නවතම පුවත්

අවුරුදු 15 තුන්බර්ග්ලා අපේ රටේ නැද්ද?

අසංක

අසංක

ග්‍රේටා තුන්බර්ග්

බොහෝ දේ වෙනස්කිරීමට කාලය ගතවනතුරු ඉවසා සිටිය යුතු නැහැ.අදම ඔබට එය කළ හැකියි. ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් ඔබ තබන ඒ පියවර තවත් පියවර දහසක ආරම්භයකි.

ග්‍රේටා තුන්බර්ග් ඇය අපේ රටට නම් තවමත් ආධුනිකයි. නමුත් මුළු ලෝකයක් තුන්බර්ග් ගැන අවධියෙන් පසුවෙනවා. ඒ පහළොස්වියේ පසුවන ඇය දේශගුණික ක්‍රියාකාරිනියක ලෙස ලෝකය වෙනස් මානයක් කරා ගෙනයාමට ගත් උත්සාහය නිසාය.

කවුද මේ ග්‍රේටා තුන්බර්ග්

ස්වන්ටේ තුන්බර්ග් සහ මලිනා ඒන්මාන් දෙමාපියන් දාව 2003 ජනවාරි 03 වැනිදා ස්විඩනයේ උපත ලද ග්‍රේටා තුන්බර්ග් මේ වනවිට ලොවපුරා ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය උදෙසා ලෝකයට පුර්වාදර්ශයක් ලෙසය.

ඊට හේතුවී ඇත්තේ තුන්බර්ග් දේශගුණය උදෙසා ලෝකයේ පළමුවරට පාසල් වර්ජනය කරමින් පටන්ගත් ශිෂ්‍ය ව්‍යාපාරය නිසාය.

දේශගුණය උදෙසා පාසල් වර්ජනය ( School strike for climate) ලොව පළමු වරට ඇරඹෙන්නේ ඇය නමිනි. ඒ කතාවේ මුලාරම්භය 2018 අගෝස්තු 20 වැනිදාය. ඒ වනවිට ඇය නවවැනි ශේණියට පා තැබුවා පමණි. 2018 ස්විඩනයේ මහ මැතිවරණය යෙදී තිබුණේ සැප්තැම්බර් 09 වැනිදාටය.

ඊට පෙර තුන්බර්ග් දැඩි තීන්දුවකට එළඹුනාය. ඒ ඒවනවිට ස්විඩනය මුහුණ පා තිබු දැඩි අර්බුදධයකට එරෙහිව ශිෂ්‍ය අරගලකාරියක ලෙසය. ස්විඩන ඉතිහාසයේ වැඩිම අගයකට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවන්නේ 2018 මැයි මාසේය සිට ජුලි අතර කාලය තුළය. ස්විඩනයේ අගනගරය ස්ටොක්හොම් හි මැයි මාසයේ සෙල්සියස් අංශක 13.9 කටත් පුලි මාසයවනවිට එම අගය සෙල්සියස් අංශක 22.5කටත් ඉහළ ගොස් තිබිණි.

Swedish teenager Greta Thunberg, center, leads a march of thousands of French students through Paris, France, to draw more attention to fighting climate change, Friday, Feb. 22, 2019. Sign reads : “school strike for the climate”. (AP Photo/Francois Mori)

දේශගුණය උදෙසා පාසල් වර්ජනය

මෙසේ උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකුණේ වනාන්තර ගිනි තැබීම (Wildfires) සහ රට පුරා හමායන තාප තරංගයි (Heat waves) තුන්බර්ග් අගෝස්තු 20 වැනිදා සුපුරුදු පරිදි පාසල් ගියේ නැත. ඇය දේශගුණය උදෙසා පාසල් වර්ජනය යනුවෙන් සුදු පුවරුවක කළු පැහැයෙන් ලියා ගත්තාය. එයත් රැගෙන ඇය ගියේ ස්විඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටටයි.

සම්පුර්ණ පාසල් වෙලාව ඇය අදාල පුවරුව අතින් ගෙන එහි යන එන සියලු නියෝජිතවරුන්ට පෙනෙන පරිද්දෙන් නිහඩ අරගලයකට මුලාරම්භය තැබුවාය. දිනක් දෙදිනක් නොව සැප්තැම්බර් 09වැනිදා ස්විඩන මහ මැතිවරණය යෙදෙන තෙක්ම දිනපතා පාසල් වේලාව ඇය ගතකළේ ස්විඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටය.

ඒ වනවිට ඇයගෙන සියලු දෙනා මෙම වර්ජනයේ අරමුණු විමසන්නට වුහ. පැරිස් සම්මුතියට අනුව කාබන් විමෝචනය අඩු කිරීමට ස්විඩන රජය පියවර ගත යුතුයැයි ඇය එකහෙළා කීවාය.

මහ මැතිවරණය නිමා වු පසුවස සෑම සිකුරාදා දිනකම සුපුරුදු ස්ථානයට පැමිණි ඇය තම පාසල් කාලය තුළ මෙම ඉල්ලීම සහිත පුවරුව ප්‍රදර්ශනය කළාය.

තුන්බර්ග් ගේ සටනට තවත් ශිෂ්‍ය සහයකයන් එක්වන්නට පටන් ගත්තේ ඇයගේ අප්‍රතිහර්ත වෑයමට සහය පළ කිරීමක් වශයෙනි. 2018 දෙසැම්බර් මාසය වනවිට පාසල් වර්ජනය කරමින් දේශගුණය උදෙසා නගර 270 ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20000ක් පමණ ඇය සමග එක්වුහ.

ඇය පරිසර විද්‍යාඥවරියක නොවුනද දශක ගණනක් තිස්සේ ඔවුන්ට සමාජයට ගෙන යා හැකි නොවු පණිවුඩය ගෙන යාමට තුන්බර්ග් සමත් වුවාය. ඇත්තටම ඇයගේ වෑයම සාර්ථක වුවාය. මේ නිසා ලෝකයේ බොහෝ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති හා දේශන සදහා 15 හැවැරිදි තුන්බර්ග්ට ආරාධනා ලැබිණි.

2019 වසරේදී ඇය 16 වැනි වියට පා තැබුවාය. නමුත් කාලය කොතරම් දෑ තමන්ගේ නම ඉදිරියේ සදහන් කොට කොතරම් වටිනාකම් ලැබුණද ඇය අත් නොහැරි පුරුද්දක් වුවාය. ඒ සෑම සිකුරාදා දිනකම ස්විඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගොස් දේශගුණය උදෙසා පාසල් වර්ජනයේ නිරතවීමයි. ස්විඩනය පමණක් නොව ලොව අනෙකුත් රටවල්ද දේශගුණික විපර්යාසවලින් අත්මිදීම සදහා යහපත් තීන්දු තීරණ නොගැනීම ඇයගේ වර්ජනය දිගු වීමට හේතුවයි.

ග්‍රේටා තුන්බර්ග් ගේ සංවේදි කතාව

2018 දෙසැම්බර් 17 වැනිදා පෝලන්තයේ කැටොවිස්හි පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP24 in Katowice) ඇමතීමට තරම් කුඩා තුන්බර්ග් ලොව අවදානයට යොමුවන්නේ ඇය ලොව කුඩාම පරිසර ක්‍රියාකාරිනියක ලෙස ලොවට දායද කරන හෘදයාංගම පණිවුඩය නිසාය.

ලෝක නායකයන් ඉදිරියේ එදා පහලොස් හැවැරිදි තුන්බර්ග් සිය හඩ අවධි කළාය. තුන්බර්ග් ගේ එම කතාව මිහිපිට සියලු නායකයන් මෙන්ම ජනතාව සවන් දිය යුතු කතාවකි.

මගේ නම ග්‍රේටා තුන්බර්ග්. මට වයස අවුරුදු 15යි. මගේ රට ස්විඩනය. දැන් මම දේශගුණික යුක්තිය වෙනුවෙන් කතාකරනවා.

බොහෝ දෙනෙක් කියන්නෙ ස්විඩනය කියන්නෙ ඉතා කුඩා රටක් කියලා, නමුත් අප කරන දේට ඒක ගැටලුවක් නෙමෙයි.

මම ඉගෙන ගත්තා වෙනසක් ඇතිකිරීමට තරම් ඔබ කුඩා නැහැ කියලා. අපට ඇත්තටම අවශ්‍යයයි නම් එකට එක්වී යමක් කළ හැකි බව මගෙන් ආරම්භවී ළමයින් කිහිප දෙනෙකුගේ සැදුම්ලත්ව පාසල් වර්ජනය කිරීමට ලොව පුරා ගෙන ගිය පාඨයට (School strike for climate) ලැබුණු ප්‍රතිචාරය පෙන්නුම්කරනවා.

නමුත් එසේ කිරීමට නම් අපි ඉතා පැහැදිලිව කතා කළ යුතුයි.  ඒ සදහා කොතරම් අපහසුතාවයකට මුහුණපාන්නට සිදුවන්නේද යන්න ඊට අදාලම නැහැ. ඔබ සදාකාලික හරිත ආර්ථික වර්ධනයක් පිළිබදව කතා කරන්නෙ අපකීර්තියට පත්වීමට ඔබට තිබෙන බිය නිසයි.

ඉතා නරක අදහස් කතා කරමින් ඔබ ඉදිරියට ගමන් කරනවිට ඒ සෑම නරක අදහසක්ම අප තුළට වැටෙනවා. අඩුම තරමෙ ඔබ අතිශය සංවේදි කාරණා පිළිබදව මේ තත්ත්යෙන් මිදි හදිසි තිරිංගයක් මෙන් ක්‍රියාත්මක විය යුතුයි.

ඔබ ඒ ආකාරයට කටයුතු කිරීමට තරම් පැසුනු මනසක් හෙබි අයෙකු නොවේ නම් ඒ බර අප වැනි කුඩා දරුවන්ට යොමු කරන්න. නමුත් මට නම් ජනප්‍රියත්වය මොහොතකට වැදගත් නැහැ. මට වැදගත් වන්නේ දේශගුණික යුක්තිය සහ අප ජීවත්වන මිහිකතයි.

අපගේ සිවිල් සමාජයේ බහුතරයක් ඔවුන්ගේ කැප කිරීම් සිදුකරනු ලබන්නේ ඉතා කුඩා අගයක් ගන්නා පිරිසකට දැවැන්ත ලෙස මුදල් උපයා දීමටයි. ඒ නිසා අප වගේ රටවල්වල සිටින ධනවත් පුද්ගලයන්ට සුඛෝපබෝගී ලෙස ජීවත්වීමට අවකාශ ලැබී තිබේ. එහිම අනෙක් පැත්ත සලකා බැලු විට ස්වල්ප දෙනෙකුගේ සැපවත් ජීවිතය වෙනුවෙන් බහුතරයක් දෙනා දුකට පත්වේ.

2078 අවුරුද්ද, මම මගේ 75 වැනි උපන් දිනය සමරන අවුරුද්දයි. මට දරුවන් සිටියි නම් ඔවුන් මා සමග ඒ දිනය සමරාවි. සමහරවිට ඔවුන් මගෙන් ඔබ ගැන අසාවි. ඇතැම්විට ඇයි ඔබ ක්‍රියාත්මක විමට තිබු කාලයේ කිසිවක් නොකළේ යැයි මගෙන් අසාවි.

ඔබ කියන්නෙ ඔබ අන් සියලු දේට වඩා ඔබේ දරුවන්ට ආදරය කරන බවයි. ඔබ තවමත් ඔවුන්ගේ ඇස් පනාපිට ඔවුන්ගේ අනාගතය සොරකම් කරමින් සිටිනවා.දේශපාලනික වශයෙන් සියල්ල සිදුවේයැයි බලාපොරොත්තුක් නොතබා ඔබ කළ යුතුව ඇත්තේ අවශ්‍යතාව කුමක්දැයි සොයා බලා එවැනි අවශ්‍යතාවන් වෙනුවෙන් ඔබගේ අවධානය ඒ කෙරේ යොමු කිරීමයි.

අර්බුධයක් අර්බුධයක් ලෙස සලකා ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් අපට අර්බුධය  විසදාගත නොහැකියි. භූගත පොසිල ඉන්ධන සුරකිව තබාගත යුතු අතර අප සාධාරණත්වය පිළිබදව අවධානය යොමු කළ යුතුයි.

අපගේ පරිසර පද්ධතිය තුළින්ම අපට විසදුම් සොයා ගැනීමට අපහසු නම් අප අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුවන්නේ අපගේ පද්ධතියයි.

ලෝක නායකයන්ගේ රැකවරණය ලබා දෙන්නැයි අයැදමින් අප මෙහි පැමිණියේ නැහැ. අතීතයේ ඔබ අපව නොසලකා හැරියා මෙන් අනාගතයෙත් ඔබට අපව නැවත වරක් නොසලකා හැරීමේ හැකියාව තිබෙනවා.

නිදහසට ඉදිරිපත්කළ කරුණු වටේ දිව ගිය අප ඒ කාලය දැන් නිමා කරමින් සිටිනවා. අපි මෙහි පැමිණියේ ඔබ කැමැති වුවත් අකමැතිවුවත් වෙනසක් පැමිණෙන බව දැන්වීමටයි.

සැබෑ බලය අයිති ජනතාවටයි.

ස්තුතියි !

රමේෂ් වරල්ලෙගම

( ස්ලයිකැන් භාරයට  http://slycantrust.org/  ලියු ලිපියක් ඇසුරිනි)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්