නවතම පුවත්

ඉන්ධන මිල යලි ඉහලට ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදුකළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුවද මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන විට අමෙරිකානු ඩොලරය රුපියල් 330ක් පැවතිය බවත් එය මේ වන විට රුපියල් 360ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කර සිටියා.

අප්‍රේල් මස 18 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පෙර ලංකා ඛනිජ තෙල් සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 1613ක පාඩුවක් ලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මිට වසර දෙකකට පෙර මාසිකව ඉන්ධන ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට වැය කිරීමට සිදුවුයේ ඩොලර් මිලියන 150ක මුදලක් බවත්, දැන් ලෝක වෙළෙදපලේ බොරතෙල් මිල ඉහළ යෑම ඇතුළු කරුණු හේතුවෙන් මේ වන විට මැයි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කර සිටියා.

භූමිතෙල් ලීටරයක් මෙරට ජනතාවට රුපියල් 87කට ලබාදීමට රජය පියවර ගත්තද, භූමිතෙල් ලීටරයක් සඳහා රජයට වැය වන මුදල් රුපියල් 313ක් බව පැවසූ අමාත්‍යවරයා, ඩිසල් සහ පෙට්ට්‍රල් සඳහා ද රජය තවමත් ජනතාවට සහනාධාර ලබාදෙමින් සිටින බව කියා සිටියා.

මේ හේතුවෙන් ලබන පාඩුව අවම කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා LIOC සමාගම සහ CPC සමාගම කැබිනට් මණ්ඩලයට විනිවිද භාවයකින් යුතු මිල සුත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටියේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී