බඩු clearance කරන ආයතනයකි. ඒ ආයතනය සමග සම්බන්ධතා ඇති කරගෙන කන්ටෙනර් එක නිදහස් කිරිමට මුදල් තැන්පත් කරන තෙක් අපි servillance කළෝය. 2010දෙසැම්බර් හයවෙනිදා පොඩි කොල්ලෙක් පැමිණ සල්ලි තැනපත් කරන ලදි. ආයතනය තුල දි අල්ලන්නේ නැතිව ඔහු පසු පස ගියේ ය.කොටුව දි ඔහුව අල්ලා ගන්නා ලදි.ඔහු whap clark කෙනෙක් විය .ඔහුගේ මාර්ගයෙන් අදාළ ආයතන යේ බොසාව අල්ලා ගන්නා ලදි. ඔහු මුස්ලිම් ජාතියෙක් විය. ඔහු කිව්වේ වැල්ලවත්තේ shopping කම්පැල්ස් එකක අයිතිකාරයෙක් මේ කොන්ත්‍රාත් එක්ක දුන් බවය. ඊට පසු දිනඔහුවද උපක්‍රම ශීලිව ගෙන්වා ගෙන අල්ලාගන්නා ලදි
ඔහු කිව්වේ පාකිස්තාන මිතුරෙක් ගේ ඉල්ලිමට තවත් පාකිස්තාන ජාතිකයෙකුට කරන උද්දව්වක් වශයෙන් මේ කන්ටෙනර් එක මුදා ගන්න උදව් කරන බවය. පසුව ඔහු ලවා පක්කා එක්ක දුර කථ්න සංවාද කරමින් ඔහු සිටින ඉසව්වක් සොයා ගැනිමට හෝ ගෙන්වා ගැනිමට කරන ලද උත්සාහයන් වතුරේ ගියේය .පක්කා හොද මීටරයෙන් වැඩ කරන කෙනෙක් වු අතර, ඔහු නුවර සිටින බවට ප්‍රකාශ කළේ ය. ඊලග තුරුම්පුව මම ගැසුවේය, එනම් කන්ටෙනර් එක වරායෙන් එළියට ගන්න ලක්ෂ දෙකහමාරක් අවශ්‍ය බවය. ඒ තුරුම්පුවට පක්කා අසුවුනේය. ඔහු පැය කිහිපයක් ඇතුළත දූරකතන අංකයක් එව්වෙය.ඒ උන්ඩියල් කාරයෙක් ගේ ය. අපි කිසිම අවුලක් කරන්නේ නැතිව සල්ලි ටික අතට ගත්තේ ය. ඒ කොටුවේ උන්ඩියල් රමේෂ් ගෙන්ය.රමේෂ්ට නිදහසේ ඉන්න ඉඩ හැරියේය ..

කන්ටෙනර් එකක් පැහැර ගැනිම
*************************************
සල්ලි ලැබිමෙන් පසු පක්කා නිතර නිතර සම්බන්ධ විය. ඔහු කන්ටෙනර් එක එලියට ගන්නෙ කවදා ද යනුවෙන් ඉක්මන් කරන ලදි. රේගුවේන් කිව්වේ රේගුවේ නීති අනුව කන්ටෙනර් එක එලියට දාන්න බැරි බවය. අපි අන්ත අසරණ වීය.කොහොමද පක්කව ගන්නෙ .කොහොමද මේ රටට කුඩු එවන මහ මොලකාරයා ගන්නෙ ?

නාකොටික් එකේ ඇතුලෙන් ඊර්ෂ්‍යාකාරි ප්‍රහාරය
======================================
මගේ විමර්ශනය සාර්ථක එකක් බවට සාධක පෙන්නුම් කරන විට යම් යම් නිලධාරීන්ට ඒ ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන්න විය. විවිධ බාධා කිරිම් ආරම්භ කළෝය . විමර්ශනයට යන්න දි තිබෙන වාහනය පවා අපෙන් ලබා ගන්නා ලදි .වැඩේ නොකෙරෙන තත්ත්වයට ඔහුට ඇති බලය යොදවන්න විය. රේගුවේ ප්‍රශ්නය හා නාකොටික් එකේ ඇතුලේ කරන්න කුඩු කෙඩුකම් නිසා නිලධාරීන් කළකිරිමට පත් විය. අපි රහසිගත සැළසුමක් ක්‍රියාත්මක කලේය. යන්න වාහනයක් මිතුරෙකු ගෙන් ලබාගත්තේ කෙනහිලිකම් කරන අයට හොර රහසේය. ඊලග තිබෙන්නෙ කන්ටෙනර් එකක් පක්කාට පෙන්නන වැඩේය. එකත් ක්‍රමයක් යොදාගත්තේ ය

කන්ටෙනර් එකක් පැහැර ගැනිම
——————————————————-
ඔරුගොඩවත්ත කන්ටෙනර් යාර්ඩ් එකට ගිහින් එන්නේ හිස් කන්ටෙනර් පෙටිටියක් පැහැර ගැනිමට සැළසුම් කළේ ය.මෙය සම්පුර්ණ නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් සද්භාවය නිසා ඒ ගැන තැකිමක් නොකට මා වැඩේ භාර ගත්තේ ය. වාහනය හරස් කර කන්ටෙනර් රථය නවත්වා ඔහුන් අපි භාරය ගන්නා ලදි. රියදුරුට බොහොම අමාරුවෙන් කරණු පැහැදිලි කර අපේ අරමුණු වෙනුවෙන් නම්මවා ගෙන ඒ පෙට්ටියේ අංකය පක්කාට ලබා දෙන ලදි. දැන් වැඩේ හරිය.
එත් මගේ හිත දෙගිඩියාවෙන් හා පොඩි බයක් ඇතිවිය.එනම් මේ මිෂන් එක ෆේල් වෙලා බඩු නැති වුනොත් මට ආයිත් යුනිෆෝම් අදින්න වෙන්නෙ නැත.

පකිස්තාන් කාරයා අත් අඩංගුවට
=============================
ඊලග පස්සේ පක්කා ගෙන් විමසුවේ කොහේටද? මේක අරන් එන්නේ යනුවෙන් ය. ඔහු තැනක් කියන්නම් කියලා ෆොන් එක ඔෆ් කලේ ය.දැන් කිසිම සම්බන්ධතාවයක් නැත. පැය කිහිපයක් ගෙවි ගියේය . වැඩේ අවුලක් වගේ දැනෙන්න විය . එකම අවුලක් වුනොත් වෙන්නේ අපි දුන් කන්ටෙනර් අංකය බොරු එක පාකිස්තාන එවන ලද කන්ටෙනර් අංකයට ගැලපෙන්නේ නැති එක හෝ
මේ සියලුම සංවාද කරන්නේ ලංකාවේ අල්ලාගෙන සිටි මුස්ලිම් ජාතිකයා මගින්ද වීම තුල අවුලක් කලාද යන්නය. මොකද උර්දු භාෂාව අපි දන්නේ නැත. මේ කන්ටෙනර් එක දවස් කීයක් මෙහෙම තබාගෙන ඉන්න බැරිය.අවසන් මොහොතේ වංගුවක් ගැසුවා ද?ප්‍රශ්න වැලකි.

එකවරම් සිංහල භාෂාවෙන් පුද්ගලයෙක් කතා කර කන්ටෙනර් එක ගැන අහන්න විය.ඇගට ඇත්තටම ලේ උනන්න විය. ඔහු කිව්වා තොටලග මහකුමාර මාවතට කන්ටෙනර් එක රැගෙන එන ලෙසය . තොටලගට මගේ මවිල් ගහක් යවන්න බැරි ය.මාව දන්න නිසාය . නිළධාරින් දෙදනෙක් පෙට්ටිය ඇතුළට දමා වසා තොටලගට කන්ටෙනර් එක යවන ලදි .මමත් රහසිගත ඒ ප්‍රදේශයට ඇතුල්වෙන ලදි. මේ පුද්ගලයා දුරකථන ඇමතුම් ගන්නෙ පාරේ ඇති ෆොන් බොක්ස් වලින් නිසා මේ කවුද යන්න trace කරන්න බැරි විය. කෙසේ හෝ කන්ටෙනර් එක අදාළ ස්ථානයට ගියේය .විනාඩි කිහිපයකින් ත්‍රිවීලර් එක් පැමිණ එක් පුද්ගලයෙක් විදුලි පන්දමකින් කන්ටෙනර් එකේ අංක පරික්සා කරන්න විය .ඔහු ව ක්ෂණිකවම අල්ලා ගෙන පකිස්තාන් කාරයා ගැන විමසන්න වූහ.නමුත් ඔහු වචනයක් වත් එ ගැන නොකියා ඉන්න තත්ත්වයක් විය .හැම තත්පරයක්ම වැදගත් මේ මොහෙතේ .එක ඇමතුමක් හෝ සැක සහිත වුවහොත් පක්කා පැන යයි. එහෙම පැන්නොත් මිෂන් එක වැඩක් නැත. කුඩු කිලෝ 100 ක් තිබුනත් වැඩක් නැහැ නියම මිනිහා මිසින් වුනොත් ඒ නාකොටික් එකේ ධර්මතවයයි. එක්වරම හෙණ ගහන්නා වගේ ශබ්ද කිහිපයක් ඇසුණා එක්වරම මේ පුද්ගලයා නාහෙන්,කටින් ලේ පෙරා ගෙන බිමට වැටුන අතර පසුව සියලුම විස්තර පක්කා ගැන කිව්වේ බොහොම කීකරු ලෙසය.පක්කා වත්තල හෝටලයක ඉන්නවා බවත් හෝටලය පෙන්වා දිය හැකි බව පවසන ලදි.යන්න පුලුවන් උපරිම වේගයෙන් ගොස් හෝටල් කාමරය කඩාගෙන කාමරයක ඇතුලු වී එහි සිටි පක්කා අල්ලා ගන්නා ලදි .මෙහෙයුම් සාර්ථක යි. එත් බඩු තිබේ ද ?යන සිතුවිලි නැවතත් මාව අවුල් කරන ලදී .

කන්ටෙනර් එක පරික්ෂාව
*******************************
පක්කා ඇතුලු සියලුම දෙනා අත් අඩංගුවට අරන් ඊට පසු දින එනම් 2010 දෙසැම්බර් නවය අද වැනි දින හවස් වරුවේ කන්ටෙනර් එක පරික්ෂා කිරිමට තීරණ කරගන්නා ලදි. නියම කන්ටෙනර් එක යාර්ඩ් එකට රේගුවේ නිලධාරීන් රැගෙන ආ පසු විවෘත කරන ලදි. මුලු කන්ටෙනර් එක පුරා පිලිවෙලට තබා ඇති අල ගෝනි විය. පෙලින් පෙල එලියට අරන් අල ගෙඩි කපමින් එහි වු පනුවන් අයින් කරමින් වැඩේ කරගෙන යන ලදි.මාද්‍ය වේදින් කිහිපදෙනෙක් පැමිණ සිටින ලදි .නාකොටික් එකේ ඉහළ නිලධාරීන් ,සෙසු නිලධාරීන් ,රේගුවේ නිලධාරීන් ,සේවකයන් ඇතුලු මහ පිරිසක් විය.උනන්දුවෙන් අල ගෝනි පරික්ෂා කරන්න විය.

චුටි පුතා ගේ පළමු අවුරුද්දේ උපන් දිනය
===================================

පරික්ෂා කිරිම අතර වාරයේදිගේ මගේ බිරිඳ ඇමතුමක් අරන් ඇහුවෙ අද පුතා ගේ පළමු උපන් දිනය කේක් ගෙඩිය කපන්න බලා ගෙන ඉන්නවා නිවස අසල්වැසි දරුවන් ද ඇවිත් ඉන්නවා ඉක්මනින් එන ලෙසය. එවැනි ඇමතුම් කිහිපයක් මට දෙන ලදි .මම කොහොමද යන්නේ ? පොඩි කණගාටුවක් ඇතිවුනත් මගේ රාජකාරිය අතහැරලා එන්න බැරිය.මගේ තත්ත්වය තේරුම් කිරිමෙන් පසුව තාත්තා නැතිව පුතා එයාගෙ පළමු අවුරුද්ද සැමරිය . මම හිතා ගත්තා පුතාට අද දවසේ මම දෙන උපන් දින තැග්ග වන්නේ මේ රටේ දරුවන් දහසක් නැති කරන්න ගෙනා මේ කුඩු තොගය හොයාගෙන එහි මහ මොලකාරයා ඇතුළට දමා එල්ලුම් ගස් යවන්ටය..
පැය ගානක් පරික්ෂා කලත් කිසිම දෙයක් හමුනොවිය . දැන් කන්ටෙනර් එකෙන් සියයට අනුනවයක් පරික්සා කළ අවසන්.සමහර අය එතැනින් යන්න ගියේය . නිලධාරීන් වැඩේ අතහැර දමා ඇත. තව ඇත්තේ ගෝනි පේලි තුනකි.බලාගෙන ඉන්න බැරිම තැන මම ම ගෝනි ඇද උස්සා ගෙන එන්න වීය. තුන්වෙනි පෙල අවසන් වු විගස මා දැක්කේ අවසාන පෙලි දෙකේ යට කොටසේ අල ගෝනියක අල සුදුම සුදු අල කිහිපයක් .මම හනිකට ඇද පරික්සා කරන විට “බඩුම තමා ” . එවැනි අල ගෝනි විස්සක් තුල හෙරෙයින් විය. මම ඒ පළමු ගෝනිය අරන් ආවේ අර්ජුන රණතුංග 1996 world cup අරන් ආව විදියට ය. සෑම නිලධාරීයෙක්ම “well done rangajeewa ” කියලා කෑ ගහන්න විය. මට පුතා මතක් විය. මම බිරිඳ ට ඒවෙලේම දුර ඇමතුමක් ගත්තේ ය. පුතා නිදිය. මම සියලු විස්තර කියන ලදි . මගේ බිරිඳ කිසිම සතුටු ප්‍රතිචාරයක් නොදන්නවා ෆොන් එක විසන්ධි කළාය .ඇය එදාත් අදත් මගේ නාකොටික් රක්ෂාවට කැමතිම නැත. ඇය නිතරම කියන්නේ නාකොටික් එකෙන් අයින් වෙන්න ඔයා කවදා හරි තනි වෙනවා කවුරුත් නැහැ එදාට කියා ය. එහි යතාර්ථය තේරුම් යන විට මම ප්‍රමාද වැඩිය .

සැකකරුවන් අත් අඩංගුවට
==========================
නාකොටික් අධ්‍යක්ෂ තුමා වන SSP බැද්දෙවෙල සර් කිව්වේ දැන් මහන්සි බලන්නේ නැතිව හෙට උදේ එලිවෙන්න පෙර ටීම් එකත් එක්ක ගිහින් servillance කළ ඉතුරු සැකකරුවන් ද අල්ලාගෙන එන ලෙසය . කන්ටෙනර් එකේ ඇඩ්‍රස් තිබුන ගුවන් භටයා,කටුනායක ආනන්ද ,උන්ඩියල් රමේෂ් නිදි පැදුරෙන් කුදලාගෙන ගෙන එන්න විය.

හෙරොයින් කිලෝ 40ක් පමණ විය. පොලිස් පති මහින්ද බාලසුරිය මහත්තයා කාර්‍යංසයට පැමිණෙන ලදි .පොලිස්පති කෙනෙක් නාකොටික් එකට මෙහෙම එන එක නාකොටික් අපේ ලොකු ගරුත්වයක් ආයතනයට වීය

මහාධිකරණයේ නඩුව සංකීර්ණ වීම
===============================
සියලුම සැකකරුවන් උසාවි දැමීම ද මුස්ලිම් ජාතිකයන් සියලුම දෙනා සක්ෂි ප්‍රමාණවත් නැහැ කියමින් නීතිපති තුමා නිදහස් කරන ලදී .පසුව අනෙක් කිහිපදෙනෙක් ද නිදහස් කළේය .අවසානයේ නඩු පැවරුනේ පාකිස්තාන ජාතිකයාට හා සිංහල පුද්ගලයා පමණි .

ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරුට උසස් වීම
======================================
මේ වැටලීම සදහා මා සිටි පොලිස් පරීක්ෂක තනතුරෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස නාකොටික් අධ්‍යක්ෂ ,නාකොටික් ඩි.අයි.ජි. හා සීනියර් ඩිඅයිජි යන අය ගේ නීර්දේශ තරයේ සිදුකොට අවශ්‍ය ලේඛන පොලිස් මූලස්ථානයට යොමු කරන ලදි .මම ත් මහත් බලාපොරොත්තුවෙන් බලා ගෙන සිටින ලදි. එහෙත් අදටත් මා 2010සිටි පොලිස් පරීක්ෂක තනතුරේ ය. එහෙත් අකුල් හෙලන ලද උසස් නිලධාරියාට වීශේෂ වැටුප් වර්ධක දෙකක හිමිකම් ලබන ලදි .මට එහෙමවත් නැතිය.

නඩු විභාගය
===============

නඩු විභාගය ආරම්භ කර නඩු වාර කිහිපයක් යන විට NGO සංවිධානයක කතෝලික පියතුමෙක් ගේ මැදිහත් විමෙන් නඩුව අතර මගදී සිංහල ජාතිකයා නිදහස් කරගෙන ගෙදර ගෙන ගියේය .ඒ කොහොමද කළේ යන්න අදටත් මම ප්‍රශ්නයක් ය.

මේ නඩුව සංකීර්ණ වීමට හේතු සන්තකය ඔප්පු කිරිමට ඇති සාක්ෂිමය තත්ත්වයක් පැවතිම හා පාකිස්තාන ජාතිකයා ලංකාවට ආවේ ගුවන් මගිනි වන නිසා ය. ලංකාවේ ඒවනවිට ආධාර අනුබල දිම යන වරදකට තීන්දුවක් ලබා දි නැත. එහෙත් රටේ වාසනාවකට නීතිපති දෙපාර්තමේන්තුවේ ශානක සර් ගේ දක්ෂතවය හා කැප වීම මත නඩුව ඉදිරියට ගෙන යන ලදි . මා 2017.05.09 දින පිලියන්දල දි වෙඩි වැදිමට මාස කිහිපයක් තිබෙද්දි මගේ සාක්ෂි අවසන් කරගන්නා ලදි.

උඹ මට ඇරියා නේද පකෝ
————————————–=====
මේ නඩුවේ ඉතුරු සාක්ෂි මෙහෙවෙන විට 2018.03.28 ශානි අබේසේකර සාක්ෂි හදා බොරු නඩුවකට මවා මාව වැලිකඩ හිරගෙදට යවන ලදි .එහි කාලය ගත කරන විට දිනක් මා බන්ධනාගාරයේ ඉන්න විට අර පාකිස්තාන ජාතිකයා වන මොහොමඩ් ජාන් මගේ නඩුවෙන් මරණිය දන්ඩනය ලබා එදින මා සිටි බන්ධනාගාරයට ගෙන එන ලදි . ඔහු මා ලගට පැමිණ ඉහත වචන පෙළ දිග හරහට කියා ගෙන යන ලදි .ඔහුත් මාත් එකම බන්ධනාගාරයේ ඉන්න ලැබීම හා හිරේ බත් කන්න සැලැස්වුනේ ” මා විශ්වාස කරන පරිදි මගේ බිරිඳ ගේ එක වචනයක් වචනයක් වත් ගණන් නොගෙන රාජකාරිය කරන්න ගිය නිසා බවය.ඇය බන්ධනාගාර ගේට්ටුව අසල මට බත් අරන් පෝලිමේ සිටින සිටියේකුඩු කාරයන් ගේ පවුල් වල අය සමගය.උන් දන්නේ නැහැ මේ රංගජිව ගේ බිරිඳ බව. මට හිර ගෙදර ජිවිතේ එකම බය කෑම එක අරන් එන බිරිඳ ගැන පමණය.ඊට මාස දෙකකට උඩ දි මදුෂ් විසින් සමයං ගේ බිරිඳ බවට වැරදිමකින් වෙඩි තබා තිබුනේ වෙනත් ගැබිනි කාන්තාවකට මේ ගේට්ටුව ලගදි ය . මගේ බිරිඳ මගේ පාසැල් කාලේ සිට මිතුරියක් ය. ඇය මම වැඩ කරන නාකොටික් එක කවදා වත් දැක නැත. උසාවියක් දැකලාම නැත. මම ඈව උසාවියට කවදා වත් ගෙන්වා ගෙන නොමැත. දරුවන් තුන්දෙනා සමග කිසිම ආරක්ෂා වක් නැතිව මෙහෙම පෝලිමේ ඉන්නවා දකින විට මට හිතෙන්නේ මට හෙණ ගහලා ත් මදිය යන්නය. එදා ඒ ප්‍රමෝෂන් එක ලැබුනා නම් අද මම සහකාර පොලිස් අධිකාරි කෙනෙක් ය.එත් වසර විසිපහක සේවා කාලය තුල බැදුණු තනතුර හැර එක තනතුරකින් සීමා වෙන්න සිදුවුවේ ඇයි ද මා දනිමි .එත් මට තව එවා කියන්න කාලය ඇත.

මීට නාකොටික් රංගජිව”

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී