නවතම පුවත්

“ඉදිරි සති අමාරුයි.. අනාගතය සුබයි” – අගමැති

අසංක

අසංක

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය පවතින තත්ත්වයට වඩා අසීරු කාලයක් විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු අද විශේෂ නිවේදනයක් කරමින් කියාසිටියේ තමා වත්මන් ඉන්ධන, පොහොර මෙන්ම සමස්ත ආර්ථික ත්ත්වය සමාලෝචනයට ලක්කිරීමෙන් අනතුරුව මේ බව පෙනී ගිය බවයි.

ජනතාවට ඇත්ත පැවසීම කළ යුතු අතර කෙසේවෙතත් ඉදිරි‍ කාලයේදී මෙම අර්බුදවලින් ගොඩඒමට හැකි යැයි තමා විශ්වාස කරන බව ද අගමැතිවරයා කීය.

කෙසේවෙතත් විදේශ රාජ්‍ය හා සංවිධාන සමග සාකච්ඡා අඛණ්ඩව සිදුවන නමුත් එම සහන ලැබීමට මාස 2-3ක් පමණ ගතවනු ඇති බව ද අගමැතිවරයා කීය.

“ඊයෙත් අදත් විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය, අපේ ඉන්ධන තත්ත්වය, පෙහොර තත්ත්වය හැම එකක් ගැනම සමාලෝචනය කළා. ඒ සමාලෝචනයේදී පෙනෙන්නේ සූදානමක් නොතිබුන නිසා අපිට යම්කිසි හිඟයකට ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙනවා කියලයි. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඊළඟ සති කිහිපය තුලදි තමයි අපිට අමාරුම කාලය එන්නේ. ඒ ගැන මම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වාසය තියෙනවා අපි මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් අපිට ගොඩඑන්න පුළුවන් කියලා.

මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරුන් හා අනිත් නියෝජිතයින් සමඟ මම ඊයෙත් අදත් සාකච්ඡා කළා. එහි ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදුවෙනවා ඒ රටවල්වලට අපිට අද තියෙන තත්ත්වය දැනුම් දීලා මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරලා අදාල ගිවිසුමවලට ඇතුළුවෙන්න. ඉන්දියාව වගේ රටවල් එක්ක ඒවගේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වැඩකටයුතු අවසන් කරන්න මාස දෙකක් තුනක් යයි. ඊට පස්සේ මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන අනාගතය සුබ අතට හැරෙන්න ඉඩ තියෙනවා.” යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව මෙතැනින්

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි