නවතම පුවත්

ආයුර්වේද දිනය සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

6 වන ආයුර්වේද දිනය නිමිත්තෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික ශාඛාව වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 2021 නොවැම්බර් 2 වන දින “පෝෂාන් සඳහා ආයුර්වේදය” යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් දෙමුහුන් ආකාරයෙන් සංවිධානය කරන ලදී. මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයට සීමිත සහභාගිවන්නන් සංඛ්‍යාවක් සහභාගී වූ අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ඇතුළු අනෙකුත් රටවලින් සහභාගිවන්නන් අතථ්‍ය ආකාරයෙන් සම්මන්ත්‍රණයට සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු වූයේ ආයුර්වේදය පිළිබඳ මෑතකාලීන පර්යේෂණ හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ වඩා හොඳ සෞඛ්‍යය සහ ජීවිතයක් සඳහා ආයුර්වේදය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්ත කිරීමයි.

. 2016 වසරේ සිට සෑම වසරකම ඉන්දීය රජය ආයුර්වේදය ප්‍රවර්ධනය, ප්‍රචාරණය සහ ප්‍රචලිත කිරීම සඳහා ධන්වන්තරී ජයන්තියේ දී (දන්තෙරාස්) ආයුර්වේද දිනය සමරයි. මෙම දිනය, වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ පුරාණ සංස්කෘත ග්‍රන්ථයක් වන සුශ්‍රැත සම්හිතා හි ‘ආයුර්වේදයේ දෙවියා’ ලෙසින් හඳුන්වනු ලබන ධන්වන්තරී දෙවියන්ගේ ජන්ම සංවත්සරය සිහිපත් කරයි. ආලෝකයේ උත්සවය වන දීපාවලි දින පහේ සැමරුමේ පළමු උත්සවය ද දන්තෙරාස් ය.

. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ශ්‍රී ගෝපාල් බග්ලේ මැතිතුමන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. දන්තෙරාස් සහ දීපාවලි වෙනුවෙන් සිය සුබපැතුම් ප්‍රකාශ කළ මහ කොමසාරිස්වරයා, රෝග නිවාරණය මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන සාකල්‍ය වෛද්‍ය ක්‍රමයක් ලෙස ආයුර්වේදයේ ඇති වැදගත්කම ඉස්මතු කළේය. ස්වාභාවික වෛද්‍ය ක්‍රමයක් ලෙස ආයුර්වේදය ශරීරයේ සහ පරිසරයේ සුසංයෝගය ප්‍රවර්ධනය කරන බව ඔහු අවධාරණය කළේය. ආයුර්වේදයේ සංවර්ධනයට හා ව්‍යාප්තියට බුදුදහමේ දායකත්වය ඉස්මතු කළ ඔහු නාලන්දා, තක්ෂිලා, වික්‍රමශිලා වැනි ලෝක ප්‍රකට භාරතීය විශ්වවිද්‍යාල මෙන්ම වාග්භට, නාගර්ජුන වැනි ප්‍රසිද්ධ බෞද්ධ විද්වතුන් සහ වෛද්‍යවරුන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරයන් සිහිපත් කළේය.

. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවාය. සහභාගී වූවන් අමතමින් ඇය ශතවර්ෂ ගණනාවක් පැරණි ආයුර්වේද සම්ප්‍රදාය වෛද්‍ය ක්‍රමයක් ලෙස පෙන්වා දුන් අතර බටහිර වෛද්‍ය විද්‍යාව වැඩි වැඩියෙන් ආයුර්වේදය කෙරෙහි අවධානය යොමු කරන බව සඳහන් කළාය. මෙම සම්මන්ත්‍රණය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකාවෙන් පැමිණි අනෙකුත් සම්භාවනීය කථිකයන් අතර ආයුර්වේද වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු රෙජිස්ට්‍රාර්, ශ්‍රී ලංකා ඖෂධීය ශාක සංරක්ෂණ සහ තිරසාර භාවිතය පිළිබඳ ව්‍යාපෘතියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා; කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආයුර්වේද ඖෂධවේදය හා ඖෂධ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ උපදේශක වෛද්‍ය, වෛද්‍ය පතිරගේ කමල් පෙරේරා; සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ සායනික අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය අජිත් අමරසිංහ යන මහත්වරු ද ඇතුළත් වූහ.

ඉන්දියාවේ කීර්තිමත් කථිකයන් අතර බැංගලෝරයේ ඒකාබද්ධ වෛද්‍ය රෝහලක් වන ආරෝග්‍යාදම් හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිත් සිං මහතා, කර්නාටක එස්ඩීඑම් ආයුර්වේද විද්‍යාලය සහ රෝහලෙ හි රසශාස්ත්‍ර සහ භෛෂජ්‍ය කල්පනා අංශයේ මහාචාර්ය වෛද්‍ය ගෝවින්ද ශර්මා මහතා; එස්ඩීඑම් ආයුර්වේද විද්‍යාලය සහ රෝහලෙ හි පර්යේෂණ සහ සංවර්ධන පීඨාධිපති, මනසාරෝගා අංශයේ ප්‍රධානී, මහාචාර්ය වෛද්‍ය සුහස් කුමාර් ෂෙට්ටි මහතා; ඒකාබද්ධ වෛද්‍ය පාදක මධ්‍යස්ථාන පිළිබඳ විවේකානන්ද ගෝලීය සෞඛ්‍ය ජාලයේ සම-නිර්මාතෘ සහ වෛද්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය වසුධා ෂර්මා මහත්මිය; සහ කර්නාටක රජීව් ගාන්ධි අධ්‍යාපන සංගමයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපදේශක සහ සහකාර මහාචාර්ය ශ්‍රේයස් එස්. මහතා ද විය.

සිංගප්පූරුවේ සිට, සායනික පර්යේෂක සහ කර්තෘ, ආයුර්වේද යෝග චිකිත්සක උපදේශක සහ එක්සත් යෝගා ආයුර්වේදයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සත්‍යම් ත්‍රිපාති මහතා ද මෙම අවස්ථාවේ දී අදහස් දැක්වීය.

. දුරාචාර නැති කිරීම, ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සහ ජීවිතයේ සහජීවනය පවත්වා ගැනීම සඳහා ආයුර්වේදයේ වැදගත්කම විද්වතුන් විසින් ඉස්මතු කරන ලදී. ඔවුන් ආයුර්වේද ප්‍රතිකාරයේ දී ආහාර, ඖෂධ පැළෑටි සහ කුළුබඩුවල කාර්යභාරය ද පැහැදිලි කළහ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ආයුර්වේද සිසුන් ඇතුළු 100 ක පමණ පිරිසක් මෙම වෙබිනාර් සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ.

. ඉන්දියානු රජයේ ආයුර්වේද, යෝග, ස්වභාවික චිකිත්සාව, යුනානි, සිද්ධ, සෝවා-රිග්පා සහ හෝමියෝපති (‘ආයුෂ්’ AYUSH ලෙස කෙටියෙන්) අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දේශීය විකල්ප වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය, අධ්‍යාපනය, පර්යේෂණ සහ ප්‍රචාරණය සඳහා මුලපිරීම් මාලාවක් ආරම්භ කර ඇත. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිය ඉහළ නංවන සහ යහපත් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කරන විශේෂිත මාර්ගෝපදේශ ද අමාත්‍යාංශ ද්විත්වය විසින් නිකුත් කර ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී