නවතම පුවත්

ආර්ථිකය පහළ යද්දී ඉහළ යන සොරකම

අසංක

අසංක

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ වන විට රටේ සොරකම් සහ මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇත්තේ පෙර නොවූ විරූ ලෙසිනි. එහෙත් බොහෝ සොරකම් ගැන පැමිණිලි පොලිස් පොත්වල සටහන් නොවන ගානය. ඒ පොලීසිය තම වසම්වල අපරාධ වැඩි යැයි පෙන්වන්නට බැරිකම නිසාය. ඒ වෙනුවට පොලීසිය විකල්ප ක්‍රම අනුගමනය කරන්නේ පැමිණිලිකරුව රස්තියාදුකරමින් පැමිණිල්ල කිරීමට අධෛර්‍යමත් කරමිනි.

බත්මුට්ටියේ සිට මිනිස් ජීවිත බිලි ගෙන කරනු ලබන කුඩා සොරකම් දක්වා මේ වන විට රටේ සොරකම් ඉහළ ගොස් හමාරය. මෙම මාසය තුළදී පමණක් නිවෙස්වල හුදෙකලාව ජීවත්වූ කාන්තාවන් 06 දෙනෙක් ඝාතනයකර දේපොල කොල්ලකා තිබුණි. පොල්ගහවෙල නිවසක ජීවත්වූ 73 හැවරදි කාන්තාවක් මරා කොල්ලකා තිබුණේ කනේ පැලැදි තෝඩු දෙක පමණි. ඒ ඇගේ කන්පෙතිද ඉරාය.

එවැනිම ඝාතනයක් මාතලේ සිදුවී තිබුණි. එම ඝාතනයේත් පොල්ගහවෙලත් ඝාතකයා එක් අයෙකුමය. මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් වන ඔහු විසින් කිරිබත්ගොඩ පැත්තේ උකස් මධ්‍යස්ථානයකට අලෙවිකර තිබුණු පොල්ගහවෙල කාන්තාවගේ කරාබු ජෝඩුවද පොලීසිය සොයාගෙන තිබුණේය. ඒ හැරුණු කොට සෙසු ඝාතන තාම ඇත්තේ නොවිසිදුණු ඝාතන ලෙසිණි.

පොලිස් සංඛ්‍යා දත්තයන්ට අනුව අප රටේ ග්‍රහණ අපරාධ ලෙසින් ලේඛනගත වන බරපතල අපරාධ ලේඛනයට අනුව වසරකට සිදුවන අපරාධ අතරින් සියයට 40ක් 45ක් පමණ ඇත්තේ සොරකම්, ගෙවල් බිදුම් සහ මංකොල්ලකෑම්ය.

ගෙවී ගිය 2021, 2020,2029,2018 සහ 2017 යන වසර පහක කාලය තුළ අපේ රටේ සිදුව ඇති ග්‍රහණ අරාධ ගණන173,421කි.ඒ අතර ඇති නිවෙස් බිදුම් , මංකොල්ලකෑම් සහ දේපොල සොරා ගැනීම් ගණන 76,572කි.

ඒ අනුව බලන කළ පසුගිය පස් වසරේ රටේ සිදුව ඇති සමස්ත ග්‍රහණ අපරාධ අතරින් නිවෙස් බිදුම් ,කොල්ලකෑම් සහ දේපොල සොරා ගැනීම් ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 44කි.

පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්තයන්ට අනුව එම පස් වසර තුළ නිවෙස් බිඳුම් ගණණ 38,480කි. මංකොල්ලකෑම් ගණන 13,881කි. දේපොල සොරා ගැනීම් ගණන 24,211කි.

2021 වසරේ ග්‍රහණ අපරාධ 35412ක් රටේ සිදුවන විට නිවෙස් බිදුම් සිදුව ඇත්තේ 6840කි. මංකොල්ලකෑම් සිදුව ඇත්තේ 2277කි. දෙපොල සොරා ගැනීම් සිදුව ඇත්තේ 4801කි.

2021 වසරේ සිදුවූ සමස්ත අපරාධ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ නිවෙස් බිඳුම්, කොල්ලකෑම් සහ දේපොල සොරා ගැනීම් වාර්තා වී ඇත්තේ සියයට 40ක ප්‍රමාණයකි.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන්ද සංඛ්‍යා දත්තයක් සමස්ත අපරාධ අතර ගොනුවී තිබේ. ඊට අනුව මත්ද්‍රව්‍ය වැරදි 10,950ක් වාර්තා වී ඇත. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 30 ක පමණ වූ ප්‍රමණයකි.

ඒ අනුව ගත් කළ 2021 වසරේ රටේ සමස්ත ග්‍රහණ අපරාධ අතරින් සියයට 70ක්ම බෙදී යන්නේ සොරකම්, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. සෙසු සියයට 30 බෙදී යන්නේ මිනිස් ඝාතන, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යාම්, අපහරණය, රාජ්‍ය විරෝධි වැරදි, ඝාතන තැත් කිරීම්, බරපතල පහරදීම්, අස්වාභාවික වැරදි, වැනි ගොනුකර ඇති අපරාධ 22කටය. ඒ අනුව සොරකම් සහ මංකොල්ලකෑම් කොතරම් ඉහළ යාමක් අපේ රටේ සිදුවෙමින් බවතිනවාදැයි පැහැදිලිය. මේ තත්ත්වය මෙම වසරේ දෙතුන් ගුණයකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය. ඒ ලැබෙන සෑම පැමිණිල්ලක්ම පොලීසියේ පොත්වල ලියැවුණොත් පමණි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී