නවතම පුවත්

ඇඹුල්ගම ඝාතනය එතැනම සිදුවූ ඝාතනයක පලිගැනීමක්- 2නෙක් අත්අඩංගුවට

අසංක

අසංක

හංවැල්ලේ වෙඩිතැබීමකින් සිදුවූ ඝාතනයට යොදාගත් වෑන් රථය හා පුද්ගලයන් දෙදෙනෙකු තලංගම කුමාරවත්ත ප්‍රදේශයේ වැඩබිමකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ල ඇඹුල්ගම දී මෙම වෙඩිතැබීම සිදුවූ ස්ථානයේදීම පසුගිය වසරේ ඔක්තෝබරයේ පුද්ගලයකු කපාකොටා ඝාතනය කර තිබුණේ ඊයේ සිදුවීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා විසිනි.

එම ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිට නිදහස්ව පැමිණ මාසයක් ගතවන්නටත් පෙර 24 හැවිරිදි ඉඳුනිල් හෙවත් ඉන්ද්‍රා නමැත්තා මෙලෙස වෙඩිවැදීමෙන් මියගොස් ඇත.

පසුගිය වසරේ දී එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජික ඌරුජුවා නමැත්තාගේ ගෝලයෙකි.

ඊට පලිගැනීමක් ලෙස ඊයේ වෙඩිතැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඌරුජුවා විසින් බවට මුලික පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

ඝාතකයන් ඊයේ රාත්‍රියේ එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ තිබේ.

එතැන පිහිටි වඩේ කරත්තයක් ළඟ නැවතී සිටිමින් ඉන්ද්‍රා එනතුරු ඝාතකයන් රැක සිට ඇත.

ඉලක්කගත පුද්ගලයා පැමිණි පසු යතුරුපැදියෙන් ආ පුද්ගලයන් හා කුලියට ගත් වෑන් රථයෙන් ආ පුද්ගලයන් එක්ව ‍එහි පැමිණි පුද්ගලයන් තිදෙනාට වෙඩි තබා තියුණු ආයුධවලින් කපා කොටා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන දියත් වෙයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී