නවතම පුවත්

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු අටක් නිදහස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදුකරා යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අටකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

එම කොමිසම නඩුව ගොනු කර තිබෙන්නේ එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියට ගෙන යාමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමින් සඳහන් කර තිබුණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කොට තමා එම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බවයි පෙත්සමින් වැඩිදුරටත් කියා තිබුණේ.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය සහ එම නියෝගයට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගයද අත්හිටුවනු ලැබුවේය.

මේ අතර ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බවද විනිසුරු මඬුල්ල නියෝගය නිකුත් කරමින් සඳහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?