නවතම පුවත්

ඇෆ්ගනිස්තානයේ මීළඟ දේශපාලන ගොදුර කව්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තලේබාන්වරැ ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගැනීමත් සමඟ අවධානය යොමු වුයේ පන්ෂීර් නිමිනය වෙතයි. පන්ෂීර් නිමිනය යනු ” පංච සිංහ ⁣” දේශයයි. එය, වත්මන් ඇෆ්ගනිස්තානයේ 34 වැනි ප්‍රාන්තයයයි. එරට උතුරට වන්නට පිහිටා ඇති මෙම ප්‍රාන්තය , සුන්දර ප්‍රදේශයක්. තජික් වරැ බහුතරයක් එහි ජීවත් වෙනවා. ප්‍රාන්තය පරිපාලන පහසුවට දිස්ත්‍රික්ක හතකට බෙදා වෙන් කර තිබෙනවා.

එහි පිහිටි ගමි සංඛ්‍යාව 512 ක්. 2021 දී සිදු කෙරැණු ජන සංගනනයට අනුව එහි ජනගහනය 1,73, 000 ඉක්මනවා. Bazarak ප්‍රාන්තයේ අගනුවරයි. දැනට පරිපාලනය ගෙන යන්නේ, National Resistance Front of Afghanistan නමි විප්ලවීය සංවිධානයයි. ප්‍රාන්තයේ ප්‍රධාන ව්‍යවහාර භාෂාව “දාරී ” භාෂාවයි.

Afghanistan's Ahmed Masood says he will not surrender to Taliban: report - Indian Lekhak

අහමඩ් මෂූඩ්

2004 වසරේදී පර්වාන් ප්‍රාන්තයෙන් වෙන්වු පන්ෂීර් ප්‍රාන්තයෙහි අවසන් ආණ්ඩුකාරවරයා වුයේ, අසීෆ් සර්වාරියි. මෙම ප්‍රාන්තය මෙි වන විට මුළුමනින්ම තලේබාන්වරැන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රාන්තයක් වී හමාරයි. මෙි නිසා ජාත්‍යන්තරයේ අවධානය දැන් ඊට යොමු වී තිබෙනවා. තලෙබාන්වරැන්ට එරෙහිව එහි පාලනය ගෙන යන්නේ , අහමඩි මෂුඩි නැමැති විප්ලවීය නායකත්වයයි. ඔහුට විරැද්ධව තලෙබාන් සංවිධානය මෙි වන විටත් යුධ ප්‍රකාශ කොට අවසන්.

තලෙබාන් සංවිධානයහි අභිලාෂය වන්නේ, පන්ෂීර් ප්‍රාන්තයේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමයි. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. පැරැණි සෝවියට් හමුදාව ද පන්ෂීර් නිමිනය ආක්‍රමණය කිරීමට උත්සාහ දැරැවා. එහෙත් එම උත්සාහය ව්‍යවර්ථ වුණා. පන්ෂීර් වැසියන් ගේ රණකාමී බව හා භු විෂමතාව ඊට මුලික හේතුවයි.

අමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවටද පන්ෂීර් ප්‍රාන්තය යටත් කර ගැනීමට හෝ එහි තම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ . තලෙබාන්වරැන්ගේ මතවාදී ප්‍රවෙිශය මෙන් දැඩි ඉස්ලාමීය අන්තවාදයක් National Resistance Front හි දක්නට ලැබෙන්නේ නැත්තේ ඔවුන් මුළුමනින්ම තලේබාන් මතවාදයෙන් බැහැරව සිටින හෙයින්.

එහි වත්මන් නායකයා වු , අහමඩි මෂුඩි වොෂින්ටනයේ පෝස්ටි පුවත් පතට ප්‍රකාශ කළේ , තම සංවිධානය කිසිදාක තලෙබාන් සංවිධානයට යටත් නොවන බවයි. මෙම වත්මන් රණකාමී නායකයාට ඉතිහාසයක් ද තිබෙනවා. ඔහු, එකල රණකාමී නායකත්වය හිමි, තජික් කොමාන්ඩර්වරයෙකු වු, අහමඩි ෂා මෂුඩි ගේ පුත්‍රයා යි.

ඔහු, සෝවියට් විරෝධී මෙන්ම, තලෙබාන් විරෝධී නායකයෙක්. හෙතෙම තම ප්‍රාන්තයේ ඇති වටිනා සමිපත් රැකාගෙන , දේශයේ සශ්‍රිකත්වය අපේක්ෂා කළ පුද්ගලයකු වනවා. ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛතම ගරිල්ලා නායකයෙකු වු අහමඩි ෂා මෂුඩි ගේ පුත්‍ර වත්මන් පන්ෂීර් නායකයා තලෙබාන්වරැන් ගෙන් තම ප්‍රාන්තය ආරක්ෂා කරගැනීමට දිවි හිමියෙන් ක්‍රියා කරනවා.

SAS-trained Afghan troops will fight to 'last drop of blood' against Taliban

අහමඩ් ශා මශූඩ්

එය මෙි වන විට ලෝක ප්‍රජාවගේ අවධානයට යොමුව තිබෙනවා. කාබුල් නගරයට යමි දුරකින් පිහිටා තිබෙන පන්ෂීර් ප්‍රාන්තය යුධමය අතින් වැදගත් මර්මස්ථානයක්. උපාය මාර්ගිකව ගත්කල, එම ප්‍රාන්තය, තලෙබාන් සංවිධානයට මෙන්ම , පන්ෂීර් පරිපාලනයටද වැදගත්. කාබුල් අගනුවර කේන්ද්‍රීය බලය තහවුරු කොට පවත්වා ගැනීමට නමි, පන්ෂීර් ප්‍රාන්තය අතිශයින්ම වැදගත් වනවා. නැතහොත් කාබුල් අගනුවර යලි යලිත් අනතුරේ හෙලනු ඇති. එමෙන්ම, දැඩි තලෙබාන් විරෝධී මන්ෂූර් නායකයා කුමන මොහොතක හෝ තමන්ට විරැද්ධව ක්‍රියාත්මක වන බව, තලේබාන්වරැ දන්නවා. ඒ, විදෙස් බලවෙිගයකද ආධාරයෙන්. ලොව මැතකාලයේ සටන්කාමී / ත්‍රස්තවාදී සංවිධානයකට පාලන බලය භාරදී ඉවත් වු විදෙස් හමුදාවක් සිටියේ නමි ඒ ඇෆ්ගනිස්තානයේ ඇතිවු තත්ත්වයයි. එය බරපතල තත්ත්වයක්. සියලු මානව අයිතිවාසිකම් පගා දැමීමට තලෙබාන්වරැන්ට මෙමමගින් හැකියාව ලැබී තිබෙනවා.

සෝවියට් – අමරිකානු සීතල යුධ සමයේදී වත් එවැනි තත්ත්වයක් ලොව දක්නට ලැබුණේ නැහැ. ඉන් පසුවත් ලෝක දේශපාලනයේ එවැනි තත්ත්වයක් ඇතිවුයේ නැහැ. ටිමෝර් ගැටලු⁣වෙිදී පවා සිදුවුයේ, රට දෙකඩ වීමයි. ඇෆ්ගනිස්තානයේ බලය සමිපුර්ණයෙන්ම ඩැහැ ගැනීමට අමරිකාවට හෝ සෝවියට් හමුදාව හැකි වුයේ නැහැ.

මෙහි විශේෂත්වය වන්නේ තලෙබාන්වරැන්ගේ අන්ත ඉස්ලාමීයකරණයට එරට පුරැෂ මුලික සමාජය සමිපුර්ණ සහය පල කිරීමයි. එම කැමත්ත හමුවෙි තලෙබාන් මතවාදය ශක්තිමත් වුණා. දැඩි පුරැෂාධිත්‍යය, දේශපාලන ආධිපත්‍යය, අන්තවාදී චින්තනය හා මතවාදය සමඟ කැලතී , ආගමික රාජ්‍යයක් දැන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගෙන සිටිනවා. එය, ශක්තිමත් මතවාදී රාජ්‍ය ව්‍යුහයක්.

පන්ෂීර් ප්‍රාන්තයේ බලය තහවුරැ කිරීමට තලෙබාන් – විප්ලවීය හමුදා අතර සටන් ඇවිලී තිබෙනවා. මන්ෂූර් නායකයා කියා සිටියේ, තම ජනතාව ගේ නිදහස හා අභිමානය කිසිදු අයුරකින්, පවා නොදෙන බවයි. ඔහු, විදෙස් රෑපවාහිනි නාලිකාවකට ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළා.
මෙි අතර, තලෙබාන් සංවිධානය පවසන්නේ, තමන් රජයක් පිහිටුවීමට පෙර, පන්ෂීර් ප්‍රාන්තය අත්පත් කර ගන්නා බවයි. ඔවුන් ඊට සිය උපරිම ශක්තිය යොදවනු ඇති. තලෙබාන්වරැන්ට දැන් විදෙස් හමුදා සමඟ සටන් කිරීමට අවශ්‍ය නැහැ. වෙනත් දෘෂ්‍යමාන සතුරන්ද නැහැ. එබැවින් , මුළු ශක්තියම යොදා පන්ෂීර් ප්‍රාන්තය එරෙහිව සටන් කිරීමට හැකියි. මෙි වන විටත් සිය සාමාජිකයන් පන්ෂීර් නිමිනය ආසන්නයේ ස්ථාන ගත කර තිබෙනවා.

පසුගිය ගැටුම් වලදී දෙපාර්ශවයේම සාමාජිකත්වයට හානි වුණා. තලෙබාන් සංවිධානය පවසන්නේ , පන්ෂීර් නිමිනය අවට ඇති බිමි බෝම්බ හේතුවෙන්, ප්‍රාන්තයට ඇතුළු විය නොහැකි බවයි. කෙසේ වෙතත් පන්ෂීර් අර්බුදය ලොව ප්‍රබල මාතෘකාවක් වන අයුරැ දක්නට හැකි අතර, ඊට ඇතැමි විට බලවතුන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මැදිහත් වීමට පුළුවන්. ඒ පන්ෂීර් ප්‍රාන්තයේ නිරායුද ජනතාව රැකගැනීමෙි අභිලාෂයෙන්.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?