නවතම පුවත්

ඇදවැටුණු සංචාරක කර්මාන්තය ගොඩගැනීමටනම් …….

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී  ලංකාවේ සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීමට නම් , ඉදිරියේදී සම්ප්‍රදායික ක්‍රමවේදයන් තුලම එල්බ නොසිට , “නව සාමාන්‍යයට” ගැලපෙන , ප්‍රජාමූලිකත්වය, විනය , හා තිරසාර සංවර්ධනය පදනම් කරගත් , නව මානයක් කරා එය ගෙන යාමට , අදාළ සියලුම පාර්ශව සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා අවධාරණය කර සිටී .

විදෙස් සංචාරකයින්ට හෙට සිට නැවත වරක් මෙරට දොරගුළු විවෘතවීම පිළිබඳව අප වෙත අදහස් දක්වමින් මහාචාරයවරයා මේ බව සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

” සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපළවල් විවෘත කිරීම, මේ මොහොතේ අනිවාර්යයෙන්ම කලයුතුයි . තවදුරටත් රට වසාගෙන සිටීමට හැකියාවක් නැහැ . එසේ වසාගෙන සිටියහොත් , සංචාරක කර්මාන්තය හා සම්භන්ධ මෙරට ලක්‍ෂ 20ක අධික පිරිසකට තම ජීවනෝපායන් තවදුරටත් අහිමිවනවා.

නමුත් මේ මොහොතේ සංචාරක කර්මාන්තය සඳහා රට විවෘත කිරීම නිශ්චිත සැලසුමක් ඇතිව සිදුකල යුත්තක් . ඉදිරියේදී අපට මුහුණ දීමට සිදුවන අභියෝග බරපතලයි . ඒවාට නිසි ලෙස මුහුණ දෙමින් මෙරට සංචාරක කර්මාන්තය යලි ඉහලට ඔසවා තැබීමට නම් අප විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කල යුතුයි .

සම්ප්‍රදායික ක්‍රමවේදයන් තුලම එල්බ නොසිට , අලුතින් සිතා , මෙරට සංචාරක කර්මාන්තය නව මානයකට යොමු කරලීමට මෙහිදී සියලු පාර්ශව අත්වැල් බැඳ ගත යුතුමයි .

නව සාමාන්‍යය…

ඒ අනුව “නව සාමාන්‍යයට” ගැලපෙන ලෙස මෙරට සංචාරක ව්‍යාපාරය හැඩගස්වා ගැනීම ඉතාම වැදගත්. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ශ්‍රී ලංකික ජනතාවගේ සෞඛ්‍යයට හානියක් සිදුනොවීම පමණක් නොව මෙරටට පැමිණෙන සංචාරකයාගේ සෞඛ්‍යයද ආරක්‍ෂා වන ආකාරයෙන් එම ක්‍රමවේද සැකසිය යුතුයි .

විනයානුකූල බව…

එසේම සංචාරක කර්මාන්තය තුල විනයානුකූල බව නිසි ලෙස ස්ථාපිත කිරීමද ඉතා වැදගත් . මෙහි වගකීම රජයට පමණක් පවරා අත සෝදා ගන්න කිසිවකුටත් බැහැ , සමස්තයක් ලෙස මෙරට විනයානුකූල සංචාරක කර්මාන්තයක් ගොඩනැංවීම සඳහා ඊට අදාළ , බලධාරීන් මෙන්ම සංචාරක මග පෙන්වන්නන් , නියෝජිත ආයතන , හෝටල් හිමියන් ආදී සියලුම පාර්ශව සාමූහිකව කටයුතු කල යුතුයි .

විනයානුකූල බව ගොඩනැංවීම හරහා සංචාරක කර්මාන්තය තුල ආදායම් ඉපයීමේ ඉපයීමේ හැකියාව අඩුවන බවට ඇතැමුන් තුල මතයක් තිබෙනවා , නමුත් එය නිවැරදි නැහැ . විනයානුකූලව සියලු කටයුතු සිදුවන රටක සංචාරය කිරීම සංචාරකයින් බහුතරයක් කැමැත්ත දක්වනවා. එසේම ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තය පිලිබඳ යහපත් ආකල්පයක්ද විදෙස් රටවල් තුල තවදුරටත් වර්ධනය වනවා.

සාධාරණත්වය…

එසේම සාධාරණත්වය ද සංචාරක කර්මාන්තය තුල ස්ථාපිත කල යුතුයි . එහිදී වැදගත් වන්නේ සංචාරක කර්මාන්තයට සම්භන්ධ සියලු දෙනාටම තම දායකත්වයට හා කාර්යභාරයට සරිලන ලෙස ආදායම් හා ලාභ ඉපයීමේ හැකියාව ලබාදීමයි .එනම් එම සැමදෙනාටම සාධාරණ ලෙස අවස්ථාවන් බෙදීයාමයි . එක් පිරිසකට පමණක් වාසි අත්වන ලෙස කටයුතු කිරීම හරහා ගැටළු මතුවනවා . ඒ ගැන විශේෂයෙන් බලධාරීන් අවධානය යොමු කල යුතුයි .

සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු වැඩසටහනේදී අඩු පාඩු සිදුවුනා . විශේෂයෙන්ම මෙම විනය හා සාධාරණත්වය යන අංගයන්ට අදාලව අඩුපාඩු කිහිපයක්ම සිදුවුණා , එම අඩුපාඩු ඉදිරියේදී අනිවාර්යයෙන්ම නිවැරදි කරගත යුතුයි .

තිරසාර සංචාරක කර්මාන්තයක් …

මෙරට සංචාරක කර්මාන්තය , තිරසර සංවර්ධනය යන සංකල්පය ඔස්සේ ඉදිරියට ගෙන යා යුතුයි . මෙම රජය ඉදිරිපත් කල ආර්ථික සැලැස්ම තුලද එය පැහැදිලිවම සඳහන් වනවා. ඒ අනුව සංචාරක කර්මාන්තය දියුණු කල යුත්තේ , පරිසරය , ජන සමාජය ඇතුළු සියල්ලද ආරක්ෂා කරගනිමින් බව ඉතා පැහැදිලියි . උදාහරණයක් ලෙස වනාන්තර විනාශ කර , පරිසර පද්ධති විනාශ කර , සංචාරක හෝටල් ඉදිකිරීම තිරසර සංවර්ධන සංකලපයන්ට පටහැණියි .

ප්‍රජාමූලිකත්වය…

එසේම මෙම සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේදී සමාජයේ සෑම ස්ථරයකටම එහි ප්‍රතිලාභ බෙදී යාමද වැදගත් වනවා . ඒ අනුව අප ප්‍රජාමූලික සංචාරක කර්මාන්තයකට තමයි ඉදිරියේදී යොමුවිය යුත්තේ . කර්මාන්තයෙන් සමාජයේ බොහෝ පිරිසකට ආදායම් හිමිවිය යුතු අතරම , මෙරටට විදෙස් සංචාරකයින්ගෙන් ලැබෙන අදායම මෙරට තුලම රැදී පැවතීමද ඉතා වැදගත් කරුණක් . ඒ බව තහවුරු කෙරෙන ආකාරයේ සැලසුම් ඉදිරියේදී වඩාත් පුළුල්ව සකස්විය යුතුව තිබෙනවා.

සාමූහික ප්‍රයත්නය

මෙලෙස අපගේ සංචාරක කර්මාන්තය තුල පවතින අඩුපාඩු සකස් කරගනිමින්  , මා ඉහත දැක්වූ සංකල්පයන් හා ක්‍රමවේදයන් මුල් කරගනිමින් මෙරට සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන ගියහොත් ඉතා කෙටි කලකින් කැපී පෙනෙන දියුණුවක් අත්පත් කරගැනීමට එම කර්මාන්ත ක්ෂේත්‍රයට හැකිවනු ඇතිබව පැහැදිලිවම කිව හැකියි .  මෙහිදී රජයට  හා බලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා , නමුත් සංචාරක ක්ෂේත්‍රය හා බැඳුනු අනෙකුත සාම අංශයකටමද මෙහිදී වගකීම් පැවරෙනවා . ඒ බව ඒ සියලුම දෙනා දැඩිවඅවබෝධ කරගතයුතුයි . මෙරට සංචාරක ක්ෂේත්‍රය දැනට වැටී තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩගත හැක්කේ එවන් සාමූහික ප්‍රයත්නයකින් පමණමයි ”

 

Sri Lanka recommended for 2021 tours | Daily News

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි