නවතම පුවත්

ඉන්ටග්‍රිටි Slim Brand Excellence සම්මානයෙන් පිදුම් ලබයි

අසංක

අසංක

ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලේ  කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය හොදම සන්නාමයෙන් ඉන්ටග්‍රිටි පිදුම් ලබයි

ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන “ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලේ කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය හොදම සන්නාමයට හිමි  රන් සම්මානය ලංකාවේ ගෘහස්ත හා ව්‍යාපාරික ආයතනවල නඩත්තු හා සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වන ඉන්ටග්‍රිටි ඇසෝසියේට්ස්  ආයතනයට හිමිවිය.

වසර පහලොවක් තිස්සේ අඛණ්ඩව තත්වයෙන් උසස් සේවාවක් ලබාදෙන ඉන්ටග්‍රිටි ඇසෝසියේට්ස් ආයතනය සිය සේවාවන් නොකඩවා ගුණාත්මකභාවය වැඩි කරමින් ලබාදීම හමුවේ ස්ලිම් සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවිය.

ලංකාවේ තිබෙන ආයතන විශාල සංඛ්‍යාවක් සමග තරග කරමින් ස්ලිම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මානය දිනාගැනීමට හැකියාව ලැබුණේ ඉන්ටග්‍රිටි ආයතනය සන්නාමයක් ලෙස සිය සේවා දායකයින් වෙත වඩාත් සමීපවීම හමුවේය.

” ස්ලිම් යනු ලංකාවේ සන්නාම සදහා ඇගයීම් කරන එකම ආයතනයයි. ලංකාවේ සිටින හොදම අලෙවිකරුවන්ගේ පරීක්ෂාවට ලක්වීමෙන් පසුව තමයි අපිට මේ සම්මානය ලැබුණේ.  වසර පහලොවක් තිස්සේ නොකඩවා තත්වයෙන් උසස් සේවාවන් ලබාදීමට අපිට හැකියාවක් ලැබුණා. අපි වසර පහළොවක් තිස්සේ අපි බ්‍රෑන්ඩ් එකක් විදියට අපේ සේවාවන් නොකඩවා ගුණාත්මකභාවය වැඩි කරමින් ලබාදී තිබෙනවා. ඒත් එක්කම ආයතනයක් විදියට ගත්තාම ඉන්ටග්‍රිටි ලංකාවේ හරි පාරේ යන ආයතනයක් විදියකට පවත්වාගෙන ගියා. අපි නියම ආකාරයට බදු ගෙව්වා. සේවක අර්ථසාක අරමුදල් ගෙව්වා. ලාභ ඉපයූවා. එහි ප්‍රතිඵලයක් ලෙස සන්නාමයක් ලෙස ඉන්ටග්‍රිටි කියන සන්නාමය ඉහළට ඔසවා තැබීමට අපිට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ස්ලිම් සම්මානයක් ලබාගැනීමට අපිට හැකියාව ලැබුණේ” ඉන්ටග්‍රිටි ඇසෝසියේට්ස් හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ භාග්‍ය කාරියවසම් පැවසුවේය.

ගෘහස්ත හා ව්‍යාපාරික අංශයන්හි පැය විසිහතර පුරාම විශ්වසනීය ලෙස නඩත්තු සේවා සපයන ලංකාවේ පිහිටි එකම ආයතනය වන්නේ ඉන්ටග්‍රිටි ආයතනයයි.

“නිවාස හා ව්‍යාපාරික ආයතනවල දෛනිකව ඇතිවන සියලුම නඩත්තු කටයුතු කරන ආයතනයක්. ඒ කියන්නේ විදුලි, ජලනල, අලුත්වැඩියා, පිංතාරු, කටයුතුවල සිට ගොඩනැගිලි නවීකරණය දක්වා වන සියලුම නඩත්තු සේවා අපි සපයනවා. අපිට පැය විසිහතර පුරාම සේවය ලබාදිය හැකි පූර්ණ කාලීන කාර්යමණ්ඩලයක් ඉන්නවා. අපෙන් සේවාවක් ලබාගන්න ඔනම අයෙක්ට දවසේ ඔනම වෙලාවක නිවසේ හෝ  ව්‍යාපාරික ස්ථානයේ හෝ  නඩත්තු කටයුත්තක් තිබෙනවා නම් කරන්න තියෙන්නේ අපිට කෝල් එකක් දෙන එක විතරයි. අපිට ඇමතුමක් ලැබිලා පැයක් ඇතුළත අදාල ස්ථානයට ගිහින් නඩත්තු කටයුතු කළ හැකි කාර්යාක්ෂම කාර්යමණ්ඩලක් අපිට ඉන්නවා” සිය කාර්ය මණ්ඩලය පිළිබද අදහස් දැක්වූ භාග්‍ය කාරියවසම් කීවේය.

පසුගිය වසර හතර පුරාම ජාතික මට්ටමෙන් හා පළාත් මට්ටමෙන් පැවති සම්මාන ප්‍රදානෝත්සවයන්හිදී සම්මාන රැසක් ලබාගෙන තිබෙන ඉන්ටග්‍රිටි ආයතනය, ජාතික ප්‍රමිති ආයතනය විසින් ලබාදෙන ජාතික ප්‍රමිති සම්මානයද මේ වසරේදී හිමිකරගත්තේය. ISO 9001:2015, ISO 14001:2015, OHSAS 18001:2007 යන ජාත්‍යන්තර තත්ව සම්මානය ද ලබාගෙන ඇති ඒකම නඩත්තු සේවා සපයන ආයතනද වේ.

තවද ලංකාවේ  විකිරණ ආරක්ෂක මෙවලම් නිශ්පාදනය හා බෙදාහැරීම් සිදුකරනු ලබන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන්නේ ඉන්ටග්‍රිටි ආයතනයයි.

වසර පුරාම, පැය විසි හතර පුරා තමන්ගේම කාර්යමණ්ඩලයක් හරහා නිවාසවල හා ව්‍යාපාරික ආයතනවල නඩත්තු කටයුතු සිදුකරන ඉන්ටග්‍රිටි ඇසෝසියේට්ස් පසුගියදා සිය පහළොස්වැනි සංවත්සරය සැමරුවේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී