නවතම පුවත්

ආණ්ඩුව දෙදරයි ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

.

ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තවත් සතියක කාලය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කර සිටි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය . 

මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ලබන සතියේදී සමගී ජනබල වේගය පක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව සුදානම් කර ඇති දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම එම දෝෂාභියෝගයට පක්ෂව සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගැන  ද මන්ත්‍රීවරයා කරුණු පැහැදිලි කර සිටියේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මෙසේද පැවසීය .

“113 හදන කල් පොඩ්ඩක් ඉන්න කියලා අපි සමගි ජනබල වේගයෙන් ඉල්ලීමක් කළා. ඔන්න දැන්නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. සමගි ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී ධුර 65 සමග ස්වාධින වූ මන්ත්‍රීවරුන් 42ක් විපක්ෂයේ අසුන් ගත්තා. පස්සේ අපෙන් තුන්දෙනෙක් ඇමති ධුර අරගෙන ඒ පැත්තට එකතු වුනා. ඉතිරි 39ය 65ට එකතු කරාම දැන් 104යි. 

ඊට පස්සේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දසදෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදුකළා. 104යි ඒ මන්ත්‍රීවරුන් 10යි එකතු වුණාම දැන් 114යි. 

20 වන සංශෝධනයේ දී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත්කර ගෙන තමන්ගේ පක්ෂවලට යළි ගොණු වුණා. දැන් 114යි තුනයි 117යි. 

ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයාත් තමන් අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් තමන් වහාම ඉවත්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කළාම දැන් 120යි. 

ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව ඉවත්විය යුතුයි කියන මතයේ දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 120ක්ම සිටිනවා. ඒ වගේම දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ පොහොට්ටුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් විශ්වාසභංගයක දී සහාය දැක්වීමට සිටින බව මම ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා”.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී