නවතම පුවත්

අහිංසකයන්ගේ ලෙයින් ගිණුම් තරකරමින් මළවුන්ගෙන් නැගිටි ත්‍රස්තවාදීන්

අසංක

අසංක


සටහන – ප්‍රියන්ත ජයකොඩි
නියෝජ්‍ය පොලිස්පති

නූතන ලෝකයේ මුලින්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුන්වා දී ඇත්තේ 1944 වර්ෂයේ දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ ජපනුන් විසිනි. දෙවන මහා ලෝක සංග්‍රාමයේ අවසන් අදියරට එළඹ තිබියදී බිතාන්‍ය, ඇමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීන හමුදා ජර්මනිය ආක්‍රමනය කරන ලදි. 02 වන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශවකරුවෙකු වූ ජපානය යටත් කර ගෙන ගෙන සිටි ආසියාවේ, බුරුමය සහ සිංගප්පූරුව ප්‍රමුඛ ප්‍රදේශ අහිමිව යාමේ තර්ජනයකට මුහුණ දී සිටි. ජපන් පෙරමුණ මිත්‍රපාක්ෂික නාවුක බලය සුනු විසුනු කිරීම සඳහා “ජපන් කම්කාසේ” භට හමුදාවන් නිර්මාණය කර ඇත.

“කම්කාසේ” යනු ජපන් භාෂාවෙන් දිව්‍යමය සුළඟයි. දිව්‍යමය සුළඟ ගුවන් යානා බවට පත්ව පැසිෆික් සාගරයේ රාජකාරී යොදවා තිබූ බිත්‍රාන්‍ය මිත්‍ර පාක්ෂික නාවික යාත්‍රා වෙත යාත්‍රා කරමින් කම්කාසේ භටයින් එල්ල කරන ලද ප්‍රහාර වලින් මිත්‍ර පාක්ෂික නාවික යාත්‍රා ….. ක් මුහුදු බත් වු අතර මියගිය මිත්‍රපාක්ෂික නාවිකයින් සංඛ්‍යාව 7000 කට අධිකය. විශාලතම කම්කාසේ ප්‍රහාරය එල්ල කිරීමේ ගෞරවය හිමි වන්නේ 1945 මැයි මස 11 වන දින “පර්ල් වරායට” එල්ල කරන ලද ජපන් ප්‍රහාරයේදී “USS Bunker Hill” නෞකාව මුහුදු බත් කරමින් භටයන් 389 දෙනෙකුට මරු කැදවමින් තවත් නාවුක භටයින් 264 දෙනෙකුට තුවාල සිදු කරමින් එල්ල කරන ලද කම්කාසේ ප්‍රහාරයයි . මෙම කම්කාසේ ප්‍රහාරය එල්ල කල ජපන් භටයා වූයේ “Ensign Kiyoshi Ogawa” යි. Ogawa අදටත් ජපනුන් අතර වීරයෙක්. 4000 කට අසන්න කම්කාසේ භටයන්ගෙන් සමන්විත වු ජපන් හමුදාවේ ගුවන් යානා මරාගෙන මැරෙන ප්‍රහාරක යානා ගුවන්ගත වන ගුවන් පථය අවට ඒ දිනවල සකුරා හා චෙරි මල් අතින් ගත් ජපන් යුවතියන් දහස් ගණනක් කම්කාසේ භටයින් අවසන් සුභපැතීමට රැස්ව සිටි බව ප්‍රසිද්ධ කරුණකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැවතත් මරාගෙන මැරෙන සංකල්පය පිළිබඳව කතිකාවතක් ගොඩනැගුනේ වසර 30 ක් මුළුල්ලේ ශ්‍රී ලංකාව වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය හමුවෙයි. 1974 වර්ෂයේ කුඩා තරුණ කණ්ඩායමක් විසින් න්‍යයාත්මක ලෙස ආරම්භ කරන ලද දමිල නව කොටි (Tamil New Tigers) සංවිධානයේ ව්‍යාප්තියෙන් ලෝකයේ දරුණුතම ගරිල්ලා සංවිධානයක් බවට පත්වූ “LTTE” නොහොත් “Liberation Tigers of Tamil Elam” සංවිධානය 1987 වර්ෂයේ සිය ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහනයෙන් මුදවාගැනීම සඳහා එවකට ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල ලලිත් ඇතුලත් මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කල “operation Liberation” අතරතුරේදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හමුදා කඳවුරකට ධාවනය කර ශ්‍රී ලංකා යුධ හමුදාවේ භටයින් 40 දෙනෙකු ඝාතනය කල අවස්ථාවයි. LTTE සංවිධානය වෙනුවෙන් දිවි පිදූ ප්‍රථම මරාගෙන මැරෙන බෝම්බකරුවා වීමේ අවකාශය හිමි කරගෙන ඇත්තේ කපිතාන් “මිලා” ය.

1987-2009 කාලවකවානුව අතරතුර LTTE සංවිධානය විසින් මරාගෙන මැරෙන ප්‍රහාර 168 ක් සිදු කර ඇති අතර ඉන් 167 ක්ම ශ්‍රී ලංකා භූමිය තුලත්, එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඉන්දීය ධරණිතලය තුලත් මෙහෙයවා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල දියත් කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන් තුලින් 1993 මැයි මස 01 වන දින කොළඹ ආමර් වීදීයේදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එවකට ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඝාතනය කිරීමටත්, 1991 මැයි මස 21 වන දින දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “ශ්‍රී පෙරුම් බුදූර්” හීදි ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය “ශ්‍රී රජිව් ගාන්ධි” මහතා මරාගෙන මැරෙන බෝම්බකාරියක් වූ “තේන්මෝෂි රාජරත්නම් නොහොත් ධනු” මගින් ඝාතනය කිරීමටත් LTTE සංවිධානය සමත් වූ අතර 1999 කොළඹ නගර ශාලාව අසලදී එල්ල කරන ලද තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සිය ජීවිතය 99 න් බේරා ගැනීමට සමත් වුවත් ඇයට එක් ඇසක් අහිමි කිරීම මෙම පුහාරය හේතුවෙන් සිදුවූවා.

LTTE සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකා දේශපලඥයින්, සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු රාශියකගේ ජීවිත අහිමි වී ඇති අතර ඔවුන් අතර අමාත්‍යවරුන් වන සී.වී. ගුණරත්න, ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක, හිටපු අමාත්‍යවරුන් වූ දොස්තර විජේසේකර, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිකාරච්චි වැනි දේශපාලඥයින්ද, නීලන් තිරුචෙල්වම් වැනි සමාජ ක්‍රියාකාරීන්ද සිටිනවා. මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයන් අතර 2001 වර්ෂයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මුල්කොට ගෙන එල්ල කරන ලද මරාගෙන මැරෙන පුහාරයෙන් ගුවන් යානා 06 ක් විනාශ කරමින් පුද්ගලයින් 16 දෙනෙකුගේ ජීවිත අහිමි කල අතර 1998 වර්ෂයේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ මෙන්ම UNESCO ලෝක උරුමයක්ද වන ශ්‍රී දළදා මාලිගාවට එල්ල කරන ලද ප්‍රහාරයෙන් සැදැහැවතුන්ගේ ජීවිත 08 ක් අහිමි වීම සිදුව තිබෙනවා.

LTTE සංවිධානය දියත් කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන් අතර 1994 සැප්තැම්බර් මස 20 වන දින මන්නාරම් මුහුදේදි සාගරවර්ධන නෞකාවට එල්ල කරන ලද ප්‍රහාරයෙන් නාවිකයින් 25 දෙනෙකුගේ ජීවිත අහිමි කිරීමත්, 1999 ජුලි මස 24 වන දින දෙහිවල දුම්රිය බෝම්බයෙන් පුද්ගලයින් 64 කගේ ජිවිත අහිමි කිරීමත්, 1996 ජනවාරී මස 31 වන දින මහ බැංකු ප්‍රහාරයෙන් පුද්ගලයින් 96 කගේ ජීවිත අහිමි කිරීමත්, 2006 ඔක්තෝබර් මස 16 වන දින දඹුල්ල දිගම්පතන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හමුදා නිළධාරීන් 103 කගේ ඝාතනයත් මුල් තැන ලා ගැනෙනවා. මෙම අමිහිරි අතීතය නැවත වරක් අපට ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ 2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින ISIS ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ජාතික තව්හික් ජමාත් සංවිධානය විසින් කතෝලික දේවස්ථාන 03 ක් සහ සංචාරක හෝටල් 03 ක් මුල් කර ගෙන එකම වේලාවක සිදු කරන ලද මරාගෙන මැරෙන මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තවත් 300 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීමේ අමිහිරි අතීතයක් අප වෙත උරුම කර දී තිබෙනවා.

ISIS සංවිධානයේ ආරම්භය සනිටුහන් වන්නේ 2003 වර්ෂයේ ඇමෙරිකානු හමුදාව විසින් ඉරාකය ආක්‍රමණය කර “Sadam Husain” අත්අඩංගුවට ගත් අවස්ථාවේ Sadam Husain ගේ “බාත්” පක්ෂයේ සන්නද්ධ කණ්ඩායම් විසින් පිහිටුවා ගනු ලැබු “Islamic State of Iraq and Syria (ISIS)” සංවිධානය මුල්කොට ගෙනයි.

මුලින් ඉරාකයේ මොසුල් නගරය ආශ්‍රිතව තම බලය කහවුරු කර ගත් මෙම කණ්ඩායම 2012 වන විට සිරියානු අර්ධද්වීපයේ කොටසක් අත්පත් කර ගනිමින් වෙනම ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සමත් වී තිබෙනවා. 2015 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට බටහිර ඉරාකයත්, නැගෙනහිර සිරියාව දක්වා ජනතාව මිලියන 08 -12 ක් අතර ප්‍රමාණයක් පදිංචි ප්‍රදේශය පුරා සිය අණසක විහිදුවමින් ISIS සංවිධානය ඔවුන්ට ආවේනික කොඩියක් හා රටක් හදුන්වා දෙමින් ඉස්ලාම් දේශයක් නිර්මාණය කිරීමට සමත් වුනා.

මෙම දේශය තුල ඉස්ලාම් ක්‍රමය අනුව කටයුත් නොකරන සියළු දෙනාට මරණය හිමි වූ අතර එකල “ස්ලෝටර් ජෝන්” ලෙසට ප්‍රකට මුහුණු ආවරණය කර ගත් බෙලි කපන්නා, ISIS සංවිධානය විසින් අත්අඩංගුවට ගනු ලබන සිවිල් ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්ගේ හිස කඳින් වෙන් කරන දර්ශන නිරතුරුවම අන්තර්ජාලය තුල සැරිසරන කාලයක් වුනා.

කොසේ වෙතත් 2018 වන විට කුරුදිස්තාන් (Kurdish) භටයින්ගේ සහාය ඇතිව ඉරාක හමුදා මොසුල් නගරය ඇතුළු ඉරාක බල ප්‍රදේශයෙන් ISIS අතුගා දැමීමට සමත් වූ අතර, නැගෙනහිර සිරියාවේ අවසාන ISIS බලකොටුව බිඳදමමින් සිරියාවේද ISIS සංවිධානය අතුගා දැමූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 2018 වර්ෂයේ අවාසන කාලයෙයි..

ඉරාකයේ සහ සිරියාවෙන් අතුගා දමන ලද ISIS සංවිධාන ඇස ඊළගට යොමු වී ඇත්තේ ඔවුන්ගේ අනුග්‍රහය ලබන ආසියානු රටවල පිහිටුවා ගත් කුඩා මුස්ලිම් අන්තවාදී සංවිධාන වෙතයි. මෙම සංවිධාන ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව හා පිලිපීනයේ පිහිටා ඇති අතර ශ්‍රී ලංකාව තුල 2014 වර්ෂයේ සහරාන් හාපීම් ප්‍රමුඛව පිහිටුවා ගනු ලැබූ ජාතික තව්හික් ජමාත් සංවිධානය ද එවැනි සංවිධානයකි. සිරියාවේ හා ඉරාකයේ අහිමිව ගිය ශ්‍රී විභූතිය නැවත නගා සිටුවීම සඳහා ISIS සංවිධානය ජාතික තව්හික් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුල දියත් කරන ලද 2019.04.21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය කතෝලික බැතිමතුන් සමඟ සංචාරකයින් ඉලක්කක කර එල්ල කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙම කුරිරු ප්‍රහාරය මගින් මුළු ලොවෙහිම අස්සක් මුල්ලක් නෑර විසිර සිටින කතෝලික ජනතාවට හා ප්‍රධාන ගණයේ රටවල් වන ඇමෙරිකාව, බිතාන්‍ය, ජපානය මෙන්ම ඉන්දියාවටත් ISIS සංවිධානය තවමත් ජීවත්ව සිටින බවට පණිවුඩයක් ලබා දීම බව දේශපාලන විචාරකයින් අදහස් කරනවා.

2014 වර්ෂයේ ඇමෙරිකානු හමුදා එල්ල කල ප්‍රහාරයකින් ISIS නායකයා වන Abu Bakr Al-Baghdadi මිය ගිය බව ප්‍රකාශව තිබුනා. 2014 වර්ෂයේ සිට Al-Baghdadi ගැන කිසිම තොරතුරක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරේ නැහැ. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු මලවුන්ගෙන් උත්තාපනය වු Al-Baghdadi ශ්‍රී ලංකා ප්‍රහාරය පිළිබදව සඳහන් කෙරෙන වීඩියෝවක් සකස් කරලා සමාජ ජාලා වෙබ් අඩවි වෙත නිකුත් කරලා තිබෙනවා.

මිලේච්ඡ ශ්‍රී ලංකා ත්‍රස්ත නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි මස 19 වන දින වෙල්ලමුල්ලි වයික්කාල් හිදී මියගොස් දින කිහිපයකට පසු ඔහු දිනපතා පුවත්පත් බලන වීඩියෝවක් මේ ආකාරයටම දෙමළ ඩයස්පෝරාව විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුනා. මෙම සිද්ධීන් දෙකහිම යම් සමානකමක් අපට පෙනෙනවා. කුරිරු ත්‍රස්තවාදී සංවිධාන මියගිය තම නායකයින් මළවුන්ගෙන් නැගිට්ටමින් අහිංසක ජන ජීවිත වල වටිනාකම තඹ සතයකට මායිම් නොකොට විනාශ කරමින් මේ සිදු කරන ත්‍රස්තාවදීන් හුදෙක් කිසිදු අරමුණකින් තොරව තම බඩ වඩා ගැනීමේ අරමුණින් සිදු කරන්නක් බව අපට ඒත්තු ගන්වනවා. මේ හැම ත්‍රස්තවාදි සංවිධානයකම බැංකු ගිණුම් මේ අහිංසක ජනාතාවගේ ලෙයින් සරුවන බව මුළු ලෝකයම දන්න කරුණක්. එබැවින් කුරිරු ත්‍රස්තවාදී විනාශ කිරීම සදහා අප සැම අත්වැල් බැද ගත යුතු බව පසක් කරමින් මම මෙම සටහන අවසන් කරමි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි